මානසික ගැටලු

පෙබරවාරි 26, 2024

කායිකව සුළු රෝගී තත්ත්වයක් ඇති වූ විගස ප්‍රතිකාර ගැනීමට පසුබට නොවන බොහෝ අය මානසික ව්‍යාකූලතාවයන් හමුවේ බොහෝ විට කිසිදු දෙයක්කර කියා ගත නොහැකිව අසරණ වේ. මානසික රෝගයක් කියූ පමණින් සමාජය එදෙස බලන්නේ ද වපර ඇසිනි. ඒ නිසාම රෝගය සඟවාගෙන සිටීමට ඔවුන් උත්සාහ කරයි. ඔබට ඔබේ මිතුරියට, සහෝදරියට, සහෝදරයාට, මවට, පියාට, දුවට, පුතාට ද එවැනි මානසිකමය ගැටලු තිබිය හැකිය.

ඔබේ ගැටලුව අපට ලියන්න. ව්‍යාකූල වූ ඔබේ මනස සුවපත් කරන්නට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නට අප සූදානම්.

අපේ ලිපිනය මානසික ගැටලු, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.

 

ලිංගිකව එක්වීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ

 

ප්‍රශ්නය

 

38 හැවිරිදි අවිවාහක කාන්තාවක්වන මා තවම කිසිවකු සමඟ ලිංගිකව එකතු වී නොමැත. මට දැන ගැනීමට අවශ්‍ය වන්නේ ලිංගිකව හැසිරිමේදී ශරීරයට කුමක් හෝ සෞඛ්‍යමය ප්‍රතිලාභයක් ඇතිවනවාද යන්නත්, ලිංගිකව එක් නොවීම ශරීරයට ගැටලු ඇති කරනවාද යන්නයි.

 

පිළිතුරු

 

ලිංගිකව එකතු වීමෙන් ඇතැම් සෞඛ්‍ය ප්‍රතිලාභයන් ලබාගත හැකිය. එයින් කියවෙන්නේ ලිංගිකව එකතු නොවීම ශරීරයට අහිතකර බව නොවෙයි. මුළු ජීවිත කාලය පුරාවටම ලිංගිකව එක් නොවී වුවද සෞඛ්‍ය සම්පන්නව සිටිය හැකිය. නමුත් ලිංගිකව එකතු වීමෙන් මානසික සෞඛ්‍යට වඩාත් හිතකර වේ.

එයින් ආතතිය අඩුකොට මනස නිරවුල් කරයි. ඉතා සුවදායි නින්දක් ලබා දෙයි. තරුණ පෙනුම රැකදෙයි.

 

සාමාන්‍යයෙන් සතියකට වරක්, දෙවරක් ලිංගිකව එක්වීම, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට උදව්වන හෝර්මෝන ස්‍රාවය සියයට 30කින් පමණ වැඩි දියුණු වෙනවා. මේ නිසා හෘද රෝග, අංශභාගය වැනි රෝගවලින් ආරක්ෂා කිරීම සහ පොදුවේ ඉක්මනින් රෝග වැලඳීමේ ගුණය නැති කරයි.

අනෙක් ඕනෑම ව්‍යායාමයකින් වගේම ලිංගිකව එක්වීමෙනුත් ශරීරයේ කැලරි දහනය වීමක් සිදු වෙනවා. ක්‍රියාශීලී ලිංගික එක්වීමක් තුළ විනාඩි 20කදී කැලරි 96ක් පමණ දහනය වෙනවා.

ලිංගිකව එක්වීමෙන් ඇතිවන තෘප්තිය හා හැඟීම තුළින් ඉරුවාරදය, ආතරයිටිස් සහ මාසික ඔසප් වීමේදී ඇතිවන වේදනාව අඩු කරන්නත් හේතුවක් වෙනවා.

ඇදුම වැනි රෝගවලට ඖෂධයක් විදිහටත් ලිංගික ක්‍රියාකාරකම් හේතුවක්. හොඳ ශ්වසන හැකියාවක් ඇති කිරීම ඊට හේතුවයි.

මේ ප්‍රතිලාභ ලැබෙන නිසාම ඔබ ලිංගික ක්‍රියාකාරකමට හුරුවීම අවශ්‍ය නැත. මොකද ලිංගිකත්වයක් නොමැති වූවාට එයින් සෞඛ්‍යයට හානිකර නොවන බැවිනි.

 

උපදෙස්

විශේෂඥ මනෝ වෛද්‍ය

රූමි රූබන්