දෝනිට පුතෙක් වූ මතීෂ

“බැට් එක පිච්චුවේ එයාව බෝලර් කෙනෙක් කරන්න”
මතීෂ පතිරණගේ මව ශානිකා රණසිංහ
ජුනි 19, 2023

 

“ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට හපනෙකි. අදට වඩා හෙට දිනයේදී ඔහුගේ දස්කම් ක්‍රිකට් පිටියේ අපට දැක ගන්නට ලැබෙනු ඇත. මතීෂ රැක ගැනීම බෙහෙවින්ම වැදගත්ය. අනාගතයේදී ඔහු ක්‍රීඩා පිටියේ දක්ෂ තරුවක් ලෙසින් දිලෙන බව මට විශ්වාසයි”. අනාගත ක්‍රීඩා තරුවක් පිළිබඳ සුබවාදී ලෙසින් මෙලෙස සඳහන් කරන්නේ ලෝකයක් ආදරය කළ ක්‍රීඩා ශූරයෙකි. එසේම ඉන්දියන් ක්‍රීඩා කණ්ඩායම බැබළවූ නායකයෙකි.

 

මේ දිනවල චෙන්නායි සුපර් කින්ස් ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි විශාල වගකීමක් දරන නායකයෙකි. ඔහු මෙලෙසින් අනාගතයේ බිහිවන ක්‍රීඩා තරුවක් ගැන පෙරනිමිති පළ කළේ පසුගියදා ඉන්දියාවේ පැවැති ධ්ර්‍ථඹ් ක්‍රිකට් ක්‍රීඩා තරගයට එක් වූ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩක මතීෂ පතිරණ නම් යෞවනයේ පොපියන දක්ෂතම ක්‍රීඩකයාගේ හැකියාවන් අගයමිනි. මතීෂ දක්ෂ පන්දු යවන්නකු ලෙසින් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමකට ක්‍රීඩා කරමින් දැක්වූ දස්කම් නිසාම අද ඔහු මුළු ලෝකයක් හඳුනාගෙන ඇත්තේ යෞවනයේ දිදුලන ක්‍රිකට් තරුවක් ලෙසිනි.

 

මේ ගැන දැනගන්නට අපට ඇති උනන්දුව නිසාම ඒ සාඩම්බර ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවන් වන මතීෂගේ ආදරණීය මව සහ පියා ඇතුළු පවුලේ සාමාජිකයන් හමුවීමට ගියේ පසුගියදා මතීෂ ලෝක කුසලාන තරගාවලියේ පුහුණු සැසියක් සඳහා පිටත්ව යාමට මොහොතකට පෙරය. ආදරණීය කැදැල්ලක් ලෙසින් මහත් බැඳීමක් ඇති මතීෂගේ පවුලේ සාමාජිකයෝ පස්දෙනෙකි. මතීෂගේ ආදරණීය පියා අනුර පතිරණ මහතා ව්‍යාපාර ක්ෂේත්‍රෙය් දිගු කාලයක් කටයුතු කරන ඉතාම නිහතමානී චරිතයකි. ඔහුගේ මව මේ සොඳුරු කැදැල්ලේ මිණි කිරුළ ලෙසින් එළිය කරයි. මතීෂගේ ආදරණීය මවවන ශාලිකා මැණික් රණසිංහ මහත්මිය මතීෂට වඩාත් ආදරය කරන ඇය, ඔහු සමඟ ළඟින්ම සිටියි. මේ පවුල තවත් හැඩ වන්නේ මතීෂගේ ආදරණීය වැඩිමහල් සොහොයුරියන් දෙදෙනාගෙනි. ඔහුගේ වැඩිමහල් සොයුරිය විසූකා පතිරණ කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියකි. බාල සොයුරිය වූ තරින්දි ද මෘදුකාංග ඉංජිනේරුවරියක වීමේ අපේක්ෂාවෙන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබයි.

 

මේ ආදර කැදැල්ලේ බඩ පිස්සා වූ මතීෂ ආ ගමන්මඟ දෙස ඔවුන්ට ඇත්තේ ආඩම්බරයකි. අප ඒ ගැන මුලින්ම විමසුවේ මතීෂගේ ආදරණීය මවගෙනි.

 

ඉතින් ඔබට හි‍ෙතන්නේ මොනවද ඔබේ පුතාගේ දස්කම් දකිනකොට...?

 

ඇත්තටම ඒ සතුට නම් කියාගන්න බැරි තරම්. අපි මේ දවස්වල දැක්කා පුතාට තිබුණ ප්‍රතිචාර. පුතාගේ නම ගහපු බෝඩ් එල්ලාගෙන ක්‍රීඩාපිටියට ප්‍රේක්ෂකයන් ඇවිත් හිටියා. ඒ සෑම දෙයටම වඩා වැදගත් දෙයක් අපි දැක්කා. එයා ක්‍රීඩා කරපු චෙන්නායි කණ්ඩායමේ නායක දෝණි කියන්නේ අතිදක්ෂයෙක්. ඔහු කිව්වා අපේ පුතා අදට වඩා වටින්නේ අනාගතයට කියලා. ඒ කියන්නේ මේ ක්‍රීඩකයා රැක ගන්න කියන පණිවුඩය දුන්නා. ඒ දක්වපු අදහස් හරිම වටිනවා. දැන් පුතාට වයස අවුරුදු 20යි. එයාට ක්‍රීඩාවේ ඉදිරියට යන්න කාලය තියනවා. මට හිතන්නේ මේ තරගාවලියේ ලබාගත්තු අත්දැකීම් එක්ක එයා හොඳ ගමනක් යයි කියලා. ඒ වගේම දෝනි කිව්වා මේ වයස් කාලයේදී මේ දේවල්වලට යොමු කරන්න. පුහුණුවීම කරන්න උපදෙස් දුන්නා. මේ දේවල් ඔහු කියන්න ඇත්තේ මෙයාගේ අනාගතය ගැන දැකලා වෙන්න ඇති. ඇත්තටම මගේ පුතාට ඉන්දියාවේ වගේම අපේ රටෙත් හොඳ ප්‍රතිචාර තියනවා. ඒක අපට හරිම සතුටක්.

 

මේ හැකියාව මතීෂට පුංචි කාලේ ඉඳලාම තිබුණු දෙයක්ද?

 

පුතාට තේරෙන වයස වෙනකොටම තමා බෝලෙයි බැට් එකයි අතට ගත්තේ. එයාට පුංචි කාලේ මුලින්ම සෙලල්ම් බඩු ගේන කොටම තාත්තා බෝලෙකුයි බැට් එකකුයි ගෙනත් දුන්නා. වැඩිපුරම පුතා ගන්නේ ඒකම තමා. යන එනකොටවත් එයා බෝලෙ විසි කරනවා. බැට් එකෙන් තට්ටුවක් දානවා. ඒවා තමයි ටික ටික

වැඩි දියුණු වෙලා ආවේ.

 

ඉතිං අම්මා මතීෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවාට කැමැත්තක් තිබුණද?

 

ඇත්තටම මට එහෙම දෙයක් නම් තිබුණෙම නැහැ. මගේ දරුවෝ තුන්දෙනා ඉපදුනාට පස්සේ මගේ ලොකුම හීනය වෙලා තිබුණේ දරුවෝ තුන්දෙනාටම හොඳට උගන්වලා සමාජයේ හොඳ තැනකට ගේන්න ඕනේ කියලා. මගේ හීනය තිබුණේ මතීෂව ගුවන් නියමුවෙක් කරන්න. මම පුංචි කාලේ ගුවන් හමුදා ප්‍රදර්ශනවලට ගෙනිහින් එයාට එව්වා පෙන්වනවා. පෙන්නලා එයාව ඒ පැත්තට යොමු කරන්න උත්සාහ කළා. ඒත් කොයි වෙලාවෙත් එයා පොඩි කාලේ ඉඳන්ම බැට් එකයි බෝලෙයි තමයි අතට ගත්තේ. ගෙදර වීදුරු ජනෙල්වල වීදුරු කඩනවා. ඒ වැඩේට තාත්තාත් හවුල් වෙනවා. මම දවසක් එයාගේ බැට් එකක් පිච්චුවා. මගේ ඉලක්කය තිබුණේ එයා ගුවන් නියමුවෙක් කරන්නනේ.

 

ඒ ගැන අද ඔබට මොකද හි‍ෙතන්නේ?

පුතා ධ්ර්‍ථඹ් මුල්ම ථචජඩ එකට ගිහින් ඇවිත් මගෙන් අහනවා. ඔයා මගේ බැට් එක පිච්චුවට මම ක්‍රිකටර් කෙනෙක් වුණානේ කියලා. එතකොට මම කිව්වා ඔයා බෝලර් කෙනෙක් වෙන බව දැනගෙන තමයි මම බැට් එක පිච්චුවේ කියලා. ඔයා බැට් කළා නම් අද බැට් කරනවානේ. මම කැමැති වුණේ ඔයා බෝලර් කෙනෙක් වෙනවාට කියලා. ඒවගේ දේවල් කරලත් එයාව වෙනස් කරන්න හැදුවා. ඒත් එයාගේ දෛවය එයාව මේ තැනටම ගෙනාවා.

 

මේ කතාව අතරට මතීෂගේ ආදරණීය පියා අනුර පතිරණත් එකතු වුණා. ක්‍රිකට් ක්‍රීඩාවට වඩාත් ළෙන්ගතු ඔහු මතීෂ ගැන පළ කළේ මෙවැනි අදහසක්.

 

ඇත්තටම මතීෂට කවුරුත් කියන්නේ පුංචි මාලිංග කියලානේ. නමුත් එයා එහෙම කෙනෙක් දැකලවත් නෙවෙයි ඒ විදිහට බෝල් කළේ. එයා මුලින්ම නුවර රණබිම විද්‍යාලයට බෝල් කළා. එතකොට තමයි එයා දැනගත්තේ එයා වගේ බෝල් කරන කෙනෙක් අපේ කණ්ඩායමේ ඉන්නවා. හැමෝම මාලිංග වගේ බෝල් කරනවා කිව්වා නිසා පුතා මාලිංග ගැන හොයන්න ගත්තා.

 

මතීෂගේ පාසල් ජීවිතය ගැනත් අපට කියන්නකෝ... ‍

එයා මුලින්ම ප්‍රාථමික අධයාපනය ලැබුවේ නුවර රණබිම විද්‍යාලයේ. ඒ පාසලෙන් තමයි ක්‍රිකට් පටන් ගත්තේ. එයාගේ මුල්ම පුහුණුකරු ලෙස හිටියේ සම්පත් සිල්වා. ඔහු පුංචි කාලෙදිම පුතාගේ හැකියාව හඳුනා ගත්තා. ඊට පස්සේ පුතා නුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් වුණා. එයා පාසල් යන කාලෙදිම තමයි ධ්ර්‍ථඹ් තේරුණේ. නමුත් එයාගේ අධ්‍යාපන කටයුතු නිසා ඒකට ගියේ නැහැ. එයා ඒ/ඹ් කළේ කොමස්. අධ්‍යාපන කටයුතු අවසන් වෙලා තමයි පොඩි පුතා ක්‍රිකට්වලට සම්පූර්ණයෙන්ම යොමු වුණේ.

 

අවසානයේ ඒ සොඳුරු පිළිසඳර නිම වූයේ මතීෂගේ මව ශානිකා ඔහුගේ ඉදිරි දස්කම් ගැන අපට මතක් කරමිනි. ඒ ඔහු ඉදිරියේදී ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන බව මහත් ආඩම්බරයෙන් පවසමිනි.