බ්‍රෑන්ඩ් එකක් වෙමු ද?

මාර්තු 4, 2024

දැන් අපි එක එක බ්‍රෑන්ඩ්ස් ගැන අහලා තියෙනවනේ. ඒ කියන්නේ අපි කඩේකට ගිහින් මොනව හරි ගන්නෙත් ගොඩක් දුරට හිතලා හෝ නොහිතා හෝ බ්‍රෑන්ඩ් එක ගැන හිතලා තමයි. එහෙම බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කිරීමේ ඉඳලා ඒක ප්‍රොමෝට් කිරීම දක්වා කාර්යය ඇතුළේ, ඒ සම්බන්ධයෙන් විශේෂීකරණය වුණු එක්ස්පර්ට්ලාගේ අදහස්, වැඩ කටයුතු සංකීර්ණව තියෙනවා. එතකොට අපිට තේරෙන්න ඕ‍ෙන. බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරනවා කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි කියන එක.

 
එතකොට පර්සනල් බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරනකොටත් තත්ත්වය ඒකම ද? ඔව්. ඒකත් සංකීර්ණ, භාරදූර කටයුත්තක්. හැබැයි අපිට අපිවම බ්‍රෑන්ඩ් එකක් විදියට ප්‍රොමෝට් කරගන්න හිතනවා නම්, එයට අදාළ ආරම්භක වැඩ කටයුතු ටික අපිටම කරගන්න පුළුවන්. ඇත්තටම හිතලා බලන්න ඕ‍ෙන කොතැනින් ද පටන් ගන්නේ, මොනවද ආරම්භක පියවර වෙන්න ඕනේ කියන දේවල් තමයි. අන්න ඒ වෙනුවෙන්. අපි හිතුවා, තමන්ව බ්‍රෑන්ඩ් එකක් කරගන්න හිතන ඕ‍ෙනම කෙනෙක්ට වැදගත් කරුණු කීපයක් කියලා දෙන්න.

මොකක්ද බ්‍රෑන්ඩ් එක?

මුලින්ම හිතලා බලන්න ඕ‍ෙන කාරණාව තමයි මේක. ඇත්තටම බ්‍රෑන්ඩ් එක වෙන්න ඕ‍ෙන අපි ද, එහෙම නැතිනම් අපි විකුණන්න හිතන දේද කියන එක. උදාහරණයක් ගමු. ඔන්න අපි පර්ෆියුම් එකක් එහෙම නැතිනම් සුවඳ විලවුන් වර්ගයක් නිර්මාණය කරනවා. දැන් අපි හිතනවා, මේක විකුණන්න ඕ‍ෙන කියලා. එතකොට මේක විකුණන්න ඕ‍ෙන අපේ නමින් ද, එහෙම නැතිනම් මේ පර්ෆියුම් එකටම විශේෂයෙන් හදපු නමකින් ද? ඒක ඇත්තටම තීරණය වෙන්නේ වෙනත් සාධක මත. උදාහරණයක් විදියට අපි කියමු, අපිව මිනිස්සු නමින් දන්නවා කියලා. ඒ කියන්නේ නළුවෙක්, නිළියක්, ගායකයෙක් වගේ කෙනෙක් කියලා. අන්න එතකොට, අලුතින්ම නිර්මාණය කරන පර්ෆියුම් නමකට වඩා, මිනිස්සු දන්නේ අපිව. එතකොට අපි තමයි බ්‍රෑන්ඩ් එක වෙන්න ඕ‍ෙන. අපි කියන බ්‍රෑන්ඩ් එක ඔස්සේ තමයි පර්ෆියුම් එක අලෙවි කරන්න ඕ‍ෙන. හැබැයි අපිට එහෙම හදාගත්තු නමක් නැති නම්, හොඳම දේ තමයි පර්ෆියුම් එක බ්‍රෑන්ඩ් එක විදියට පාවිච්චි කරන එක.
 
මෙතැනදි කියන්නේ අපි තේරුම් ගන්න ඕ‍ෙන අපිට ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනෙ ද කියන එක. මොකද, බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕ‍ෙන අපේ ලොකුකම පෙන්නන්න හරි නිකම්ම ප්‍රසිද්ධියක් ලබාගෙන සතුටු වෙන්න නෙවෙයි. ඒ වෙනුවට අපිට ඒකෙන් ආදායමක්, ආදායම් අවස්ථාවක්, හරි අන්න ඒ වගේ ප්‍රායෝගික වාසියක් තියෙන්න ඕනේ.