වර්ෂ 2024 ක්වූ December 23 වැනිදා Monday
දිය ඇල්ලක් කඩා හැලෙන සේ පිවිතුරුය, මනරම් ය, වේල්එක
වේල් එක දමන මනමාලියක් වෙතින් දිස් වන්නේ අපූර්වතම වූ චමත්කාරජනක බවකි. එය දිය ඇල්ලක් කඩා හැලෙන්නාක් සේ පිවිතුරුය. මනරම්ය.
වේල් එක පලඳින්නේ බටහිර සාම්ප්රදානුකූලවයි. කතෝලික ආගමේ මනාලියන් මුහුණ විනිවිද පෙනෙන පරිදි ෆේස්වේල් එකකින් මුහුණ ආවරණය කරයි. දේවස්ථානයේ ආගමික සිරිත් විරිත් අවසන් වූ පසුව ෆේස්වේල් එක ඉවත් කරයි.
වේලය යනු මංගල දිනයකදී මනාලියකගේ පෙනුම වඩාත් ඔපවත් කිරීම සඳහා ඇති සුන්දර අංගයකි. වේලය වෙතින් ඉස්මතු වන්නේ ඇගේ කීකරුකම සහ නිහතමානීකමයි. බොහෝ ආගම්වල කාන්තාවන්ට හිස වසා ගැනීම ගෞරවයේ සංකේතයක් ලෙස සැලකේ. එය නිර්මලකමේ සංකේතයක් ද වේ. සුදු පැහැයෙන් යුතු මංගල ඇඳුම් ඇඳගත් විට හිසෙහි සිට පහළට වැටෙන සේ වේලයක් පැලඳීම සිදුකරයි.
වේලයේ ඉතිහාසය
වේලය පැලඳීමේ ඉතිහාසය ද ඈත අතීතයට දිවයයි. වැස්මකින් සැරසී සිටීම පුරාණ රෝම සහ ග්‍රීක ජාතිකයන් සිරිතක් ලෙස කළ දෙයකි. ඔවුන් විවාහයකදී මනාලිය මෙලෙස වැස්මකින් ආවරණය කරන්නේ ඇය නපුරු ආත්මයන්ගෙන් ආරක්ෂාවන බවට විශ්වාස කරමිනි.
පියාගෙන් සැමියාට
මනාලියගේ මුහුණ මෙම වේලයෙන් ආවරණය කරමින් චාරිත්‍ර අවසානයේ එය ඉවත් කරනුයේ පියාගෙන් සැමියාට සංකේතවත්ව භාරදීම සනිටුහන් කරමිනි. ඒ අනුව මනාලියගේ මුහුණ වැසුණු වේලය මනාලයා ඉවත් කරමින් සංකේතාත්මකව මනාලියගේ වගකීම තමා භාරගත් බව අඟවයි.
උසට සරිලන පරිදි සකසන වේල් එක
සාමාන්‍යයෙන් උසට සරිලන පරිදි වේල් එක සකස් කරයි. එය එක් එක් අයගේ රුචි අරුචිකම් අනුව වෙනස් වේ.
Blusher Veil - මෙය උරහිස දක්වා ඇති වේල් එකයි.
Elbow Length Veil - මෙය වැලමිට දක්වා ඇති වේල් එකයි. අඟල් 25 ක් පමණ දිගින් යුතු මෙම වේල් එක මනාලියගේ වැලමිට මත රැඳෙන ආකාරයට නිර්මාණය කරයි.
Waist Length Veil - ඉණ දක්වා දිගින් යුතු වේල් එකයි. මෙය අඟල් තිහක් පමණ දිගට නිර්මාණය කරයි.
Finger tip Veil - මනාලියගේ ඉණෙන් ඔබ්බට සකසන වේලයයි. අඟල් 38ත් 40ත් පමණ දිගින් යුතුව මෙය සකසයි.
Mid Hip Length Veil - මෙය මනාලියගේ උකුළේ මැද හරිය දක්වා දිගින් යුතු වේල් එකයි. අඟල් 33ක් පමණ දිගට මෙය නිර්මාණය කරයි.
Hip Length Veil - මෙය මනාලියගේ උකුළෙන් පහළට දිගු වේල් එකයි. මෙම වේල් එක අඟල් 36ක් පමණ දිගට නිර්මාණය කරයි.
Waltz Veil - මෙම වේලය නිර්මාණය කිරීමේදී මනාලියගේ දණ හිසට ඉහළින් උස සකස් කරනු ලබයි. එහි සම්මත දිග අඟල් 54කි.
Ankle Veil - වළලුකර දක්වාම දිගින් යුතු වේලයයි. මෙම වේලය බිම ගෑවෙන්නේ නැත.
Floor Length Veil - මනාලියගේ ගවුමේ දිග තරම්ම වූ එකකි. මෙය අඟල් 72 ක පමණ දිගින් යුතුය.
Chapel Veil - මනාලියගේ ගවුමෙන් මඳක් ඔබ්බට සිටින සේ සකසන වේලයයි. මෙය අඟල් 90ක් පමණ දිග වේ.
Cathedreal Veil - වේලය බිමට වැටී දිගට රවුමට ඇති එකකි. මෙය අඟල් 98ත් 108ත් අතර දිගින් යුතුව නිර්මාණය කරයි. ආසන දෙව් මැදුරක දිගින් යුතුව සකසන වේලය ලෙස ද මෙය හඳුන්වයි.
ගවුමේ දිග ටේල් එකක් ඇත්නම් කොට වේල් එකක් දැමීම වඩාත් ලස්සන වේ. වේල් එක සහ ටේල් එක දෙකම දිගින් යුතු වීම සුන්දර නැත.
වේල් එකක දිග - පළල
සාරියක් අඳින කෙනකුට දමන වේලයක සම්මත උස යාර 5 1/2ක්වත් තිබිය යුතුයි. 120 පළල ටියුල් (Tulle)නෙට් එකක් ගැනීම අනිවාර්ය වේ. 60 පළල රෙද්ද ගතහොත් නැවීමටත් අපහසුයි. එය කපා වේල් එකක් ලෙස සකසයි. එය නවාගැනීමෙන් වේල් එක කොටස් දෙකක් එන පරිදිත් සකස් කළ හැකියි. තට්ටු දෙකේ වේල්, තට්ටු තුනේ වේල් ලෙස සකසන්නේ එලෙසයි.
වේල් එක වර්ක් කිරීම
සාමාන්‍ය චාම් සාරියක් ඇන්දහොත් වේල් එක වර්ක් කළ හැකියි. වටේ දාර මැද මෙලෙස වර්ක් කළ හැකියි. එම්බ්‍රොයිඩර් කර ගැනීමටත් පුළුවනි. සීකුවින්ස්, ජිපියෝ ලේස් මල් අල්ලා ගැනීම මේ ආදී නොයෙකුත් ක්‍රම වර්ක් කිරීම සඳහා භාවිත කළ හැකියි.