වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන මානසික රෝගය
ලෝක මානසික සෞඛ්‍ය දිනය යෙදී තිබුණේ ඉකුත් දහවැනිදාට. මෙවර තේමාව වන්නේ, “මනා ආයෝජනයක් තුළින් සැමට මානසික සුවය ළඟාකර ගැනීමට පිවිසුමක ලබා ගමු යන්න“ ය කුමක් ලියන්නේදෑයි සිතමින් සිටි මොහොතක සිහි වුයේ වෛද්‍ය ළඟිරු දෙද්දුවකුමාර ලියූ කවියකි.
කවියක් ගීතයක් ඔස්සේ යා හැකි දුර බොහෝය. මේ එවැනි ගමනකි. ඒ ගමනේදී අපේ පාඨක ඔබ වෙනුවෙන් යම් පණිවුඩයක් ගෙනෙන්නට හැකි වුවා යැයි සිතමි.
මසකට පමණ පෙර දිනෙක අපේ ආයතනයේ සොයුරකු පැමිණ තම මිත්‍රයකුගේ යැයි පවසමින් කවි පෙළක් මා අත තැබුවේය. පසුව කියවා බලන්නම් යැයි කියූවද නිකමට මෙන් කවි පෙළ එවලේම කියවූයෙමි.
“යාළුවා මොනවා කරන කෙනෙක් ද?“ කවියේ පද කියවා අවසානයේ වඩාත් උනන්දුවෙන් ඇසුවේ කවියේ පද පෙළට වඩා නිමිත්ත - ගැන ලියා තිබු වාක්‍ය කිහිපය සිතේ කුහුලක් ඇති කළ නිසාය.
“ඔහු කළුතර මහ රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය නිලධාරි ලහිරු දෙද්දුවකුමාර.“
දින ගණන් සති ගණන් ගියද ඉඳහිට දිනෙක වෛද්‍ය ළහිරු විසින් ලියන ලද කවිය සිහිපත් වෙයි. “දොර අගුළු බැඳ තබා අළුයමෙහි නික්ම යමි
රැජිනකට අවැසි හැම ඈ අසම තබා නිති
ගිනි පිඹින දහවලේ ඉසිඹුවක ඇසිල්ලෙන්
සැණෙක ඈ සොයා එමි....“
දිනෙක සන්ධ්‍යාවේ අප කතා කළෙමු. හඳුනා ගත්තෙමු.
“ඒ වගේ කවියක් ලියැවෙන්න විශේෂ හේතුවක් තියෙනවද?“
“විශේෂ හේතු එකක් නොවෙයි දෙකක් තියෙනවා.“
ඔහු කතාව කියන්නට වුයේය.
''මේ සමාජයේ කාන්තාවන් වගේම පුරුෂයනුත් සිටිනවා අසාමාන්‍ය ලෙස තම බිරිය, සැමියා, එහෙමත් නැත්නම් ලිංගික සහකරු, සහකාරිය, පෙම්වතා, පෙම්වතිය සැකකරන..
මෙය මානසික රෝගී තත්ත්වයක්. ඒ වගේම මේ තත්ත්වයේ අවසානය වන්නේ එක්කෝ දිවි නසා ගැනීමක්, එහෙමත් නැත්නම් මිනීමැරුමක් විය හැකියි. විලියම් ශේක්පියර්ගේ ඔතෙලෝ නාට්‍ය යේ ඔතෙලෝ තමන්ගේ බිරියව ඝාතනය කරන්නෙත් මේ ලිංගික සැකය නිසා.
කළුතර මහ රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය නිලධාරි
ලහිරු දෙද්දුවකුමාර
2020/10/14 තරුණි පුවත්පත බලන්න.