වැඩ ඇරී වැඩට යන අම්මලාට online අත්වැලක්

මාර්තු 11, 2024

දියණියක්, සොයුරියක්, මිතුරියක්, මවක් මෙන්ම විවිධ වයස් පසුකරන ඇය ‍යම් අවස්ථාවක තම නිවෙසේ ආර්ථිකයටද ශක්තියක් වෙයි. වර්තමාන කාන්තාවන් අතරින් වැඩි පිරිසක් රටේ ශ්‍රම බලකායට දායක වෙයි. නමුත් විවාහයත් සමඟ ඇය වගකීම්, යුතුකම් රැසකට කොටු වෙයි. එමෙන්ම ඇය මවක් වූ දිනයේ සිට ඊටත් වඩා වගකීම් යුතුකම් රැසකට මුහුණ දෙයි. නමුත් ඒ සියල්ලක්ම සතුටින් භාර ගෙන, තම පවුලේ සියලු දෙනාගේම සිත් සතුටු කරමින්ද කාලය ගත කරයි.

උදේම අවදිවන ඇය තම ස්වාමියාගේ සහ දරුවන්ගේ වැඩ කටයුතු සිදු කරන ගමන් ආහාරද සකසා ලහි ලහියේ රැකියා ස්ථානයටද ගමන් කරයි. රැකියා ස්ථානයේත් මුලු දවසම ගත කරන ඇය නැවත නිවෙස වෙත පැමිණියත් නිදහස් වන්නේ නම් නැත. නැවතත් තම නිවෙසේ රාත්‍රී වැඩකටයුතු ආරම්භ කරන ඇය නින්දට යන්නේද හෙට දවස ගැන සිහින මවමින්ය. තම පවුල වෙනුවෙන් මුලු දවසක්ම වෙහෙසෙන ඇයට කාලයේ වටිනාකම කියා නිම කළ නොහැක.

එවන් කාර්යබහුල කාන්තාවන්ට තම කාලය ඉතුරු කරගැනීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සිය සේවා ජාලය පුළුල්කර තිබීම සතුටට කරුණකි. මාසික විදුලි බිල් ආදිය අන්තර්ජාල පහසුකම් ඔස්සේද ගෙවිය හැක.

විවිධ ගෙවීම් ක්‍රම මඟින් පාරිභෝගිකයාගේ වේලාව ඉතිරිකර ගැනීමට උදව්වීම ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන අරමුණයි. බැංකු ගානේ රස්තියාදු වෙමින් තැපැල් කාර්යාලවලින් විදුලි බිල්පත් ගෙවූ දහස් ගණන් අම්මලාට දැන් Ceb.lk යන ලංවිම වෙබ් අඩවිය ඔස්සේද, ලංවිම සහ KIOSK යන්ත්‍ර මඟින්ද, සුපිරි වෙළෙඳසැල් මෙන්ම විදුලි උපකරණ අලෙවිසැල් හා ජංගම දුරකථන සේවා සපයන්නන්ගෙන් මෙන්ම අලුතින් හඳුන්වා දී ඇති CEBCare මොබයිල් ඇප් එකෙන් හා ඔන්ලයින් බැංකු සේවා මඟින් බිල්පත් ගෙවිය හැක. Online payment මඟින් ආදරණීය කාන්තාවන්ගේ කාලය ඉතිරිකර දීම ලංවිම අරමුණයි.

ඔවුන්ට අන් සියල්ලකටම වඩා වටින්නේ කාලයයි. මන්ද ඔවුන් සියලුම වැඩ රාජකාරි සිදු කරන්නේ කාලය කළමනාකරණය කරගෙනයි. මෙරට ලක්ෂ ගණනින් කාන්තාවන්ට මෙම නව සේවා ඔස්සේ සිය දෛනික ජීවිතයට අස්වැසිල්ලක් ලබා ගත හැකි බව නම් විශ්වාසය.