මුද්‍රණ ක්ෂේත්‍රයට පිවිසෙන්නට කැමති ඔබටයි මේ ඇරැයුම

පෙබරවාරි 26, 2024

 

කාලයේ තාලයට වැඩිදුර අධ්‍යාපනය හදාරන්න සිතන ඔබේ තෝරාගැනීම විය යුතු වන්නේ වැඩිපුරම රැකියා අවස්ථා සඳහා දොරගුළු විවරවන ක්ෂේත්‍රයන්ය. අ.පො.ස සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්ව විද්‍යාල වරම් මෙන්ම මෙම කඩඉම් විභාග ජයගන්නට නොහැකි වූවන්ට, එම විභාග සඳහා පෙනී නොසිට පාසල් හැර යන්නන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශයන් පවතී.

විශිෂ්ට රැකියාවක් සඳහා වෘත්තීය නිපුණත්වය අත්‍යවශ්‍ය වේ. ඒ සමඟින් යා හැකි දුර බොහෝය. මේ මඟ පෙන්වීම මුද්‍රණ ක්ෂේත්‍රයට පිවිසෙන තරුණ දූ පුතුන් වෙතටයි.

මෙහිදී මුද්‍රණ තාක්ෂණය (Printing Technology) හා දෘශ්‍ය සන්නිවේදනය (Visual Communication) යන ධාරා දෙකක් පවතී. මේ ඔස්සේ විවිධ පාඨමාලාවන් ක්‍රියාත්මක වන අතර න්‍යායාත්මක දැනුමින් මෙන්ම ප්‍රායෝගික දැනුමින් එසේත් නැතිනම් වෘත්තීය දැනුමින් සපිරි පිරිසක් බිහිවේ. එය රැකියා වියුක්තියට සැබෑම විසඳුම් සපයාවි. මුද්‍රණ ක්ෂේත්‍රය කෙරෙහි නොතිත් ආසාවක් ඇති දරුවකුට මේ ඔස්සේ දිගු ගමනක් යාමට හැකි වනු ඇත. දරුවන් බලහත්කාරයෙන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් කරන්නට හිතන මවුපියන් විටෙකදී ඔවුන් සතු නිසඟ කුසලතාවන් හඳුනා නොගත්තා විය හැකියි. දරුවා අසීමිත ඇල්මක් දක්වන ක්ෂේත්‍රයක් තිබියදී එය පසෙකලමින් දරුවාගේ දක්ෂතාවන් උපන් ගෙහිම වළ දමයි.

මුද්‍රණ ක්ෂේත්‍රයේ සහ ග්‍රැෆික් ක්ෂේත්‍රයේ පාඨමාලාවක් මෙරට මෙන්ම ජාත්‍යන්තරය තුළ ද රැකියා අවස්ථා ගණනාවක දොරගුළු විවර කරයි. ඒ අතුරිනුත් ග්‍රැෆික් ක්ෂේත්‍රය ඉදිරියෙන්ම සිටියි.

MS Office

දෘශ්‍ය සන්නිවේදනය ඉතා සරල තැනින් ඇරැඹිය හැකියි. පරිගණක ආශ්‍රිත අකුරු ඇමිණීම හෙවත් Type Setting පාඨමාලාවක් මුද්‍රණ ක්ෂේත්‍රයේ අත්පොත් තැබිය හැකියි. එතැනින් පටන් ගන්නා ගමන පශ්්චාත් උපාධියක් දක්වාම යා හැකියි. ඉන් අනතුරුව මයික්‍රොෙසාෆ්ට් ඔෆීස් (MS Office) වෙත පිවිසිය හැකියි. සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ෙදකෙන් මෙම පාඨමාලා ක්‍රියාත්මක වන අතර ඔබට පහසු සහ රැකියාවට වඩාත්ම යා වුණු මාධ්‍යයක් තෝරා ගත හැකියි. මෙහිදී Microsoft Word, Microsoft Excel, Microsoft Powerpoint පිළිබඳ අනිවාර්යෙන්ම හැදැරීමට අවස්ථාව ලැබෙන අතර මීට අමතර Internet සහ E- mail පිළිබඳ දැනුම මෙන්ම ඊට පරිබාහිරව photoshop, Microsoft office Picture Manager, Microsoft Accessr පිළිබඳ දැනුමද ඇතැම් පාඨමාලා සඳහා අන්තර්ගත වේ. MS Office පාඨාමාලාව කාර්යාල සේවාවන් පහසුකරලීම ඉලක්ක කරගෙනම සිදුවන්නකි.

 

Graphic Design

දෘශ්‍ය සන්නිවේදනයේ මාවත වඩ වඩාත් පුළුල් වන්නේ ග්‍රැෆික් ඩිසයින් හරහායි. එහිදී Adobe Indesign, Adobe Illustration, Adobe Photoshop.....වැනි මෙවලම් භාවිතය පිළිබඳ මුලික දැනුමක් ලබාදේ. මේ පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් හැදෑරු අයකුට එහි වඩාත් වැඩි දියුණු කළ අංග අැතුළත් පරිගණක ආශ්‍රිත ග්‍රැෆික් ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Graphic Design වෙත පිවිසිය හැකියි. මෙම ඩිප්ලෝමා පාඨමාලාව වෙත පිවිසෙන කෙනකු වෘත්තීය මට්ටම දක්වාම ගෙන එයි. ව්‍යවසායකු වීමට අවශ්‍ය අංග ඔස්සේ සපුරාලිය හැකියි. එය Communication එකක් සුළුවෙන් ඇරැඹීමේ සිට මුද්‍රණ යන්ත්‍ර මිලදී ගෙන මහා පරිමාණයෙන් කෙ‍ෙරන ව්‍යාපාර දක්වාම යා හැකි සිහින සැබෑ කිරීමේ මාවතක ඇරැඹුමයි.

මුද්‍රණ තාක්ෂණයේ දැනුම මෙන්ම කළමනාකරණය, අලෙවිකරණය, ව්‍යවසායකත්වය, එහි ඇති තාක්ෂණය (Employbillity units) ලබාදීමෙන් නිසැකවම ජාතියට දායාද වන්නේ කුඩා පරිමාණයේ ව්‍යවසායකයෙකි. දැනුම, දැක්ම ප්‍රාෙයා්ගික කුසලතා, මූල්‍යමය ආයෝජනයන් අනුව එම ව්‍යවසායකයාගේ ඉදිරිය ඉතාමත්ම සුබවාදී එකක් වනු ඇත. මේ ගමන ග්‍රැෆික් ඩිසයින් පාඨමාලාව අවුරුදු 17- 18 සිට යමින් යා හැකි එකකි.

 

Graphic Design Diploma

පාඨමාලාව ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටම (NVQ 4 Course) දක්වාම යා හැකි එකකි.

මීට අමතරව වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ පාඨමාලාවක් පවතී. ජංගම දුරකතනය, ලැප්ටෝප් එක කෙනෙකුගේ ජීවිතයේ සමීපතම අංගයක් බවට පත්වි ඇති මෙවන් වකාවනුවක Web Design පිළිබඳ හදාරා ඒ මාවතට පිිවිසීම හොඳ ආදායම් මාර්ගයක් වනු ඇත.

අවිමාන හා ත්‍රිමාණය අාංකීය සජීවිකරණය හෙවත් Digital Animation, අරේකීය සංස්කරණය හෙවත් Non Linar Editing / Video Editing පරිගණක දෘඨාංග එකලස් කිරීම හා සැකසීම හෙවත් Computer Hardware and Pc Assmbly, පරිගණක ආශ්‍රිත ගෘහ නිර්මාණ ශිල්පය හෙවත් Auto cad වැනි පාඨමාලාවන් ද මුද්‍රණ ක්ෂේත්‍රයේ දෘශ්‍ය සන්නිවේදනය වෙත අයත් වේ.

මේ සියලු පාඨමාලාවන්ගේ දැනුමින් සන්නද්ධ වූ ඔබ දෘශ්‍ය සන්නිවේදන සහ කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හෙවත් Advanced Diploma and Visual Commnication and Manegment වෙත සුදුසුකම් ලබයි. එම පාඨමාලාව ද හැදරීමෙන් පසු ඔබ පශ්චාත් උපාධි පාඨමාලාව (MBA) හැදැරීම සඳහා සුදුස්සෙකි.

බහු මාධ්‍ය තවත් Multimedia ක්ෂේත්‍රයේ දෘශ්‍ය සන්නිවේදන සහ කළමනාකරණය පිළිබඳ හැදැරීම එසේ වද්දි මුද්‍රණ තවත් Print ක්ෂේත්‍රයේ මුද්‍රණ තාක්ෂණය හා කළමනාකරණය උසස් ඩිප්ලෝමා පාඨමාලාව තවත් Advanced Diploma Printing Technology and Managment පාඨමාලාව ද පශ්චාත් උපාධිය හැදැරීමට සුදුසුකමක් වෙයි.

මේ සඳහා යන හැකි වන්නේ ද පියවරෙන් පියවරයි. ඒ වෙනුවෙන් ද මුද්‍රණ ක්ෂේත්‍රයට අදාළ සහතික පත්‍ර සහ ඩිප්ලෝමා පාඨමාලාවන් කිහිපයක්ම වෙයි.

මුද්‍රණ ක්ෂේත්‍රය කෙරෙහි ඇල්මක්, දැක්මක් ඇති කෙනකුට ඩිජිටල් පෙර මුද්‍රණය (Digital Prepress), මුද්‍රණ සැලසුම් රටා (Design for Print), පිරිවැයකරණය හා ඇස්තමේන්තුකරණය (Costing and Esimating) ඕෆ්සෙට් ලිතෝකරණය (offset Lithography) ...යනු හැදැරිය හැකි පාඨමාලාවන්ය.

මීට අමතරව මුද්‍රණ ක්ෂේත්‍රයට පිවිසෙන කෙනකුට පොත් බැඳීම්කරණය සහ නිමාව (Book Birding and Finishing), මුද්‍රණ සැලසුම්කරණය හා මුද්‍රණ තහඩු සැකසීම (Planning and plate Making) පත්ලිතෝ යන්ත්‍ර ඕෆ්සේට්කරණය (Sheet fed Litho Press of operation) පාසල් හැර යන්්නන් සඳහා ඕෆ්්සෙට් ලිතෝකරණය (offset Litho Press of School Leagers) හා මුද්‍රණ නිෂ්පාදන කළමනාකරණය (print production Managment) වැනි පාඨමාලාවන් හැදැරීමෙන් තම දැනුම දියුණු කරගන්නට ව්‍යාවසායකයකු ලෙසින් දිගු ගමනක් යන්නට අවශ්‍ය මඟ සැකසෙනු ඇත. ඒ සඳහා අවශ්‍ය වෘත්තීමය දැනුම සහ රැකියා සඳහා අනුයුක්ත වීමට අවශ්‍ය වෘත්තීය නිපුණතාව ලබා ගන්නට හැකිවනු අැත.

 

උපදෙස්

රජයේ මුද්‍රණ ආයතනයේ

අධ්‍යයන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ

අජිත් විතානගේ