වර්ෂ 2024 ක්වූ December 23 වැනිදා Monday
තාත්තා අතින් උපාධිය ගන්නට පින් කළ දෝණී
තාත්තාගේම අඩි පාරේ යන දියණියක පිළිබඳ පසුගිය දිනවල සමාජ මාධ්‍ය හි කතා බහට ලක්වුණි.
"මගේ ජීවිතයේ කවදාවත්ම අමතක නොවන දවසක්. මම හිතන්නේ දුවෙක්ට මේ තරම් වටින මොහොතක් විඳින්න ලැබෙන එකම සතුටක්. තාත්තා ලබාගත් ආර්ථික විද්‍යාව ශාස්ත්‍රපති උපාධියම, තාත්තා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් කටයුතු කරන ධූර කාලයේදී තාත්තාගේ් අතින්ම මටත් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට පුළුවන් වෙනවා. රැයක් දවාලක් නැතිව මහන්සිවෙලා උපයා ගත්ත මේ වටිනාකම මට නොසෑහෙන්නෙම දැනෙන්නේ තාත්තගෙ අතින්ම උපාධිය ගන්න පුළුවන් වුණ හින්දා වෙන්න ඇති"
මිදොරි කරුණාරත්න
කවුද මේ මිදොරි, කවුද මේ උපකුලපති තාත්තා.
ඇයගේ රුව ගුණ අපට නුහුරු නුපුරුදු නොවේ. සිරස Voice Teen Season 1 වේදිකාවේ දස්කම් පෑ ඇයට අවසන් 12 දෙනා අතරට, එනම් Coach උමාරියාගේ හොඳම අවසන් තිදෙනා අතරට මිදොරි කරුණාරත්නට තේරී පත්වන්නට අවස්ථාව ලැබිණි.
එදා ඈ ගැයූ 'රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ....' ගීතය ඇයත් නොසිතූ පරිදි වයිරල් වන්නට විය.
ඒ වන විට ඔබ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවියක්....
මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව හා සමාජ විද්‍යා පීඨයේ ව්‍යාපාර සංඛ්‍යානය පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරමින් සිටියේ.
යුනික් කටහඬක් ඇති ඔබේ ගායන හැකියාවන් ඔප් නැංවෙන්නේ කොහොමද?
කොළොන්නාව බාලිකාවේ 8 වසර වෙනකම් සංගීතය හැදෑරුවා. ඉන් පස්සේ මම සිරිමාවෝ බාලිකාවට ආවා. 10, 11 පංතිවලදි හැදෑරුවේ නාට්‍ය හා රංග කලාව. ජයනි කපුගේ ගුරු මහත්මිය මගේ ජීවිතේ වෙනස්ම අතකට හැරෙව්වා.
පාසල් කාලෙ මාව ගොඩක් අය හඳුන ගන්නේ ක්‍රීඩාවලින්. නෙට්බෝල්, කැඩෙටින්, ත්‍රෝ බෝල් කරනවා. 2016දී මම ත්‍රෝ බෝල්වලින් ලංකාවේ දක්ෂතම ක්‍රීඩිකාව වෙනවා. නෙට් බෝල්, ත්‍රෝ බෝල්වලින් ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට පිවිසෙනවා. ඒ අනුව විශ්වවිද්‍යාලයට ගිහිල්ලත් මම ක්‍රීඩාවල නියැළෙනවා. දණහිසේ ආබාධයකට ශල්‍යකර්මයක් කරන්න නියම වෙන්නේ මේ කාලෙදි. මම ශල්‍යකර්මය නොකර ක්‍රීඩා අත්හරිනවා.
මේ කාරණය හිතට දුකක් නොවුණාමත් නොවේ. ඔය කාලෙදි තමයි මගේ අක්කා Voice වලට ඇප්ලිකේෂන් එකක් දාන්නේ.
මගේ Stage Perfomance හදන්නේ ජයනි ගුරුතුමිය.
ඔබේ උස..
අඩි 5යි අඟල් 7ක්
වේගවත් ගමනක් ඔස්සේ ඔබ ඔබේ අධ්‍යාපන කඩඉම් ජය ගන්නවා. කොහොමද ඒ ගමන යන්නේ?
1st Class එකක් අරන් මම, ව්‍යාපාර සංඛ්‍යානය පිළිබඳ විශේෂවේදී උපාධිය (Bachelor) අවසන් කරනවා. ප්‍රතිඵල ඇවිත් මාස තුනක් වගේ කාලයකදී විවේකයක් නොගෙනම 2022 වසරේ ඊළඟ Intake එකේ Master එකට Apply කරනවා. 2024 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය අවසන් කරනවා. Master එක කරන අතරතුරේ ජපානයේ රාජ්‍ය සරසවි ශිෂ්‍යත්වයක් වන MEXT ශිෂ්‍යත්වය සඳහා අයදුම් කරනවා. එම ශිෂ්‍යත්වයට අයදුම් කරන්න පුළුවන් 1st Class, 2 nd Class Upper තියෙන අයට විතරයි. මේ සඳහා බොහෝ දෙනෙක් අයදුම් කරනවා. ඒ සඳහා ජපන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් විභාගයක් පැවැත්වෙනවා. මෙයින් තෝරා ගත් 20 දෙනකුව Interview කරනවා. Presentation, Qualification බලලා ශිෂ්‍යත්ව දෙන්න 7 දෙනෙක්ව තෝරගන්නවා. මෙයින් පළමුවැන්නා වෙන්න මට අවස්ථාව ලැබෙනවා. Research Student කෙනෙක් විදිහට යම් කාලයක් ඉන්නවා. Master එක අවසන් වෙනකොටම මම MEXT ශිෂ්‍යත්වයට අනුව ආර්ථික විද්‍යාව පිළිබඳ PHD එක කරන්න ජපානයට යනවා. තවම ඉන්නේ Research Student කාල පරාසයේ. ලබන වසරේ සිට PHD එක ඇරඹෙනවා.
මේ මාසෙ මුල මම ලංකාවට ආවේ උපාධි ප්‍රදානෝත්සවයට.
උසස් පෙළ අවසන් කරලා විශ්වවිද්‍යාලයට යන්න ඉන්න නංගිලා මල්ලිලාට, විශ්වවිද්‍යාලයේ ඉන්න නංගිලා මල්ලිලාට ඔබට දිය හැකි ආදර්ශය කුමක්ද?
යම් කැප කිරීමක් කරලා 1st Class එකක් ගත්තම ශිෂ්‍යත්වවලට, රැකියාවලට දොරගුළු විවර වන අවස්ථා වැඩියි. කාලය කළමනාකරණය කර ගත්තොත් මූලික උපාධිය අවසන් වෙනකොටම Master එකට Apply කරන්න පුළුවන්. අඩු වයසින්ම ඉලක්ක කරා යන්නට, ඉලක්කයන් ජය ගන්නට හැකි වේවි.
මොකක්ද මිදොරි කියන නමේ තේරුම?
මේක ජපන් නමක්. මිදොරි කියන්නේ ජපන් භාෂාවෙන් කොළ පාටට. මම මිදොරි තාරුකා කරුණාරත්න. කොළ පාට තරුව කියන අර්ථයෙන් තමයි මගේ නම දාලා තියෙන්නේ. මම උපදින්නේ ජපානයේ. ඒ නිසා තමයි තාත්තා මට ඒ නම දාන්නේ. මට වයස අවුරුදු දෙකෙන් වගේ ලංකාවට එනවා. එහේදී මම බහ තෝරන්නේ. බහ තෝරද්දි මම සිංහල භාෂාවෙන් වගේම ජපන් භාෂාවේ වචනත් කියලා තියෙනවා.
Research Student Period එකේදී අපිට ජපන් භාෂාව ඉගෙන ගන්න වෙනවා. ඒ එදිනෙදා ජීවිතේ වැඩ පහසු කරගන්න. නමුත් PHD එක හදාරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්.
මොනවද ඔයාගේ අනාගත අපේක්ෂාවන්?
මම කැමැති කථිකාචාර්යවරියක් වීමට.
ඒ සඳහා තෝරා ගන්නේ ශ්‍රී ලංකාවද?
ලංකාවේ ඉන්නත් කැමතියි. මුලින්ම මගේ රටට සේවය කරන්න කැමතියි. ඉන් පසුව වෙනත් රටකට යන්නත් කැමතියි. මම ලබා ගත්තේ ශිෂ්යත්වයක්නේ.
කවුද මේ උපකුලපති තාත්තා?
මගේ තාත්තා එච්.ඩී.කරුණාරත්න. වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිතුමන්. තාත්තගේ අඩි පාරේම යන්න ලැබීම මම ලැබූ ජයග්‍රහණයක්. තාත්තගෙත් මූලික උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව හා සමාජ විද්‍යා පීඨයේමයි. වෙනසකට තියෙන්නෙ තාත්තා ගත්තේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් 1st Class එකක් සමඟ. තාත්තත් ශාස්ත්‍රපති උපාධිය ගන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයෙන් Mastaring Economics එකක්. තාත්තත් PHD එක කරන්නේ ජපානයේ රාජ්‍ය සරසවි MEXT ශිෂ්‍යත්වයකින්. ඒ 1992 දී.
මේ කඩඉම් ජයගන්න පවුලේ අය ඔබට නොමඳ සහයක් ලබා දෙන්නට ඇති නේද?
තාත්තයි, අම්මයි සෙවණැල්ලක් වගේ ඉඳන් යා යුතු පාර පෙන්නුවා. මගේ අම්මා ගුරුවරියක්. අක්කා, එයාගේ සැමියා දෙන්නම කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු. අපි ඔක්කොම හරිම සතුටින් කාලය ගත කරනවා.