මොනවද මේ ආප්ප සෝඩා

ජනවාරි 13, 2025

 

(ආප්ප සෝඩා, බේකිං සෝඩා, bicarbonate soda කියන්නෙ එකම දේටයි)

 

* ආප්ප සෝඩා (බේකිං සෝඩා) කියන්නේ සෝඩියම් බයි කාබනේට් (NaHCO3) කියන රසායනික ද්‍රව්‍යය.

 

* මෙම රසායනික ද්‍රව්‍යයට අම්ලයක් එකතු කළාම කාබන් ඩයොඔක්සයිඩ් නැමැති වායුව නිපද වෙනවා.

 

* එම වායුව මගින් තමයි බේකරි කෑම සෑදීමේදී පිටි පිපෙන්නේ.

 

* අපි මේකට අම්ලයක් දමන්න ඕන. මේ සඳහා දෙහි විනාකිරි

ක්‍රීම් ඔෆ් ටාටර් වගේ අම්ල දාන්න පුළුවනි.

* යෝගට් සහ මුදවපු කිරි දාන්නත් පුළුවනි.

 

කෑම වර්ග සෑදීමේදී පමණක් නොවේ තවත් බොහෝ දේවලට අපිට බේකිං සෝඩා නැත්නම් ආප්ප සෝඩා යොදා ගන්න පුළුවන්.

 

1. රෙදිවල ඇති වෙනත් රසායනික දුඟද ඉවත් කිරීමට.

2. දත්වල ඇති මැලියම් ඉවත් කිරීමට.

3. මුහුණ සහ ඇඟට බොඩි scrub එකක් විදියට.

4. බාත් tub පිරිසුදු කාරකයක් විදියට.

5. වතුර නළ පිරිසුදු කාරකයක් ලෙස.

6. Oven පිරිසිදු කිරීමට.

7. Silver color භාණ්ඩ පිරිසුදු කාරකයක් ලෙස

8. බල්ලන් සහ පූසන්ගේ මුත්‍රා දුඟද නැති කිරීමට