වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ගොඩක් පවුල් කැඩෙන්නෙ ගෑනුන්ගෙ කචකචේ නිසා
එක වහලක් යට ජීවත් වුණාට හිත්වලින් එක එක්කෙනා ඉන්නෙ වෙන වෙන පාරවල්වල. ගොඩක්ම මේකට හේතුව ආර්ථිකය කියලා කියන්නත් පුළුවන්.
එළියට නොපෙනෙන කිසිම දිනෙක රණ්ඩු සරුවල් වීමක් හෝ බාහිර පරිසරයේ කෙනෙකුට දැනගන්න නොතිබුණු නමුත් විශාල ගැටලුවලින් සමහර අඹු සැමි උදවිය පීඩා විඳිනවා. සැබැවින්ම අපේ රටේ තියෙන සෑම පවුලක්ම සැබැවින්ම පවුල් ද කියන ප්රශ්නය මතුවෙන තරමට මෙය උග්‍රයි. එසේ නම් පවුල කියන දේට අපිට ඊට එහා ගිය නිර්වචනයක්, දැක්මක්, ඊට එහා ගිය විමසා බැලීමක අවශ්‍යතාවක් පවතිනවා කියන කාරණාව තහවුරුයි. ඒ අනුව අද අපි පවුල් සම්බන්ධතාවය ගැන අවධානය යොමු කරමින් නිසි අයුරින් සාර්ථක පවුල් ජීවිතයක් පවත්වා ගෙන යන්නේ කෙසේද කියන කාරණාව පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්.
පවුලේ තියෙන අවුල විසඳන්න කලියෙන් පවුල කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් ලබා ගැනීම හරි වටිනවා. පවුලක් කියන්නේ සමාජයේ තියෙන කුඩාම ඒකකය. දෙන්නෙක් එකතු වුණාම පවුලක් හැදෙනවා. ඒ පවුල ඇතුළේ එක එක්කෙනාගෙන් සිදුවන කාර්යයන් කිහිපයක් තියෙනවා. ඒ පවුල ඇතුෙළ් ආර්ථික සහයෝගීතාවක් තියෙන්න ඕනේ. එක වහලක් යට ජීවත් වෙන්න ඕනේ. දරුවෝ හදන්න ඕනේ. සහයෝගය තියෙන්න ඕනේ. මේ පවුල ඇතුළේ මේ හැමදේම වෙන්න ඕනේ. අතීතයේදී පවුල කියන්නේ හරි සමගියෙන් තිබුණ තැනක්. මොකද මෙතරම් කාර්යබහුල නැහැ. සංකීර්ණ නැහැ. එයාලගේ අවශ්‍යතා හරි සීමිතයි. ළමයි හැදුවා, කෑම බීම හැදුවා. දැන් ඒ හැමදේම සංකීර්ණ වෙලා.
එදා සමගියෙන් හිටපු පවුලේ අද ඒ සමගිය නැහැ. එක වහලක් යට ජීවත් වුණාට හිත්වලින් ගත්තොත් එක එක්කෙනා වෙන වෙන පාරවල්වල. ගොඩක්ම මේකට හේතුව ආර්ථිකය කියලා කියන්නත් පුළුවන්. අද නෝනා එක රස්සාවක් කරනවා. මහත්තයා තව රස්සාවක් කරනවා. එක්කෝ මහත්තයා නයිට් ඩියුටි. නැත්තම් නෝනා නයිට් ඩියුටි. වැඩකරලත් හවසට ඇවිල්ලා තව තව අමතර ව්‍යාපාර කරනවා. සමහර අය වාහන දුවනවා. තව අය කේක් හදනවා වගේ තව තව බිස්නස් කරනවා. ඉස්සර අම්මා කළේ දරුවෝ හදපු එක විතරයි. නමුත් දැන් තියන ආර්ථිකෙත් එක්ක අම්මටත් වෙලා තියෙන්නේ ආර්ථිකය ගොඩ නඟාගන්න උදව් වෙන්න. ඒකට හේතුව තමයි වර්තමානය වෙද්දි මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනාවන් අසීමිතව වැඩි වෙලා තියෙන එක. ඒ විදිහට අවශ්‍යතා වැඩි වෙද්දි පවුල ඇතුළෙ තියෙන ගැටලුත් වැඩි වෙනවා.
ඉස්සර කාන්තාවෝ ලස්සන වෙන්න කියලා අමුතුවෙන් දේවල් කළේ නැහැ. ඕනෙනම් ඉඳලා හිටලා සුදුහඳුන් කෑල්ලක් උරච්චි කරලා ඇඟ ගෑවා. ඒකට දැන් සැලෝන් ගානේ යනවා. එක එක විදිහට කොණ්ෙඩ හදනවා. නියපොතු හදනවා. ඒ විදිහට ලස්සන වෙන්න කියලා එක එක දේවල් කරනවා. ඒවත් කරන්න ඕනේ. කාන්තාවෝ වුණාම ලස්සනට ඉන්න ඕනේ. ඉතින් එක්කෙනෙක්ට විතරක් ඒ වියදම දරන්න බැහැ. ඉතින් ඒ විදිහට ආර්ථිකය කළමනාකරණය කරගත්තේ නැති වුණොත් එක්කො ලයිට් බිල ගෙවලා නැහැ. නැත්තම් වතුර බිල ගෙවලා නැහැ. ඉස්සර දරුවෝ ගියේ ළඟම තියෙන ඉස්කෝලෙට නගරේ තියෙන හොඳම ඉස්කෝලෙට දාන්න ඕනේ කියලා එකක් ඒ කාලේ තිබුණේ නැහැ. ඉගෙන ගන්න එකා කොහෙ හිටියත් ඉගෙන ගන්නවනෙ කියලයි හිතුවේ. අද වෙද්දි ඉස්කෝලෙට, අමතර පන්තිවලට ලොකු වියදමක් දරන්න වෙලා තියෙනවා.
අද කාලේ වගේ ඒ කාලේ දුරකථන නැහැ. ඉතින් දෙන්නා දෙමහල්ලන්ට කතා බහ කරන්න සුදුසු වෙලාවක් කියලා එකක් තිබුණා. සැමියා ගෙදර ආවම එයා වොෂ් එකක් දාලා එනකම් බිරිය තේ එක අතේ තියාගෙන බලන් ඉන්නවා කතා කරන්න. නමුත් අද ජංගම දුරකථනය නිසා ඕනෙ ඕනෙ වෙලාවට කතා කරන්න පුළුවන්. ඉතින් බිරිය සැමියට කෝල් එකක් ගත්ත ගමන් බැණගෙන බැණගෙන යනවා. අර බිල ගෙව්වද මේ බිල ගෙවද.. කෝ අරකට සල්ලි.. කෝ මේකට සල්ලි.. හම්බ කරන සල්ලිවලට මොකද කරන්නේ. අපේ බිරින්දෑවරු කෝල් එකක් ගත්තොත් අහන්නේ මේ ටික. ඉතින් අපේ මිනිස්සු ඉන්නේ හරි පුදුම ආතතියකින්. ඉතින් බිරින්දෑවරුන්ගේ මේ කච කචය නිසාම පවුලේ සමගිය නැතිවෙන එක අහන්නත් දෙයක් ද. ඉතින් අවුලක් නැතුව පවුල් ජීවිතය ගෙනියන්න නම් හොඳ හවුලක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සැමියට ප්‍රශ්නයක් වෙද්දි බිරිය ඒකට උදව් වෙන්න ඕනේ. නැතුව සැරෙන් සැරේට සැමියගේ ඔළුව කන එක නෙවෙයි.
මේ විදිහට සැමියට නිතර නිතර බලපෑම් කරද්දි එයාලා සිත නිවා ගන්න වෙන වෙන ක්‍රම තෝරගන්නවා. ඒ විදිහට සැමියාන් එයාලට ළංකර ගන්න බැරි වුණ ආශාවන් හොයන්න ගන්න පටන් ගන්නෙත් ඒවට විකල්ප විදිහට. තරුණයෙක්ට හිතෙන්න පුළුවන් මම කවදාහරි බඳින්නේ ගුරුවරියක්. නැතිනම් හෙදියක්. ඒ වගේ බලාපොරොත්තු තියෙන්න පුළුවන්. නමුත් විවාහ වෙන්න සිදුවෙලා තියෙන්නෙ වෙනමම කෙනෙක් එක්ක. ඒකත් එක්ක මිනිසුන් ජීවත් වෙන්නේ හිතේ යමක් සඟවා ගෙනයි. ඉතින් බිරින්දෑවරුන් අනිසි විදිහට බලපෑම් කරද්දි මේ සැමියන් අර හිතේ තිබුණ දේ නැවත සොයන්න ගන්නවා.
සමහර අම්මලා දරුවන්ව ලොකු ලොකු තැන්වලට යවාගන්න, ක්‍රීඩා සංගම් හෝ නාට්‍ය වැනි වෙනත් බාහිර කටයුතුවලදී වෙන වෙන සම්බන්ධතා ගොඩනඟා ගන්නවා. නමුත් සම්බන්ධතා බිඳිලා ගියත් බැඳීම් කිසිදා බිෙඳන්න බැහැ. පවුලක් වුණාම ඒකේ ශක්තිමත්භාවයක් තියෙන්න ඕනේ. කොච්චර බැණ ගත්තත්, කොච්චර රණ්ඩු වුණත් අන්තිමට ඒ පවුල ආයේ එකතු වෙන්න ඕනේ. ඒකයි පවුලක් කියලා කියන්නේ.
ගොඩක් වෙලාවල්වලදී පවුලේ ගැටලුවක් වුණාම හැමෝම කරන්නේ ළඟම ඉන්න නෑදෑයෙක්ගෙන් මිතුරියකගෙන් උපදෙසක් ගන්න එක. හැබැයි ඒකට හරි කෙනෙක් තෝරා ගත්තේ නැති වුණොත් පවුලේ තියෙන ගැටලුව විසඳෙන එකට වඩා වෙන්නේ පවුලේ අවුල තව තවත් අලුත් වෙන එක විතරයි. මොකද ඔබ උපදෙස් ගන්නේ සැමියාගෙන් පීඩා විඳින කෙනෙක්. එහෙමත් නැතිනම් බිරියගෙන් පීඩා විඳින කෙනෙක් නම් එයා ඔබට උපදෙස් දෙන්නේ එයා එයාගේ පවුලෙන් ලබාගත් අත්දැකීම්වලින්. සමහරවිට මේ සුළුවෙන් විසඳගන්න තියෙන ප්රශ්නය දික්කසාදය දක්වාම ඔවුන් ඔබව දුරදිග යවාවි. ඒ නිසා උපදෙස් ගන්න හරි කෙනෙක් නැත්තම් ඒවා ඉබේ විසෙඳන්න තියෙන්න. පවුලක් ඇතුළේ වෙන ඕෙනම තුවාලයක් කාලයක් යද්දි විසඳෙනවා. ඉතින් ඉවසීම කියන දේ හොඳටම තියෙන්න පුළුවන්. ඉවසීම කියන දේ සැමියා බිරිය අතර පමණක් නොවෙයි දරුවන්ටත් හරියට බලපානවා. අපි පවුල ඇතුළේ ගොඩනඟා ගත්ත දේවල් තියෙනවා. අපි සෙනසුරාදට, ඉරිදාට උදේට කිරිබත් කනවා. නැත්තම් ඉරිදාට විනෝදගමනක් යනවා. හැම පෝයටම අපි අනිවාර්යයෙන්ම පන්සල් යනවා. ඒ වගේ දේවල් අපි පවුලක් ඇතුළේ පවත්වාගන්න ඕනේ. ඒ දේවල්වලින් තමයි පවුලේ සතුට රඳා පවතින්නේ.
අපි චිත්තවේග පිටකරන්නේ ගේ ඇතුළෙදි නේ. ඉතින් මේ චිත්තවේග පිටකරන එක හරි පරෙස්සමට කරන්න ඕනේ දෙයක්. මොකද කේන්තියට දෙයක් පිටකරාට පස්සේ ආයේ ඒ දේවල් ආපස්සට හරවගන්න බැහැ. අද කාලේ පවුලේ හැමෝම ඉන්නේ මොකක්දෝ මන්දා නොරුස්සන ස්වභාවයකින්. බිරිය සැමියාගෙන් දෙයක් ඇහුවම උත්තර දෙන විදිය. සැමියා බිරියගෙන් දෙයක් ඇහුවම උත්තර දෙන විදිය. එතකොට දරුවෝ මව්පියන්ට උත්තර දෙන විදිහ. ඒ දේවල් දැක්කම ඒ හැමෝම ඉන්නේ කියාගත නොහැකි පීඩනයකින්.
නමුත් මොනදේ වුණත් අනිත් දේවල් ගැන බලන්න කලින් තමන් තමන්ට ආදරය කරන්න ඕනේ. එතකොටයි අනිත් අයටත් ආදරය කරන්න පුළුවන් වෙන්නෙ.
ප්‍රවීණ මනෝ උපදේශිකා
අමා දිසානායක
කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව