පොඩි පොඩි App වලින් ලොකු වැඩ

ජනවාරි 6, 2025

දැන් අපේ මේ තියෙන කාර්යබහුල ජීවිතේ ගත්තහම, ඒක කොයි මොහොතකවත් ඉවරයක් නැහැ වගේ නේද දැනෙන්නේ? විශේෂයෙන්ම අපි වැඩ ඉවර කරලා ගෙදර ඇවිත් පොඩ්ඩක් නිස්කලංකව ඉන්න ඕන කියලා හිතුවත්, ඇත්තටම එහෙම නිස්කලංක කමක් ජීවිතේ නැති තරම් කියලා හිතෙන්නෙ නැද්ද? ගෙදර ඇවිත් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න ඕන කියලා සැප පුටුවක වාඩි වුණත්, අපිට අර තියෙන වැඩ කටයුතු ගැන සැරින් සැරේ මතක් වෙනවා.

 

එක්කෝ ඉස්සරහට එන්න තියෙන වැඩ ගැන මතක් වෙනවා. සමහර වෙලාවට අපිට ජීවිතේ කොයි තරම් කාර්යබහුලද කියන එක මතක් වෙනවා.ඇත්තටම ඒ කාර්යබහුල කමත් එක්ක එන ජීවිතේ ස්ට්‍රෙස් එකෙන් මිදෙන්න හොඳ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි භාවනාව, එහෙම නැතිනම් චිත්ත ඒකාග්‍රතාවය. ඉතින් අපිට වර්තමානයේ තියෙන ටෙක්නොලොජි එකෙනුත් භාවනාවට උදවුවක් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ස්මාට්ෆෝන් එකට දාගන්න පුළුවන් භාවනා ඇප්ස් තියෙනවා. නිකමට බලමුද ඒ වගේ එකක් ට්‍රයි කරලා.

Omvana

 

Omvana කියන්නේ ඇත්තටම අර විවිධාකාරයේ භාවනා තේමාවන්, භාවනා මියුසික් තෝරාගැනීම් තියෙන ඇප් එකක් නෙවෙයි. හැබැයි Omvana ඇප් එකේ විශේෂත්වයන් දෙකක් තියෙනවා. එකක් තමයි එකේ තියෙන සරල කම. ඉතාම පහසු පරිශීලක අතුරු මුහුණතක් එක්ක, Omvana ඇප් එකේ ෆීචර්ස් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට. දෙවෙනි කාරණාව වෙන්නේ, Omvana ඇප් එක ඇත්තටම නිකම්ම භාවනා ඇප් එකක් නොවීම. ඊට වඩා ඒකෙන් උත්සාහ කරන්නේ ජීවිතේ අපිට අවශ්‍ය අරමුණු ඉෂ්ට කරගන්න සහාය වෙන්න, අපිව තවත් තලයකට උස්සලා තියන්න, අපිට ජීවිතේ විවිධ තැන් වල කාර්යක්ෂමතාවය, හැකියාවන් වර්ධනය කරගන්න උදවුවක් වෙන්න තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, භාවනාවත් එක්ක යන ක්‍රියාකාරකම් වලින් අපේ නිර්මාණශීලීත්වය වැඩි කරගන්න, ආතතිය, කලබලකාරී බව අඩු කරගන්න, අවධානය වැඩි කරගන්න වගේ දේවල් කරන්න Omvana ඇප් එක උත්සාහ ගන්නවා.

 

Headspace

 

අපිට භාවනාවට යම් කිසි මගපෙන්වීමක් අවශ්‍ය වෙනවා. ඔය සතිපට්ඨානය එහෙම නැතිනම් සිහිය රඳවා තබාගැනීම කියන එකත් ඔය භාවනාවන් එක්කම යනවනේ. හැබැයි අපි කොහොමද ඔය මගපෙන්වීම හොයාගන්නේ? ආන්න ඒකට තමයි Headspace වගේ ඇප් එකක් අවශ්‍ය වෙන්නේ. මුදල් ගෙවලා ගන්න අවශ්‍ය මේ Headspace ඇප් එකෙන් අපිට අපේ දිනචර්යාව ඇතුළතදී සන්සුන් නිස්කලංක බව, ජීවිතේ සමබරතාවය ලබාගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒකට අපිට යම් යම් උපදෙස් ලැබෙනවා ඇප් එකෙන්. හැබැයි අපි ඒ උපදෙස් පිළිපදින්නත් වුවමනායි. ඒ වගේම, රාත්‍රියට නින්දට යනකොට වුණත්, කරන්න විශේෂ භාවනා ක්‍රම මේ ඇප් එකෙන් හඳුන්වලා දෙනවා. ඊට පස්සේ අපිට ගැඹුරු සුව නින්දකට වැටෙන්න වුවමනා කරන මියුසික්, එහෙම නැතිනම් ස්වභාවික ශබ්ද සංකලනයන් අපි වටා ගලාගෙන යන්න සලස්වන්නත් මේ Headspace ඇප් එකටම පුළුවන්.

 

[email protected]