පොල් සම්බෝල ගුණදායකයි කියලා දැන සිටියාද ?

ජුනි 26, 2023

අපේ රටේ බොහෝ දෙනකු අතර ජනප්‍රිය පොල් සම්බෝලය දේශීය වගේම විදේශීය පර්යේෂකයන් පවා විස්මයට පත් කරවපු ගුණයකින් සමන්විත ආහාරයක්. අපේ ශරීරය නිරෝගීව පවත්වා ගන්නට අවශ්‍ය තෙල් (මේදය) මේ පොල් සම්බලය හරහා ඉතා පහසුවෙන් ලබාගත හැකියි.

 

මේ පවසන්නේ පොල් සම්බෝලයේ ඇති ගුණ පිළිබඳවයි.

 

සම්බෝල හදන්න ගන්නා අමු ද්‍රව්‍යවල අඩංගු ගුණ

 

'පොල්'

 

* මේදය

* තන්තු

* ප්‍රෝටීන

* කාබෝහයිඩ්‍රේට්

* ජලය

* විටමින්: B1, B2, B3, B6, C, E, K,

*කැල්සියම්, මැංගනීස්

*ඇමයිනෝ අම්ලය

*මොනෝ සහ ඩයිසැකරයිඩ

* ප්‍රතිඔක්සිකාරක

 

රතුලූනු '

 

* විටමින් A, B, C, ප්‍රෝටීන, මේද, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, සින්ක්, සෙලේනියම්, මැංගනීස් අඩංගුයි.

* රතුලූනු හදවතේ නිරෝගී බව රැකගන්න උදව් කරනවා.

* දියවැඩියාවෙන් ආරක්ෂා කරනවා.

*බැක්ටීරියා ඇතිවීම වළක්වනවා.

* පිළිකා නාශක ගුණයෙන් ඉහළයි.

 

සුදුලූනු

 

* විටමින් A, B1, B2, B3, B5, B6, E අඩංගුයි.

*කාබෝහයිඩ්‍රේට්, ෆයිබර්, සෙලේනියම්, මැංගනීස්, කැල්සියම්, කොපර්, මැග්නීසියම්, අයන්, සල්ෆර් සින්ක්, පොස්පරස්, පොටෑසියම් අඩංගුයි.

* සුදුලූනු රුධිර සීනි මට්ටම අඩු කරනවා. කොලෙස්ටරෝල් පාලනය කරනවා.

* රුධිර පීඩනය අඩු කරනවා.

*වයසට යාම පාලනය කරනවා.

*හදවත් රෝග සුව කරන ගුණයෙන් ඉහළයි.

*පිළිකා නාශක ගුණයෙන් ඉහළයි.

* ආතතිය දුරලනවා.

*සිරුරේ ප්‍රතිශක්තිය වඩනවා.

 

ගම්මිරිස්

 

*විටමින් B6, C, K, අඩංගුයි.

* සල්ෆර්, කැරොටිනොයිඩ (පිළිකා නාශකයකි)

* මැග්නීසියම්

* ගම්මිරිස් හදවත නිරෝගී කරනවා.

* වේදනා නාශකයකි.

*කොලෙස්ටරෝල් අඩු කරනවා.

*ශරීරයේ බර පාලනය කරනවා.

* ප්‍රතිශක්තිය වඩනවා.

 

වියළි මිරිස්

 

*විටමින් A, B, C බහුලව ඇත.

*කොලෙස්ටරෝල් පාලනය කරනවා.

* හදවතේ සෞඛ්‍යමත් බව රකිනවා.

* ශරීරයේ බර අඩු කරනවා.

* ග්ලුකෝස් යාමනය කරන්නට පුදුම හැකියාවක් ඇත.

 

දෙහි

 

* විටමින් C, B6, A, E

*මැග්නීසියම්, පොටෑසියම්, සින්ක්, පොස්පරස්, පැන්තෝතෙනික් අම්ලය, තයමින්, කොපර්, කැල්සියම්, යකඩ, ප්‍රෝටීන අඩංගුයි.

* සිරුරේ බර අඩු කරනවා.

* ආහාර දිරවීම පහසු කරනවා.

* මල බද්ධය දුරු කරනවා.

*කෑම රුචිය ඇති කරනවා.

* පණු රෝග නැති කරනවා.

 

උම්බලකඩ

 

* යකඩ බෙහෙවින් ඇත.

 

දැන් ඔබට තේරුම් යනවා නේද පොල් සම්බෝලවල තියෙන වටිනාකම.

පොල් සම්බෝල යනු විටමින් ගබඩාවකි.

 

පොල් සම්බෝල කනවා නම් දියවැඩියාව පාලනය කර ගන්න පුළුවන්, ශරීරයේ බර අඩු කර ගන්න පුළුවන්. කොලෙස්ටරෝල් පාලනය කර ගන්න පුළුවන්. තවත් බෝ නොවන රෝග රැසකට ගුණදායකයි.

 

උප ෙදස්

අායුර්ෙව්ද ෙෙවද්‍ය ෙහන්රි රණසිංහ