20 වැනි රයිගම් ටෙලීස් - 2024 සියල්ල සූදානම්

සම්මාන රාත්‍රිය 30 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හිදී
මාර්තු 18, 2024

 විශිෂ්ට රූපවාහිනි මාධ්‍ය කලාවක් උදෙසා කැපවන ශිල්ප ශිල්පිනියන් සහ මාධ්‍යෙව්දීන් ඇගැයීමට ලක්කරනා රයිගම් ටෙලීස් සම්මාන උලෙළ මාර්තු 30 කොළඹ ෂැංග්‍රිලා -2023 හෝටලයේ දී පැවැත්වේ.

ද කිංඩම් ඔෆ් රයිගම් සභාපති ආචාර්ය රවී ලියනගේ සංකල්පයක් මත 2004 වර්ෂයේ දී ආරම්භ වූ රයිගම් ටෙලීස් සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ විසි වැනි වතාවටයි. 2013 වසරේ සිට මේ සම්මාන උලෙළට නව හැඩයක් එකතු කරමින් නිර්දේශිත නාමයන් එළි දැක්වීම කල්තියා සිදුකරන අතර ඒ නාම වර්ණ උලෙළ පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත් අන්දමින් සිදුවිණි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි රණසිංහ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ මේ අවස්ථාවට ප්‍රවීණ රංගන ශිල්ප, ශිල්පිනියන්, මාධ්‍යවේදීන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වුහ.

මෙවර රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රිෙය්දී අදියර හතක දී ජුරියේ සම්මාන ඇතු‍ළුව සම්මාන 63ක් පිරිනැමෙනු ඇත.