සල්ලි ලක්ෂ ගණන් උපයන්න තැඹිලි පිටරට යවන්න

අප්‍රේල් 28, 2025

සාර්ථක මිනිස්සු දෙස අප ඇයි මැජික් එකක් බලනවා සේ බලන්නේ? අපි බයයි සාර්ථකත්වයේ පළමු අඩිය තබන්න. ඇත්තටම සාර්ථකත්වය කරා ළඟාවීමට කිසිම මැජික් එකක් නැහැ. ඔවුන් ළඟ තිබෙන්නේ කැපවීම හා අධිෂ්ඨානය. ඒ වගේම නිර්මාණාත්මක සිතුවිලි තමයි ඔවුන් සාර්ථකත්වය කරා රැගෙන යන්නේ. ලෝකයේ සාර්ථක වූ සෑම මනුස්සයෙක්ම වගේම ඔබටත් ගමනක් යන්න පුළුවන්. ඒ ගමන සාර්ථක කර ගන්නත් අපහසු නැහැ.

අප ඔබට මෙවර හඳුන්වා දෙන්නේ එවැනි සාර්ථක ගමනට මුල පුරන්න පුළුවන් ස්වයං රැකියාවක් ගැන. හැබැයි මේ ස්වයං රැකියාව සාම්ප්‍රදායිකව රාමුවට කොටු වූ රැකියාවට වඩා වෙනස්. දිගු කාලයක ප්‍රතිඵලයක් ලෙසින් ජයග්‍රහණය කරා ළඟා විය හැකි ඔබේම කෘෂිකාර්මික ව්‍යාපාරයක්.

King Coconut කියන්නේ ලෝකයක් ඉහළම ඉල්ලුමක් තිබෙන ශ්‍රී ලංකේය නිෂ්පාදනයක්. Sri Laken king coconut නැතිනම් ශ්‍රී ලාංකේය තැඹිලි සඳහා ලෝකයේ හොඳම ඉල්ලුමක් තිබෙන බව දන්නේ බොහොම සුළු පිරිසක්. මේ ඉල්ලුමට සරිලන ලෙසින් තැඹිලි සැපයීමට ඔබටත් පුළුවන් නම් හොඳ අාදායමක් උපයන්න අවස්ථාව තිබෙනවා. මෙයට ප්‍රධානම හේතුව තමයි ලෝකයේ බොහෝ රටවල තැඹිලි ඉල්ලුම සඳහා ඔවුන්ට සපයන්න හැකියාව තිබෙන්නේ කුරුම්බා. විශේෂයෙන් මැද පෙරදිග හා යුරෝපීය රටවල අපේ තැඹිලි සඳහා ඉතා විශාල රුචිකත්වයක් දක්වන්නේ එහි ඇති රසවත්බව හා ගුණාත්මක බව නිසයි.

 

ඔබට මේ තැඹිලි අපනයනය සඳහා යොමුවීමට ක්‍රම දෙකක් තිබෙනවා. ඉන් එක් ක්‍රමයක් තමයි තැඹිලි ගෙඩියකට අගය එකතු කළ ක්‍රමයක් අනුව බෝතල් කර හෝ ඇසුරුම් කර අපනයනය කිරීමයි. ඒ වගේම තැඹිලි ගෙඩිය පිටින්ම පිටරටවල යැවීමයි.

 

ඔබ මෙලෙස තැඹිලි අපනයනය කිරීමට පියවරයන් කිහිපයක් අනුගමනය කළ යුතුයි. ඒ සඳහා ඔබට මුලින්ම උපදෙස් ලබාගත හැකි ආයතනය වන්නේ පොල් සංවර්ධන අධිකාරියයි.

 

මේ ආයතනයේ උපදෙස් අනුව ඔබ තැඹිලි අපනයනය සඳහා ලියාපදිංචිය ලබාගත් පසු දෙවනුව පොල් පර්යේෂණ ආයතනයේ මඟ පෙන්වීම මත මේ ක්‍රියාවලියට ප්‍රවේශවීමට අවස්ථාව හිමිවෙයි.

 

මේ ක්‍රියාවලිය සඳහා එක්වරම ඔබට ප්‍රවේශවීමට නොහැකි නම් අනුගමනය කළ හැකි තවත් එක් පියවරක් වන්නේ අපනයනය කරනු ලබන ව්‍යාපාරිකයෙකුට ඔබ සතු තැඹිලි විකිිණීමයි. මෙලෙස ඔබ සතුව තැඹිලි ගස් විශාල ප්‍රමාණයක් තිබීම අවශ්‍ය නොවෙයි. ඔබ සතුව තැඹිලි ගස් 4 - 5 ක් ඇති නම් එය ප්‍රමාණවත්ය.

ඔබ කළ යුත්තේ ඔබගේ තැඹිලි හොඳින් පැසුණු පසු පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් හඳුන්වා දී ඇති whatsApp අංකයට ඇමතීමයි. ඔවුන් විසින් ඔබගේ වගාව ඇති ප්‍රදේශයට පැමිණ අදාළ තැඹිලි නියම ප්‍රමාණයට ඇති නම් ඒවා මිලදී ගැනීමයි.

 

ගෙවතු වගාවක් ලෙස ඇති මේ තැඹිලි වගාව තවත් දියුණු කිරීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් සංවර්ධන මණ්ඩලය වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මක කර තිබේ.

 

තැඹිලි අපනයනය කිරීමේදී එම තැඹිලි දිගු කාලයක් තබා ගැනීමේ ක්‍රමයක් ද පොල් පර්යේෂණ ආයතනය සොයාගෙන තිබේ. එසේ සොයාගත් පර්යේෂණය අනුව මාසයක කාලයක් තැඹිලි කල්තබා ගැනීමේ ක්‍රමයක් ලෙස ආශ්‍රිත ජලයෙන් පිරිසුදු කර Net rap එකකින් ඔතා එකකට එකක් නොගෑවෙන ලෙස තබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

 

මෙලෙසින් තැඹිලි අපනයන සඳහා ඉල්ලුමට සරිලන සැපයීමක් අප රටට ලබා දීමට නොහැකි තත්්ත්වයක් මත වෙනත් රටවල් ද මෙලෙසින් තැඹිලි අපනයනයට යොමුවීම මෑත කාලයේ සිදුවෙමින් පවති. නමුත් අප රටේ දේශගුණයට හා පසේ ඇති සරුබව නිසා ඉතා රසවත් තැඹිලි අපනයනය කිරීමට හැකියාව ලැබී තිබේ. මෙලෙසින් අපනයනය කරනු ලබන ව්‍යාපාරිකයන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් හා පුහුණු වැඩමුළු පොල් සංවර්ධන අධිකාරිය මඟින් නිරතුරුවම පවත්වයි.

පසුගියදා එවැනි ව්‍යාපාරික ප්‍රජාවගේ එකමුතුවක් හා සුහද හමුවක් කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පවත්වන ලදි. එසේ පවත්වා ඔවුන්ගේ ගැටලු සඳහා පිළිතුරු සැපයීමක් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඇති ගැටලු සාකච්ඡා කිරීමත් සිදුවිය.

මෙලෙසින් පැවැත්වූ මේ වැඩසටහන සඳහා පොල් පර්යේෂණ ආයතනයේ නිලධාරින්, පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරීන් හා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ද එක් වුහ.

 

විශේෂ ස්තූතිය

පොල් සංවර්ධන අධිකාරිය සහ පොල් වගා කිරීමේ මණ්ඩලයට