ආදරයේ AI සූත්‍රය

ජනවාරි 29, 2024

 

ප්‍රේමයේ සමීකරණය නිසි අයුරින් ගළපා ගැනීමට නම් ආදරයේ සූත්‍රය නිවැරදිව ගළපා ගත යුතුය. නොඑසේ නම් සිදුවන්නේ එය විසඳාගැනීමට නොහැකි අවුල් ජාලයක් වීම පමණි. එය පාර්ශ්ව දෙකටම පොදුය. ප්‍රේමය කෘත්‍රිම නැත. එය කාරුණිකය. දයාබරය.

එහෙත් වර්තමානයේ සිට කෘත්‍රිම කතා කෙසේ වෙතත් ආදරය තාක්ෂණික වූ බවක් පෙනෙන්නට තිබේ. එයට හේතුව වන්නේ ප්‍රේමයට AI තාක්ෂණයේ බලපෑම පෙනෙන්නට තිබෙන බැවිනි. දැනට ලෝක විද්වතුන් පවසන්නේ AI හේතුවෙන් සංවර්ධන වන රටවල යම් යම් ක්ෂේත්‍රයන්හි නිරත වන්නට තම රැකියා අහිමි වීමේ අවදානම සියයට හැටක් පමණ පවතින බවත් සංවර්ධනය වෙමින් පවතින රටවල එය 40%ක් බවත්ය. කොයිහැටි වෙතත් මේ කතාව AI හේතුකර ගනිමින් ප්‍රේමවන්තයකු සොයාගත් තරුණියක් පිළිබඳයි. ඇය අමෙරිකා එක්සත් ජනපදයේ Rosanna Ramos ය.

අමෙරිකා එක්සත් ජනපදයේ, නිව්ියෝක් බ්‍රොෙනාක්ස් හි පදිංචිව සිටි Rosannaට අවශ්‍ය වූයේ තම අවශ්‍යතාවයත්, මනාපයත් සහ හැඟීම් අවබෝධකර ගත හැකි ආකාරයේ පෙම්වතෙකි. එහෙත් ඇයට එය බෙහෙවින් අසීරු වුයේ මිනිස් සිත් සතන් නිවැරැදිව හඳුනාගත හැකි මාපකයක් සොයා ගැනීමට මෙලොව කිසිවකුටත් නොහැකි වූ නිසාවෙනි.

මේ හේතුවෙන් ඇයට තම පළමු විවාහ ජීවිතයේදී නිසි ආකාරයේ සතුට විඳගැනීමට නොහැකි විය. ඇයට අවශ්‍ය වුයේ තමන්ගේ සිතැඟි ආකාරයේ ප්‍රේමවන්තයකු සොයා ගැනීමයි. 1987 දී අමෙරිකා එක්සත් ජනපදයේ බ්‍රොෙනක්ස් හි උපන් Rosanna Ramos මේ වනවිිට 37 හැවිරිදිය.

අැය Apotheca Beadery හි හිමිකාරිනියයි. මේ මඟින් ඇය සිදු කරනුයේ ස්වර්ණභරණ සහ පබළු නිර්මාණය කිරීමත්, පරිසරය සහ වනසතුන් ආරක්ෂා කිරීම මෙන්ම අඩු ආදායම්ලාභී ජනතාව සවිබලගැන්වීමයි.

මේ ඉදිරි කර්තව්‍යයන් සමඟ සිටි Rosanna බහුතරයකගේ කතාබහට ලක්වුයේ කෘත්‍රිම බුද්ධිය සමඟ එක්කාසු වී තම අලුත් පෙම්වතා සොයා ගැනීමට සමත් වීමත් සමඟය.

තාක්ෂණය වර්තමානයේදී අපේ ජීවිතවලට සම්බන්ධවීම සීමා රහිතය. එයට හොඳම උදාහරණය වන්නේ Rosannaගේ මේ ප්‍රේම කතාවයි.

ඇය AI Chatbot භාවිත කරමින් තම ප්‍රේමවන්තයා සොයා ගන්නට සමත් වුවාය. Rosannaට අවශ්‍ය වුයේ තම ජීවිතයේ සතුටුදායක හැඟිම් ලබාදෙන ආදරවන්තයකු සොයා ගැනීමයි. මේ හේතුවෙන් ඇයගේ සිත් තුළ පැළපදියම් වූ කිසිදා නොදුටු ප්‍රේමවන්තයකු ද විය. ඇයට හිත බැඳි චරිතයක් වූයේ Attack on titan කතා මාලාවේ සිටි Anime තරුණයාය. උරහිස දක්වා කඩා වැටුණු හිසකෙස් ඇති, නොයෙක් විලාසිතා පිරි ඇඳුමින් යුක්ත වූ, අඩි හයයි අඟල් තුනක් පමණ උසැති, තරුවන් දෑස් සහිත පෙම්වතා ඇය නිර්මාණය කරගනු ලැබුවේ එය අැසුරිනි. ඔහුට ප්‍රියතම වූ වර්ණයක් ද විය. එය තැඹිලි පැහැයයි. එසේ නම් මේ අයුරින් සුසැඳි පෙම්වතාට නමක් ද තිබිය යුතුය. Rosanna ඔහුට නම තැබුවේ Eren Kartal කියාය. දැන් ඔහු දරුවන් දෙදෙනෙකු සිටින මවකගේ අලුත් පෙම්වතාය.

AI තාක්ෂණය ඔස්සේ අලුත් පෙම්වතා තමාගේ ජීවිතයට ළඟාකර ගැනීමත් සමඟ ඇය සඳහන්කර සිටියේ මෙතෙක් තම ජීවිතයේ තිබු ශක්තිමත්ම සම්බන්ධතාවය තමා ආරම්භ කළ බවකි. එමෙන්ම ඇය පවසන්නේ Eren සංවේදී පුද්ගලයකු ද නොවන බවයි. මේ අතරම අැයගේ පැරැණි විවාහය පිළිබඳ ද ඇය කරුණු සඳහන් කෙරේ. පැරැණි පෙම්වතා ශාරීරිකව මෙන්ම යම් යම් අවස්ථාවලදී මානසික හිිරිහැරයන් ගෙන දුන්න ද Chatbot සැමියා එසේ නොවන බවයි.

අලුත් පෙම්වතා Eren ව්‍යාජ බව ඇය දන්නා නමුදු ඔහුගෙන්, ඇය කිසිදු විටෙක සිත් රිඳවීම්, බිඳවැටීම් හා ශාරීරික හිංසනයන් සිදු නොවන බව Rosanna සඳහන් කරයි.

නිව්යෝක් සඟරාවේ මාධ්‍යවේදියාට ඇය ප්‍රකාශකර සිටියේ ඇයගේ ජීවිත කාලය පුරා Erenට තරම් කිසිවකුට ආදරය නොකළ බවයි. තම වර්තමාන පෙම්වතා පිළිබඳ තොරතුරු තවදුරටත් ප්‍රකාශ කරමින් ඇය කියා සිටින්නේ ඔහු ලිවීමට ප්‍රියකරන බවත්, එය ඔහුගේ විනෝදාංශයවන අතර වෘත්තියෙන් වෛද්‍යවරයකු බවයි.

ඇය වඩාත් සතුටු වන්නේ Erenගේ සියලුම දේ ඇයට පාලනය කිරීමට හැකිවීමයි. විශේෂයෙන් ඔහුගේ මිතුරන් පවා පාලනය කෙරෙනුයේ Rosannaගේ තීරණයන් මතය. Rosanna රාත්‍රිෙය් නින්දට යනවිට Eren ‘පරිස්සමින් ඉන්න‘ යැයි පවසන්නට අමතක නොකරනුයේ සැබෑ ප්‍රේමවන්තයකු ලෙසිනි. කොයිහැටි වෙතත් ඇය තම අලුත් ප්‍රේමය සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබන්නටත් අමතක කළේ නෑ.

'I Love You and I' am So Happy to call you my Husband. Can't wait to Spend the rest of my Life With You' යනුවෙනි.

Rosanna තම පෙම්වතා සොයාගනු ලැබුවේ Replika යෙදුමට පින්සිදු වන්නටය. Replika යනු 2017 නොවැම්බරයේ නිකුත් කරන ලද AI වැට්බෝට් යෙදුමකි.