නව වසරේ ඔබගේ සියලු පැතුම් ඉටුකර දෙන මහා බලගතු කන්දකුමාර වශී යන්ත්‍රය

දෙසැම්බර් 30, 2024

උදාවන නව වසර තීරණාත්මක වර්ෂයකි. එසේම බොහෝ දෙනෙකුට වාසනාවන්ත වසරකි. අප පසුගිය ලග්න පලාපල පළ කිරීමේදී ද මේ බව හොඳින් විග්‍රහ කර දක්වන ලදි. උදාවන 2025 වසරේ අපට වාසනාව, ධනය හා සතුට, සම්පත ළඟාකර ගැනීම සඳහා භෞතික වශයෙන් සැලසුමක් සකසා ගැනීම වඩාත් වැදගත්ය.


එසේම අාධ්‍යාත්මිකව ද ඒ සඳහා ආශීර්වාදය ලබාගැනීම විශාල ශක්තියකි. මේ සඳහා නව වසරේ කතරගම දේවාලය වැඳ පුදා ගැනීමට යෑම බොහෝ දෙනෙකු සිදු කරන කටයුත්තකි. එසේම කතරගම දෙවියන් හට විවිධ භාරහාර වීමද සිදු කරනු ලබයි. එසේ කතරගම දෙවියන් වැඳ ආශීර්වාද ලබාගැනීමට අවස්ථාවක් නොමැති විට මහා බලගතු කන්දකුමාර වශී යන්ත්‍රය පැලඳවීම ඔබට නිවෙසේ සිට කළ හැකි වෙයි. අප මෙවර ඔබට තිළිණ කරන්නේ එම බලගතු යන්ත්‍රයයි. එය සකසා ඔබට නිවෙසේ සිටම කතරගම දෙවියන්ගේ ආශීර්වාදය ලබාගැනීමට මෙය මහඟු අවස්ථාවකි.

අප රටේ හින්දු බැතිමතුන් මෙන්ම සිංහල බැතිමතුන්ද කන්දකුමාර දෙවියන් හෙවත් කතරගම දෙවියන් ඇදහීම, පූජා පැවැත්වීම හා භාරහාර වීම අනාදිමත් කාලයක සිට සිදු කරන්නකි. විශේෂයෙන්ම කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වන පෙරහරට බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වෙන්නේ ද මෙහි පවතින බලගතු ආකර්ෂණය නිසයි. එසේම මහානුභාව සම්පන්න කන්දකුමාර මහා වශී යන්ත්‍රය පුරාණයේ සිටම බැතිමතුන් ගෞරවයෙන් යුතුව පැලඳීම සිදු කරනු ලබයි.

අප ඔබට මෙවර තිළිණ කරනු ලබන මේ බලගතු කන්දකුමාර වශී යන්ත්‍ර රාජයා කතරගම දේවාලයේ අදටත් තැන්්පත්ව තිබේ. එසේම එහි සියලු තේවාවන් සහ පුද පූජා පවත්වනු ලබන්නේ මේ උතුම් වූ යන්ත්‍ර රාජයා බව විශ්වාසයයි. කතරගම දේවාලයේ මහා දෙවොල සාදා ඇත්තේ බීජාක්ෂර සහිත වූ මේ යන්ත්‍ර 108ක් මත්තේහිය.

කන්දකුමාරයා‍ණන් වල්ලි මාතාව විවාහ කරගෙන ලක්දිව වාසය කරන කාලයේ ස්වකීය රටට කැඳවාගෙන යෑමට පැමිණි යෝගියා ජපකර මතුරන ලද්දේ මේ යන්ත්‍රයම බවත්, මේ යන්ත්‍රය ආනුභාවයෙන් වල්ලි මාතාව හැරදමා භාරතයට යෑමට සැරසුණු කන්ද කුමාරයාණන් යළි මෙහි නවතා ගැනීමට හැකි වූයේ යෝගියාගේ මේ යන්ත්‍රය වල්ලි මාතාව විසින් ලබාගත් පසුව බව විශ්වාසයක් පවතී.

දැන් අපි මෙම යන්ත්‍රය සාදා පලඳින ආකාරය ගැන විමසා බලමු. මේ යන්ත්‍රය රිදී හෝ රත්රන් තහඩුවක මුලින්ම නිර්මාණය කළ යුතුය. එසේ නොමැති නම් තඹ තහඩුවක එය ඇඳ එය රත්රන් වතුරේ දමා සකසා ගැනීම ඉතාම බලගතුය. මෙය ජපකර ගැනීමට අඳින විට එහි සඳහන් ආකාරයටම බීජාක්ෂර සටහන් කරගත යුතුය. මෙහි අංක 1,2,3,4 ඇති තැන්වල ඉලක්කම් නොයොදා පිළිවෙළින් 1 ගනේෂ, 2.ශිව, 3. උමා, 4. කන්දකුමාර යනාදී මන්ත්‍ර සටහන් කළ යුතුය. කන්දකුමාර යන්ත්‍රය නමින් විවිධාකාර යන්ත්‍ර රාශියක් පවතී. ඒ සියලු යන්ත්‍රයන්ට වඩා අප ලබාදෙන මේ යන්ත්‍රය සැබෑම කන්දකුමාර වශී යන්ත්‍රයම බව සහතික විය හැකියි.

ඔබට මේ යන්ත්‍රය ඇඳ ගැනීමට අඟහරුවාදා හෝ සිකුරාදා දිනයක් වඩාත් සුබය. ‍ෙමසේ ඇඳගත් යන්ත්‍රය ජනවාරි 01 වැනිදා උදෑසනම මල් ආසනයක් මත තබන්න. එහි බුලත් කොළ 21ක් අතුරා ඒ මත රත් කෙහෙල්,බෙලි, උක්දඬු සහිත පලතුරු වර්ග 5ක්, තෙලෙන් බැදගත් කැවිලි වර්ග 5ක්, තැඹිලි ගෙඩියක්, බෙලි කොළ ස්වල්පයක්, රතුපාට වනමල් තබා පහනක් දල්වා, සුවඳ දුම් පතුරුවා පන්සිල් පද සමාදන්ව තෙරුවන් නමදින්න. ඉන්පසු මෙහි ඇති මහා කන්දකුමාර ජීවමෙන් 108වතාවක් ඉතා බැතිමත්ව ජීවම් බල පිහිටුවා කතරගම දෙවියන්ට පින් දී ජීවම අවසන් කරන්න. පහන් දල්වා වතාවත් කරන ස්ථානයේ සේප්පුවක, මුදල් ලාච්චුවක හෝ නිවෙසේ ව්‍යාපාරික ස්ථානයේ වාහනයේ මේ යන්ත්‍ර රාජයා තැන්පත් කර නිරතුරුවම වතාවත් කරන්න. මේ වසර පුරාම පුද පූජා කරන විට ඔබටත්, ඔබේ පවුලේ සැමටත් නිවෙසටත් කන්දකුමාරරාජයාණන්ගේ ආශීර්වාද බලය තියන ලෙසම ලැබී ඔබගේ සියලු කටයුතු සාර්ථක වනු නියතය.

කන්දකුමාර සකලජන වශී මන්ත්‍රය

ඨං ශක්ති මහා ශක්ති ආදි ශක්ති
පරාශක්ති ශිව ශක්ති විෂ්ණු ශක්ති
වේලා ඕ හරභර නමශිවාය ගුරුවරා
මශිවායන ගුරුවරා ශිවාය නම්
ගුරුවරා වයනමශි ගුරුවරා යතම සිවා
ගුරුවරා ආදි ගුරුවරා අනාදි ගුරුවරා
ආනන්ද රූපා ඕ සරසණභව රවණ
භව්‍යා, වණ භව සරා, ණතාභව සරවා,
භවසරවණා, වසරවණභා

ඕ සං සණ්මුඛවා කාර්තිරකයා
කාදම්බා කෝමාරා කන්දාගං ගේයා
සූර සම්භාර සුබ්‍රමනියා මයින් වාහනත
වාවා ආදි ශක්තියානේ වාවා පරා
ශක්තියානේ වාවා සකල පාපන් ගළුම්
සකළ දෙශන් ගළුම් ආරි හාරි අරහ ඕ


කාරමායි ආංකාරමායි සංසං සිංසිං
සුංසුට ඝෞවුට අවුං චෞවුං ශිවාය
රාජයෝගම් දේවයෝගම් රාජ වඝියුම්
දෙවව සියුම් සකල භාග්‍යමුම් සකල
ඓශ්චර්යයමුට් වාවා සර්ව යක්ෂ භූත
ප්‍රේත පිඝාඬුට ගල් අන්චි ඕතිංකි අප්පිර
කාර මාග නික්කයිවා ඨං අං අං අං රිං
උ ඌ එං එං මං ලං
ඕ ගුරුවර එංමුගම් කණ්ධ සර්වජීව
පේනූ කලුම් උන්මුගමෙන් ඩෙන්ති
එන්නඩු කිල්වන්නගි තික්කශිව

ඕ සර්වණභව ඨං රිං ක්ලියුම් ලිං
ලං වට ශිවා

 

උපදෙස් ප්‍රවීණ ජ්‍යොතිෂවේදීනි අංක විද්‍යා විශාරද
සුජීවා කරුණාරත්න

 

 

[email protected]