වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
වැලි මැස්සාගෙන් බෝ වෙන අලුත් ලෙඩේ මොකක්ද?
"මෙන්න තවත් භයානක රෝගයක් පැමිණිලා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් කිහිපයකින් රෝගීන් වාර්තා වෙලා. "
ලෙසින් සමාජ වෙබ් අඩවිවල ලෙෂ්මනයිසිස් රෝගය ගැන සඳහන් කර තිබුණ ද මෙය අලුත් ලෙඩක් නෙවෙයි.
එක් වසංගතයකින් බැට කන කාලයක සිය ගණනින් රෝහල්ගත වන තවත් ලෙඩක් ගැන අසන්නට ලැබීම ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇනීමක් වගේයි. කෝවිඩ් - 19 න් ලෝකයා වගේම අපත් බැට කන කාලයකයි ලෙෂ්මනයිසිස් ( Leishmaniasis ) නම් වැලි මැස්සාගෙන් බෝ වන රෝගය ගැන අසන්න ලැබෙන්නේ.
ලෙෂ්මනයිසිස් යනු අලුත් රෝගයක් නො වෙයි. 2008 වසරේ සිට වැලි මැස්සාගෙන් බෝ වන රෝගය ගැන අසන්න ලැබෙනවා.
ලංකාවේ දිස්ත්‍රික්ක විසි පහෙන්ම රෝගීන් වාර්තා වුණත් රෝගීන්ගෙන් සියයට අනූවක්ම වාර්තා වන්නේ අනුරාධපුර, හම්බන්තොට, පොලොන්නරුව, කුරුණෑගල සහ මාතර දිස්ත්‍රික්කවලින්. ජූලි - සැප්තැම්බර් කාලයේත් දකුණු පළාතේ ඔක්තෝබර් - දෙසැම්බර් කාලයේත් රෝගය ගැන වැඩිපුරම අසන්න දකින්න ලැබෙනවා. උෂ්ණත්වය, ආදුතාවය, සුළඟ රෝගය පැතිරීමට බලපාන ප්‍රධාන ප්‍රධාන සාධකයි. රටවල් 88 ක පමණ යම් යම් පළාත්වලට ලෙෂ්මනයිසිස් රෝගය ආවේණික වී තිබෙනවා.
ලෙෂ්මනයිසිස් කියන්නේ මොනවගේ රෝගයක්ද?
මෙය ප්රෝටොසෝන් ලෙෂ්මනියා නම් පරපෝෂිතයාගෙන් වැලඳෙන්නක්. මේ පරපෝෂිතයා ආසාදනය වන්නේ ආසාදිත ගැහැනු වැලි මැස්සන් සපා කෑමෙන්. ගැහැනු වැලි මැස්සන්ගේ බිත්තර නිපදවීමට රුධිරය අවශ්‍යයි. ලෙෂ්මනියා නම් පරපෝෂිතයා, ගැහැනු වැලි මැස්සාව ධාරකයා කරගෙන සිටිනවා. මිනිසා ද උන්ගේ ධාරකයෙක්. පරපෝෂිතයන්ගෙන් වැලඳෙන මාරාන්තික රෝග අතරින් ලෙෂ්මනයිසිස් රෝගය දෙවැනි වන්නේ මැලේරියා රෝගය ට පමණයි.
විශේෂ තුනකින් විවිධ ලක්ෂණ-
ලෙෂ්මනයිසිස් පරපෝෂිතයන් විශේෂ ගණනාවක් ඇති අතර ඉන් මිනිසා රෝගී කරන්නේ විශේෂ විස්සක් පමණ වන බවට විද්‍යාඥයන් අනුමාන කරනවා. කියුටේනියස් ලෙෂ්මනයිසිස් පරපෝෂිතයන් ගෙන් රෝගී වූ විට සමේ තුවාල හට ගන්නවා. මේ තුවාල වේදනාකාරී නැහැ. වඩාත් සුලබම ලෙෂ්මනයිසිස් රෝග තත්ත්වය මෙයයි. ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඉක්මනින් සුවය ළඟාකර ගැනීමටත් සංකූලතා ඇතිවීම වළක්වා ගැනීමටත් පුළුවන්.
මියුකොකියුටේනියස් ලෙෂ්මනයිසිස් -
දුලබව දැකිය හැකි තත්ත්වයක්. මෙය වැලඳෙන්නේ කියුටේනියස් ලෙෂ්මනයිසිස් ආසාදනය වී තුවාල සුවවූවාටත් පසුවයි. සුවවී මාස කීපයකට පසු මියුකොකියුටේනියස් ලෙෂ්මනයිසිස් රෝගය කලාතුරකින් කෙනකුට වැලඳෙනවා. මේ පරපෝෂිතයාගෙන් රෝගය වැලඳුන විට නාසය, උගුර, මුව කරා පැතිරෙනවා. ශ්ලේෂ්මල අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් විනාශ වෙනවා. මියුකොකියුටේනියස් ලෙෂ්මනයිසිස් රෝග ලකුණු වන්නේ මුවේ, නාසයේ, තොල්වල තුවාල හට ගැනීම, නාසයෙන් සොටු දියර ගැලීම, නාසයෙන් ලේ යාම, හුස්ම ගැනීමේ අපහසුතාව යි. මියුකොකියුටේනියස් ලෙෂ්මනයිසිස් බරපතළ තත්ත්වයක් වන අතර අනිවාර්යයෙන් ප්‍රතිකාර ගත යුතුයි.
කාලා අසාර් නැත්නම් විස්සරල් ලෙෂ්මනයිසිස්
මේ තත්ත්වය භයානකයි. වැලි මැස්සා සපා කා මාස 2 - 8 කට පසු විස්සරල් ලෙෂ්මනයිසිස් තත්ත්වය ඇති වෙනවා. විස්සරල් ලෙෂ්මනයිසිස් තත්ත්වය සිරුරේ අභ්‍යන්තරයට බලපානවා. අක්මාවට ප්ලීහාවට ඇට මිදුළුවලට රෝගය බලපානවා. ප්‍රතිශක්තිකරණ පද්ධතියටත් රෝගය නිසා හානි වෙනවා. ප්‍රතිකාර නො ගත්තොත් මරණයට පත්වීමට පවා ඉඩ තිබෙනවා. බර අඩු වීම, දුබල බව, සති ගණන් හෝ මාස ගණන් පවතින උණ, ප්ලීහාව ඉදිමීම, අක්මාව ඉදිමීම, රුධිර සෛල නිපදවීම අඩුවීම, රුධිර වහනය, වසා ගැටිති ඉදිමීම මෙවිට ඇතිවන රෝග ලකුණුයි.
රෝගී වීමේ අවදානම වැඩිකරන සාධක
මන්දපෝෂණය, සාගතය, නාගරීකරණය කෙනකු ලෙෂ්මනයිසිස් රෝගියකු වීමේ අවදානම වැඩි කරනවා.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන තත්ත්වයකින් පීඩා විඳීන අය ලෙෂ්මනයිසිස් රෝගයට ගොදුරු වීමේ අවදානම ඉතාමත්ම ඉහළයි. එච්අයිවී ආසාදිතයන් පහසුවෙන් ම ලෙෂ්මනයිසිස් රෝගයට ගොදුරු වෙනවා.
සමහරුන්ට පරපෝෂිතයා ආසාදනය වුණත් මාස ගණනක් යනතුරු රෝග ලකුණු පෙන්නුම් කෙරෙන්නේ නැහැ.
රෝගය හඳුනා ගන්නේ කොහොමද?
වැඩි දෙනකුට තමන්ව වැලි මැස්සකු සපා කෑ බව මතක නැහැ. ලෙෂ්මනයිසිස් සුලබ පළාතක ජීවත්වනවා නම් වෛද්‍යවරයාට ඒ බව පවසන්න. රෝගය හඳුනා ගැනීමට සමේ ජීව පටක පරීක්ෂාව සිදු කරනවා. තුවාල සූරා සම් කොටසක් ලබා ගෙන පරපෝෂිතයා ගැන සොයා බලනවා. අක්මාව විශාල වී ඇත්දැයි බැලීම, ඇට මිදුළුවල ජීව පටක පරීක්ෂාවක් සිදු කිරීම, රුධිර පරීක්ෂාවක් කිරීම අවශ්‍යතාව අනුව සිදු කරනවා.
ප්‍රතිකාර - ප්රතිපරපෝෂිත ඔසු රෝගය මර්දනය කිරීමට යොදා ගන්නවා.
රෝගයේ සංකුලතා මොනවද?
රුධිර වහනය
ප්‍රතිශක්තිය දුර්වල වීමෙන් වෙනත් ආසාදනවලට ගොදුරු වීම
ප්ලාස්ටික් සැත්කමකින් සකසා ගත යුතු තරම් තුවාලවලින් කැළැල් ඇතිවීම
වැලි මැස්සන්ගෙන් ආරක්ෂා වන්නේ කොහොමද?
වැලි මැස්සා ඩෙංගි මදුරුවාට වඩා කුඩයි. වැඩිය උඩට පියාඹන්න බැහැ. හැබැයි ඩෙංගි මදුරුවා වගේ ම උන් වඩාත් ක්‍රියාකාරී අලුයමට සහ හිරු බැස යන වෙලාවටයි. සම හොඳීන් වැසෙන අන්දමට අත් දිග කමිස / බ්ලවුස් , දිග කලිසම් / සායවල් ඇදීම , මේස් පැලඳීම මඟින් වැලි මැස්සන්ගේ සපා කෑමෙන් බේරී සිටීමට ප්‍රළුවන්. කෘමි විකර්ෂක භාවිත කරන්න. ඉහළ මාලයක නිදා ගන්නා විට වැලි මැස්සන්ට සපා කෑමට අසීරුයි. උන්ට ඉහළට පියාඹන්න බැහැ. හිරු උදාවෙන වෙලාවටත් බැස යන වෙලාවටත් පිටතට නො යන්න.
වායු සමීකරණ යන්ත්‍ර, විදුලිපංකා ක්‍රියාත්මක වන විට වැලි මැස්සන්ට පියාඹන්නට අසීරුයි.
මදුරු දැල් මඟින් ද උන්ගෙන් බේරී සිටීමට පුළුවන්. මදුරුවන්ට වඩා කුඩා නිසා කුඩා දැල් ඇති මදුරු දැලක් තෝරාගත යුතුයි.
ලෙෂ්මනයිසිස් රෝගය පැතිරෙන පළාතකට ගිය පසු ඉහත ආරක්ෂක උපක්‍රම අනුගමනය කරන්න මතක තබා ගන්න.

උපදෙස් - ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිමුතු ධර්මවර්ධන