වර්ෂ 2025 ක්වූ January 13 වැනිදා Monday
මිහිබට සුරඟනකගේ විලාසය ගත් ඇය
බටහිර මනාලියක ලෙසින් හැඩ ගැන්වෙන්නට ශ්‍රී ලාංකේය මනාලියන් ද කැමැත්තක් දක්වයි. බොහෝ විට බටහිර මනාලියක සේ හැඩ ගැනෙන්නේ කතෝලික ආගමේ අයයි. බටහිර මනාලිය සාමාන්‍යයෙන් ගවුමකින් සැරසේ. විවිධ හැඩයන්ගෙන් යුතුව එම ගවුම මසා නිම කළ යුතුවේ.
ඇගේ ඇඳුම, මල් කලඹ, මේක් අප් එක, කොණ්ඩා මෝස්තරය, පලඳින ආභරණ මේවා බොහෝ විට චාම් ස්වභාවයක් ගනියි.
NVQ 4 පාඨමාලාව හදාරන ඔබට මනාලියන් වර්ග 5කින් ඇන්දවීම පිළිබඳ පුළුල් දැනුමක් ලබාගත යුතුවේ. බටහිර මනාලිය ඉන් එකකි.
බටහිර මනාලියගේ ඇඳුම
බොහෝ විට බටහිර මනාලිය හැඩවන්නේ ගවුමකිනි. විවිධ හැඩයන්ගෙන් යුතුව එම ගවුම මසා නිම කරයි.
මේවා බොහෝ විට සිරුරේ හැඩයට සකසයි.
ඇතැම් ගවුම්වලට බක්‍රම් එක දමයි. තවත් ඒවාට බක්‍රම් එක නොදමයි. ඇතැම් ගවුම්වලට ටේල් එක දිගට දමයි. තවත් ගවුම්වල ටේල් එක දිගට නොදමයි.Tube dresses ඇඳීමටත් බොහෝ අය කැමතියි. තවත් ගවුම් ෆිෂ්ටේල් හැඩයට මසයි.
Lace off the shoulder wedding dress
V neck neckline wedding dress
long a line wedding dress
Martina Iiana wedding dress
Gold work wedding gown
Sheath wedding dress
tea length wedding dress
Tiered ruffled wedding dress
one shoulder wedding dress
High low wedding dress
long sleeves wedding dress
chiffon beach wedding dress
Cape shawl wedding dress
long train wedding dress
satin mermaid wedding dress
මේ ඒ සඳහා උදාහරණ කිහිපයකි.
සුදුසු පැහැයන්
* සුදු පැහැය
* ක්‍රීම් පැහැය
* ඇත් දළ පැහැය
* අයිවරි පැහැය
වේල් එක
මනාලියන්ගේ වේල් එක සම්බන්ධව අපි පසුගිය සතියක කතා කළා. ගවුමෙන් සැරසෙන බටහිර මනාලියන් අනිවාර්යයෙන්ම වාගේ වේල් එක පලඳියි. ගවුමේ ටේල් එක දිගට ඇත්නම් වේල් එක කොටටත්, ටේල් එකක් නොමැති නම් වේල් එක දිගටත් දමයි.
සමහර අය වේල් එක හිසට නොදමා ගවුමේ ඉණට බෝ එකක් සකසා එය හැඩකරයි.
බටහිර මනාලියගේ චාරිත්‍ර වාරිත්‍ර සියල්ල සිදු කෙරෙන්නේ පල්ලිය තුළයි. පියා සමඟ පල්ලියට පැමිණෙන බටහිර මනාලිය ෆේස් වේල් එක පැලඳ පැමිණෙයි. විවාහ ගිවිසගැනීමෙන් පසු මනාලයා විසින් ෆේස් වේල් එක ඉවත් කරයි. ඉන් අදහස් කරන්නේ මනාලියගේ භාරකාරත්වය මනාලයා වෙත පැවරුණු බවයි.
මේක් අප් එක
බටහිර මනාලිය අනෙක් මනමාලියන්ට සාපේක්ෂව ඉතාම චාම්, සරල මේක් අප් එකක් දමයි. මනාලියගේ ආභරණ අඩු නිසා මේක් අප් එක තරමක් තද වර්ණයෙන් කරයි.
කොණ්ඩා මෝස්තර
බටහිර මනාලිය කොණ්ඩා මෝස්තර දමන වේලාවන් මෙන්ම කොණ්ඩා මෝස්තර නොදමන අවස්ථාද තිබේ. සරල කොණ්ඩ (Simple Hair Style) මෝස්තර මෙන්ම සංකීර්ණ කොණ්ඩ(Heavy Hair Style) මෝස්තර දමන අවස්ථාද දක්නට ලැබේ.
පලඳින ආභරණ
ඇය බොහෝවිට පලඳින්නේ ඉතාම සරල ආභරණයි. ඇතැම් මනාලියන් හිසට ක්‍රවුන් එකක් පලඳයි.
මල් කලඹ
මල් කලඹ ද ඉතාම චාම් එකකි. මෙය බොහෝ විට පෝසි හැඩයෙන් යුතුවේ. තනි රෝස මලක්, එසේත් නැත්නම් අවානක් සමඟ රෝස මලක්, දිග කූඩයක්, වේවැලක් සමඟ මල් කලඹක්, මල් අත්තක්, මල් බංච් එකක් භාවිත කරන අවස්ථාද තිබේ.
අත් මේස් (Gloves)
බටහිර මනාලියන් අනිවාර්යයෙන්ම පාහේ ග්ලව්ස් දමයි. මෙය ඒ අයගේ චාරිත්‍රයක කොටසකි.