පොඩි පොඩි APP වලින් ලොකු වැඩ

ජනවාරි 13, 2025

 

ඉස්සර අපි ඩිජිටල් නොවුණු කාලෙදී වැඩ කටයුතු කළමනාකරණය කරගන්න පාවිච්චි කළේ ලොකුවට කොටුවල මාසේ අංක දාලා තිබුණු කැලැන්ඩර්, දිනපොත්, ප්ලෑන්ස් වගේ ඒවනේ.

 

හැබැයි දැන් ඩිජිටල් වෙලා ඉන්න කාලේ ඒ දේ කරගන්න පුළුවන් කැලැන්ඩර් ඇප් එකකින්. මේ ගොඩක් කැලැන්ඩර් ඇප්ස්වල තියෙන විශේෂත්වය වෙන්නේ, ඒවා අපි පාවිච්චි කරන ඩිවයිස් හැම එකක්ම හරහා sync වීම. වෙනත් විදිහකට කිවුවොත්, ස්මාට්ෆෝන් එකේ තියෙන කැලැන්ඩරේත්, කම්පියුටරේ තියෙන කැලැන්ඩරේත් එකටම තමයි වැඩ කරන්නේ. කම්පියුටරේ කැලැන්ඩර් එකේ ඉවෙන්ට් එකක් ඇඩ් කළොත්, ඒක ස්මාට් ෆෝන් එකේ කැලැන්ඩර් එකේත් අප්ඩේට් වෙනවා. හැබැයි මේ නවීන කැලැන්ඩර් ඇප්ස්වලින් කරන්න පුළුවන් දේවල් එතැනින් නතර වෙන්නෙ නෑ. මේ කැලැන්ඩර් ඇප්ස්වල කොයි තරම් ෆීචර්ස් තියෙනවද කියන එක අපි දැනගත්තනේ. එහෙමනම් තියෙන්නේ පාවිච්චියට හොඳ කැලැන්ඩර් ඇප් එකක් තෝරගන්න එක.

Google Calendar

 

සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් ෆෝන්වලට කොහොමත් එන කැලැන්ඩර් ඇප් එන තමයි ගූග්ල් කැලැන්ඩර්. හැබැයි නිකං දෙන ගූග්ල් කැලැන්ඩර් එකේ සම්පූර්ණ ෆීචර්ස් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ නැති තරම්. ඉවෙන්ට්ස්, රිමයින්ඩර්ස් වගේ දේවල් වගේම ගෝල්ස් පවා ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත්, දිනපතාම ජිම් ගිහිල්ලා ඇඟ හදාගන්න ගෝල් එකක් ඇඩ් කළොත්, දවසේ එකම වෙලාවකට ඒ වැඩේට කාලය වෙන් කරන්න කියලා ගූග්ල් කැලැන්ඩර් එකෙන් අපිට මතක් කරනවා. ඔන්න ඔය වගේ. අනික් කාරණාව, ජීමේල්, ගූග්ල් ඩොක්ස් වගේ ගූග්ල් ප්‍රඩක්ට්ස් පාවිච්චි කරනවා නම්, ඒවා එක්කත් ගූග්ල් කැලැන්ඩර් එක සහයෝගයෙන් වැඩ කරනවා.

Outlook Calendar

 

දැන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහ වෙනත් මයික්‍රසොෆ්ට් නිෂ්පාදන පාවිච්චි කරන අතිවිශාල ජනතාවක් ඉන්නවා කියන එක අපිට අත අරින්න බැහැනේ. විශේෂයෙන්ම මුදල් ගෙවලා මයික්‍රොසොෆ්ට් ඔෆිස් 365 ගන්න කෙනෙක්ට අවුට්ලුක් ඊමේල් සඳහා පාවිච්චි කරන්න පුළුවන් වෙනවා වගේම, මයික්‍රසොෆ්ට් ටීම්ස් සහ අවුට්ලුක් කැලැන්ඩර් එකේ සම්පූර්ණ හැකියාවන් පාවිච්චි කරන්නත් පුළුවන් වෙනවා. විශේෂයෙන්ම ඔෆිස් එකේ මයික්‍රසොෆ්ට් ඔෆිස් 365, අවුට්ලුක් සහ ටීම්ස් පාවිච්චි කරනවා නම්, තමන්ගේ වැඩ කළමනාකරණය කරගන්න අවුට්ලුක් කැලැන්ඩර් එක පාවිච්චි කරන එක වඩාත් සාර්ථකයි. මේ ඔස්සේ ඉවෙන්ට්ස් සහ රිමයින්ඩර්ස් ඇඩ් කරන්න වගේම, මීටින් රික්වෙස්ට්ස් කළමනාකරණය කරගන්න සහ තවත් බොහෝමයක් වැඩ කටයුතු කරගන්න ඉඩ ලැබෙනවා. ඕ‍ෙන නම් අපිට කැලැන්ඩර් එක අනෙක් ටීම් එකේ අයත් එක්ක ෂෙයාර් කරන්න පුළුවන්. එතකොට කෙනෙක්ට මීටින් එකක් දාන්න ඕනෙ නම්, අපිට ෆ්‍රී වෙලාවන් මොනවද කියලා අපේ කැලැන්ඩර් එකෙන් බලලා, ෆ්‍රී තියෙන ටයිම් ස්ලොට් එකකට මීටින් එක රික්වෙස්ට් කරන්න පුළුවන්. අපිට ඒක ඇක්සෙප්ට් කරන්න හෝ ඩික්ලයින් කරන්න පුළුවන්. හරිම ලේසියි.

 

[email protected]