වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
මාපිය රැකවරණය අහිමි වූ විට දරුවන්ගේ ලෝකය කොයිබටද
දරුවන්ට වෙනමම ලෝකයක් තිබේද ? ඔව්. වැඩිහිටියන්ට මමන්ම ඒ අයටත් මවුව්පියො, ගුරුවරු, මිතුරු මිතුරියො සහ වැඩිහිටියෝ වටා ගොඩනඟා ගත් ලෝකයක් ඇත. වැඩිහිටියන්ට තරම් පුළුල් වපසරියක් නොමැති වුවත් දරුවන් ඒ සියලු දෙනාගේ ආරක්ෂාව සහ රැකවරණය තමන්ගේ ලෝකය තුළ බලාපොරොත්තු වේ.
නමුත් තමන්ගෙ සමීපතමයන්ගෙන් අසාධාරණයට, අතවරයට ලක් වෙන දරුවෙක් ගැන සිතා බලමු. මව විදේශගත වුණු පසුව රැකවරණය ලබා දිය යුතු මිත්තණිය, නෑදෑයා අතින් විවිධ කෲර සැලකිලිවලට ලක් වුණු දරුවකු රැකවරණයක්, පිළිසරණක් පතන්නේ කවුරුන්ගෙන් ද?
විවිධ ආර්ථික අපහසුතා හේතුවෙන් දරුවන් වෙනුවෙන් විදේශගත වන මවුපියන් කොතෙකුත් ඇත. නමුත් තම දරුවාගේ රැකවරණය නියමාකාරයෙන් සැලසීමට හැකිදැයි යන්න ඔවුන්ට නිශ්චිත නැත. විදේශගත මව නැවත ෙගන්වා ගැනීම සඳහා දරුවාට විවිධ හිරිහැර වධ හිිංසා කර, අමානුෂික අයුරින් එම සිදුවීම් වීඩියෝගත කර මව වෙත ලැබීමට සැලැස්වූ අවස්ථා පසුගිය වකවානුෙව් වාර්තා විය. එවැනි අවස්ථාවලදී පියා නීතිමය ක්‍රියාමාර්ගයකට යොමු කළ විට දරුවාට මව සහ පියා යන දෙදෙනාම අහිමි වී සමහරවිට ළමා නිවාසයක, ආගන්තුක පරිසරයක ජීවත් වීමට සිදු වේ.
මෙවැනි සිදුවීම්වලින් දරුවන්ට ඇති වන ශාරීරික පීඩනයට වඩා මානසික පීඩනය අති මහත්ය. කුඩා දරුවන්ට මවගේ රැකවරණය අත්‍යවශ්‍ය නිසාවෙන් රජය විවිධ ක්‍රියාමාර්ග ෙම් සම්බන්ධයෙන් ෙගන ඇත. නීති රීති කොතෙක් තිබුණද නිලධාරීන්ගේ ක්‍රියාත්මකවිමේ පවත්නා අඩුපාඩු හේතුවෙන් ඉතා කුඩා දරුවන් පවා අසරණභාවයට පත්වන අවස්ථා දක්නට ලැබේ.
දරුවා සම්බන්ධෙයන් සමාජය තුළ පවත්නා අඩු තක්සේරුව ද මෙයට බලපා ඇත. අපරාධයට ගොදුරු වූ තැනැත්තා ළමයෙක් වීම නිසාම යම් අවස්ථාවලදී ළමයින්ට සිදුවන අපරාධ සිදුවීම් යටපත් වේ. ළමයෙකු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුත්තේ් ළමයාට තමාට සිදුවන අසධාරණය සම්බන්ධෙයන් ක්‍රියාමාර්ගයක් ගත නොහැකි තත්ත්වයක පසුවන නිසාය. ළමයා වෙනුවෙන්් ක්‍රියාත්මක විය යුත්තේ වැඩිහිටියන්ය.
යම් දරුවකු අසාධාරණයට ලක්වන්නේ් නම් ඒ සම්බන්ධෙයන් වහා ක්‍රියාකාරී වීම වැඩිහිටියන් සතු යුතුකමකි. අසල්වැසි නිෙවසේ දරුවාට පහරෙදන හඬ, දරුවන් වේදනාවෙන් හඬන හඬ තවදුරටත් අසා සිටිය යුතු, සිටිය යුතු කාලය නොවේ. විශේෂයෙන් එම නිෙවසේ මව හෝ පියා විදේශගතව සිටි නම් ඒ පිළිබඳ වහා ක්‍රියාත්්මක විය යුතු වේ. අනවශ්‍ය කරදරවල පටලවීමට සිදුවන නිසා, පොලීසි උසාවිවල රස්තියාදු වීමට සිදු වන නිසා එවැනි සිදුවිම් නොසලකා හැරීම අප විසින් නවතා දැමිය යුතුය. දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ආයතනවලින් උපරිම ප්‍රයෝජන ගැනීමේ වගකීම පවතිනුයේ පුරවැසියාටය.
මේ නිසා කුමන තත්ත්වයක් යටතේ වුවද දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු වන අතර දරුවන් අසාධාරණයට ලක් නොවන බවට අප විසින් වගබලාගත යුතුවේ.