වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
උකුළ හැඩ කරන සල්සා

අද තියෙන කාර්යබහුලත්වයත් එක්ක තමන්ගේ නීරෝගි බව ගැන හිතන්නවත් වෙලාවක් නැති තරම්. ලෙඩ වෙලා බෙහෙත් ගන්නවට වඩා ලෙඩක් ඇති වෙන්න කලින්ම එයින් බේරන්න ක්‍රමයක් තියෙනවනම් කෙතරම් දෙයක්ද. ව්‍යායාම කියන්නෙත් ඒ විදිහේ ක්‍රමයක්. හැබැයි නර්තනය මුසු වුණු ව්‍යායාමයක් කියන්නේ එයින් සිතට සතුටක් ද ලබා ගන්න පුළුවන්. අද කියලා දෙන්නේ සිතට සතුට ගෙනෙන සුම්බා මුසු වුණු සල්සා නර්තනයේ පියවර කිහිපයක්.
අපි පසුගිය සතියේ කතා කළ Merengure නර්තන විලාසය ද සල්සා විලාසිතාවට තරමක් සමානයි. හැබැයි සල්සා විලාසිතාව ඊට වඩා හරි අපූරු රිද්මයානුකූල විලාසිතාවක්.
සල්සා නර්තනයේ ප්‍රධානම ඉරියව්ව වන්නේ වමට සහ දකුණට පාද තැබීමයි.
එය සල්සා නර්තනයේ මූලික චලනයයි. දැන් මෙය අරඹමු.
ඔබ එක් ස්ථානයක සිටගෙන, දෙපා එක් කරගන්න. දැන් ඔබගේ දකුණු පාදය දකුණු පැත්තට අඩියක් තබා ආපසු ගන්න. ඉන්පසුව වම් පාදය වම් පැත්තට අඩියක් තබා ආපසු ගන්න.
ඔබගේ උකුළ සහ ඉණ මේ සමඟ තාලයට පැද්දවීමට ද අමතක නොකරන්න. සංගීතයේ රිද්මයට අනුව එම පියවර අනුගමනය කරන්න.
ඉන්පසුව පාද මාරුවෙන් මාරුවට ඉදිරිපසට සහ පිටුපසට තබන්න. එහිදී ද ඉණ හොඳින් රිද්මයානුකූලව චලනය කරන්න. දී ඇති රූප සටහන් දෙස බැලීමෙන් ඔබට මෙම පියවරයන් පහසුවෙන් අවබෝධ කර ගත හැකියි.
සල්සා සමඟ මේද දහනය
සුම්බා නර්තනයට වඩා සල්සා නර්තනයෙන් ප්‍රතිලාභ රැසක් ලබාගත හැකියි. බර අඩු වීම සහ මේද දහනය සල්සා නර්තනයෙන් ලැබෙන ප්‍රධානම ප්‍රතිලාභයයි. පැයක් තුළ කැලරි 300- 600ක් දක්වා දහනය කරන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. සල්සා නර්තනය රිද්මයානුකූල බවින් යුතු නිසා හැඩැති උකුළක් සහ සිහින් සිරුරකට හිමිකම් කියන්න වාසනාව ලබාගත හැකියි.
එමෙන්ම ශක්තිමත් බව වැඩිකර ආතතිය අඩුකරයි. සංගීතය සහ නර්තනයේ විනෝදය හරහා මානසික ආතතිය අඩුවී ශරීරයේ නීරෝගිබව වැඩි කරයි.
සල්සා යනු සෞඛ්‍ය හා ආතතිය පාලනය කරමින්, විනෝදයෙන් පිරි සුවපහසු දිවියක් ගත
කිරීමට උපකාරී විය හැකි අලංකාර නර්තනයකින් යුතු ව්‍යායාම ක්‍රමයක්. ඒ නිසා දෛනික ජීවිතයේ කාලසටහනට සල්සා වෙනුවෙන් කෙටි වේලාවක් වෙන් කරගන්නේ නම් යහපත් දිවියකට මඟ පාදයි.
උපදෙස් -
සුම්බා, ලතින් අමෙරිකානු
සහ බෝල්රූම් ආචාර්ය
නලින්ද ප්‍රසාද් සුබසිංහ
MODEL-තක්ෂිලා
PIX - දුශ්මන්ත මායාදුන්න