ලෙඩ නැති හෙටක් වෛද්‍ය කඳවුර සැප්තැම්බර් 17 කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ දී

සැප්තැම්බර් 11, 2023

බෝ නොවන රෝග සහිත පුද්ගලයන් හඳුනාගැනීම සඳහා පවත්වනු ලබන ලෙඩ නැති හෙටක් වෛද්‍ය කඳවුර මෙම මස 17 වැනි දින කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ දී පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා නොමිලයේ පැවැත්වේ.

මෙහිදී

* ස්ථානීය සීනි පරීක්ෂාව

* රුධිර පීඩන පරීක්ෂාව

* උස / බර සහ B.M.I පරීක්ෂාව

* ස්ථානීය පූර්ණ කොලෙස්ටෙරෝල් පරීක්ෂාව

* වෛද්‍යවරයෙක් හරහා පරීක්ෂණ කිරීම

* වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරීම

* මානසික ආතතිය පාලනය සම්බන්ධ උපදේශනය

* අක්ෂි පරීක්ෂාව / දත් පරීක්ෂාව

* E.C.G පරීක්ෂණ සහ රසායනාගාර

පරීක්ෂණ සඳහා රුධිර සාම්පල එකතු කිරීම

* Pap Smear පරීක්ෂාව

ඔබට නොමිලේම සිදුකර ගත හැකියි.