යොහාන් පීරිස් යුරෝපයේ උසම කඳු මුදුන තරණය කරයි

සැප්තැම්බර් 11, 2023

ශ්‍රී ලාංකික කඳු නැඟීමේ ලෝලියකුවන යොහාන් පීරිස්, මීටර් 5,642ක් උසින් පිහිටි, යුරෝපා මහාද්වීපයේ උසම කඳු මුදුනවන එල්බ්‍රස් කන්ද සාර්ථකව තරණය කළේය. ඉකුත් අගෝස්තු 22 වැනිදා උදෑසන 7.35ට, ඔහු මෙම කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට ද පත් විණි.

2018 මැයි මාසයේදී එවරස්ට් කන්ද සාර්ථකව තරණය කිරීමෙන් අනතුරුව, මහද්වීප හතෙන් හයකම උසින් වැඩිම කඳු මුදුන් තරණය කළ යොහාන් පීරිස් විසින් වඩාත් මෑතක තරණය කරන ලද කඳු මුදුන මෙය වෙයි. ඔහු විසින් තරණයකර ඇති කඳු වනුයේ එවරස්ට් කන්ද (ආසියාව), කිලිමන්ජාරෝ කන්ද (අප්‍රිකාව), කොස්කියුස්කෝ (ඕස්ට්‍රේලියාව), ඇලස්කාවේ ඩෙනාලි (උතුරු අමෙරිකාව), ආර්ජන්ටිනාවේ අකොන්කාගුවා කන්ද (දකුණු අමෙරිකාව) මෙන්ම, පසුගියදා තරණය කළ රුසියාවේ එල්බ්‍රස් කන්ද (යුරෝපය) වේ.

ඔහු 2024 දී ඇන්ටාක්ටිකාවේ Mtkinley කන්ද ද තරණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.