ඖෂධීය තෙල් සම්බාහනයෙන් රෝග රැසකට සුවය

නොවැම්බර් 22, 2021
  • සිරුරේ නම්‍යශීලීබව වර්ධනය කරයි
  • ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි
  •  ඇස් පෙනීම වැඩි දියුණු කළ හැකියි

තාක්ෂණයේ වේගයත් සමඟ මිනිසා ද වේගයෙන් වෙනස් වෙමින් තරගකාරී සමාජ රටාවකට හුරු වී ඇත. අතීතයේ තිබුණු නිරෝගී ජීවන රටාව තමන් විසින් ම විනාශ කරගෙන අවසානය. මේ නිසාම මිනිස් සිරුර ද විවධ ලෙඩ රෝග විසින් වෙලාගෙන තිබේ.

මේ සියල්ලටම අද කාගෙත් අවධානය සිංහල වෛද්‍ය ප්‍රතිකර්මයි. මේ නිසාම අපි ලෙඩරෝග රැසකට ප්‍රතිකාර සිදුකරන සර්වාංග රෝග වෛද්‍යවරයකුගෙන් ඒ පිළිබඳ විමසීමක් කළෙමු.

ඔබ සිදුකරන ප්‍රතිකාර ක්‍රම මොනවද?

වමන, විරේක, නස්‍ය, රක්තමෝෂණ, වස්ති ආදී පංච කරම් ප්‍රතිකාරවලට අමතරව ඖෂධීය ස්වේද කර්ම (හර්බල් ස්ටීම් බාත්) සර්වාංගධාරා, නිලතෙරපුම් ප්‍රතිකාර, ශීරෝධාරා, තෙල් සම්බහනය ආදී ප්‍රතිකර්ම සිදුකරනවා.

කුමන රෝග සඳහා ද ප්‍රතිකාර සිදුකරන්නේ?

කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග තත්ත්වයන්, ස්නායු පද්ධතියේ දුර්වලතාවන්, අංශභාගය, සියලු සමේ රෝග, දියවැඩියාව, ඇදුම, සෙම්ගෙඩි, පිත්තසෙනේහය, ස්ත්‍රී රෝග හා ළමා රෝග, අතපය හිරිවැටීම හා වෙව්ලීීම, ඉරුවාරදය, අම්ලපිත්ත, ලිංගික දුර්වලතා, පීනස, ආමවාත ආදී සියලු රෝගයන් සඳහා ප්‍රතිකාර සිදුකෙරෙනවා.

තෙල් සම්බාහනය පිළිබඳ පැහැදිලි කිරීමක් කරනන්න?

කොයි පැත්ත බැලුවත්, කා සමඟ කතා කළත් "කොන්ද රිදෙනවා, දණිස් රිදෙනවා, බෙල්ල රිදෙනවා, අත් උස්සන්න බෑ, කකුල් උස්සලා ඇවිදින්න බෑ" වැනි කතාය. සමහරකුට ස්නායු ගත ආබාධය. අංශභාගය හෙවත් අඝාතයත් අද වැඩිපුර දක්නට ලැබෙන රෝගයක්. කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගත් තිබෙනවා. මෙවැනි රෝග රැසකට සිරුර අභ්‍යන්තරයට ඖෂධ පානය කරන්න දෙනවා වගේම සිරුර පිටතින් කරන ප්‍රතිකාරත් තිබෙනවා.

ඒ අතරින් විශේෂයෙන්ම ඖෂධීය තෙල් සම්බාහනය බොහෝ රෝග රැසකට නියත ප්‍රතිකර්මයක් වී කිබෙනවා. මෙය රෝගී අයට වගේම නිරෝගී අයටත් වැදගත්. ලෙඩ රෝග තිබෙන අයගේ ලෙඩ දුරු කරනවා වගේම නිරෝගී අයගේ නිරෝගීබව වර්ධනය කරන්න, දීර්ඝායු ඇතිකරන්න තෙල් සම්බාහනය හේතුවක් වී තිබෙනවා.

ඖෂධීය තෙල් සම්බාහනයෙන් ඇතිවන යහපත් ප්‍රතිඵල මොනවාද?

සිරුරේ නම්‍යශීලීබව ඇතිකරයි. එය දිගින් දිගටම පැහැපත්ව පවත්වා ගැනීමට උපකාරී කරයි. සම්බාහනයේ දී සිදුකෙරෙන රවුම් අත් චලනයන් අපගේ මාංස පේශි සහ ස්නායු ලිහිල් කරයි. මෙය රුධිර සංසරණය වැඩි දියුණු කරන අතර සිරුරේ නම්‍යශීලීබව වර්ධනය කරයි. එනම් නැමීම්, දිගැදුම් ආදිය වේදනාවකින් තොරව කළ හැකියි.

මනෝභාවය ඉහළ නංවන අතර මනස ලිහිල් කරයි. තෙල් සම්බාහනය සිදුකරන අතරතුර සැහැල්ලුවෙන් හිඳින්න, මනස සැහැල්ලු කරන්න ස්වාභාවිකවම නිනද අපකරා ළඟා වේ. ඒ නිසා නින්ද සම්බන්ධ ගැටලු ඇති අයට වාගේම මානසික ගැටලු අැති අයටත් තෙල් සම්බාහනයෙන් යහපත් ප්‍රතිඵල ලැබේ. රාත්‍රීයට සැහැල්ලු නින්දක් අත්කර දෙයි. එය අපට බොහෝ අවශ්‍යතා සහිත විවේකයක් ලබා දෙන අතර එම නිසා නව ජවයකින් යුතුව නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් ලැබේ.

ශාරීරික සහනයක් ගෙනෙන්න, වේදනාවන් දුරුකරන්නට ප්‍රතිකාරයක් ලෙස තෙල් සම්බාහනය වඩාත් පැරැණි ක්‍රමයක් ලෙස හඳුනාගත හැකියි. ඒ හා සමානව, එය වේදනාකාරී ශරීරයට සහන ලබා දෙයි. තෙල් සම්බාහනය මඟින් මියගිය සමේ සියලුම සෛල ඉවත් කර සමේ සිදුරු විවෘත කිරීමෙන් ප්‍රතිලාභ ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස සියලුම හානිකර විස ද්‍රව්‍ය ඉවත් වන අතර සෞඛ්‍ය සම්පන්න සමක් අත්කරදෙයි. සම පැහැපත් කරයි.

රුධිර සංසරණය ක්‍රමවත් වීමෙන් හෘද සෞඛ්‍යය නංවාලයි.

ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි. එය ආමාශයික යුෂ ස්‍රාවය කිරීම ප්‍රවර්ධනය කරන අතර ශරීරය තුළ ආම්ලිකතාවය ඇතිවීම වළක්වයි. එබැවින් තෙල් සම්බාහනය අපගේ සීත රෝග ලක්ෂණ සමනය කරයි.

සම්බාහනය මඟින් අපගේ ශරීරය උණුසුම් වන අතර අපගේ ශරීරය පුරා උණුසුම්, නොපැහැදිලි සංවේදීතාවයක් ඇති කරයි. එබැවින් ඔබ සීතලෙන් පෙළෙන විට එය ශරීරයට හිතකර වේ.

ඇස් පෙනීම වැඩි දියුණු කළ හැකියි.

තෙල් සම්බාහනය යනු අද දවසේ තාක්‍ෂණික දැනුමක් ඇති පරිගණකයට සහ ජංගම දුරකථනයට ඇලී සිටින පරම්පරාවට විශිෂ්ට ප්‍රතිකාරයකි.

එය අපගේ ඇස්වල අධික වෙහෙස අඩු කරන අතර හිසරදය ද අඩු කරයි.

ආයුෂ වර්ධනය, ලෙඩ රෝගවලින් වැළකීම, ස්නායු උද්ධීපනය වීමෙන් තරුණබව රැකදීම, ලේ ගමනාගමනය ක්‍රමවත් වී සම පැහැපත් වීම, සිරුරේ මස්පිඬුවල, හන්දිවල ඇති වේදනාවන් ඉවත්වීම.

අතපය හිරි වැටීම් වළකාලීම, වැනි යහපත් ප්‍රතිඵල රැසක්ම ආයුර්වේද තෙල් සම්බාහනය මඟින් සිදුවේ.

අංශභාගය, කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග, ස්නායු පද්ධිතය ආශ්‍රිත ආබාධ වැඩිහිටියන්ට පමණක් නොව කුඩා දරුවන්ට, තරුණ අයටත් හැදෙන්න පුළුවන්. මේනිසා ඕනෑම වයසක කෙනෙක්ට තෙල් සම්බහනයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්නට හැකියි.

තෙල් සම්බාහන ප්‍රතිකාර සඳහා වයස බලපාන්නේ නැහැ.

උපදෙස් - ආයුර්වේද වෛද්‍ය එස්. ඩී. වී. කේ. වෛද්‍යතිලක සේනාධීර

(ආයුර්වේද විද්‍යාවේදී, වෛද්‍ය අභිමානී, දේශ කීර්ති, ආයුර්වේද ප්‍රසාදිනී ගෞරව සම්මාන)