වසරේ ප්‍රථම විවාහ මංගල ප්‍රදර්ශනය දුරුතු මහේ මහා මංගල්‍යය විවාහ 2025

ජනවාරි 13, 2025

2025 වසර ආරම්භයත් සමඟින් විවාහ අපේක්ෂිත ඔබ වෙනුවෙන් පැවැත්වූ විවාහ 2025 පසුගිය දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පුරා දින තුනක් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

විවාහ මංගල උත්සවයේ මංගල ආරාධනා පත්‍රයේ සිට රූපලාවණ්‍ය කටයුතු වල සිට ඡායාරූපකරණය දක්වාම සියලු දේ එකම වහලක් යටින් සපයගත හැකි වීම මෙම ප්‍රදර්ශනයේ තිබු විශේෂත්වයකි.

විවිධ වැඩසටහන් හා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන ආයතනයක් ලෙස අප කා අතරත් ජනප්‍රිය Event Media ආයතනය ‍ෙමය සංවිධානය කරන ලදී. තරුණී පුවත්පත මෙහි මුද්‍රිත දායකත්වය ලබා දුනි.