වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අපේ වෙදකමෙන් නිවෙසේදී ඔබටම කරගත හැකි ප්‍රතිකාර
කැඩුම් බිඳුම් සහ ඒ හා සම්බන්ධ රෝගී තත්ත්වයන්ට නිවෙසේදී කරගත හැකි ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ පිළිබඳ පාඨක ඔබ දැනුවත් කිරීම උදෙසා ආයුර්වේද වෛද්‍ය සහ පාරම්පරික කැඩුම් බිඳුම් රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය ඩබ්.එම් නෙවිල් වීරබාහු මහතා මෙසේ අදහස් දක්වයි.
අනාදිමත් කාලයක පටන් අපේ සිංහල ජන සමාජය තුළ ජීවත් වන මිනිස්සුන්ට කැඩුම් බිඳුම් සඳහා නොයෙකුත් ප්‍රතිකාර විධි ගැන දැනුමක් තිබුණා වගේම වෛද්‍යවරයෙක් නැතුව එම ප්‍රතිකාර කරගැනීමේ හැකියාවකුත් තිබුණා. එම ක්‍රමවේදයන් කොතෙක් දුරට සාර්ථක ද අසාර්ථක ද යන්න මට නිගමනය කරන්න බැහැ. අදටත් කැඩුම් බිඳුම් පිළිබඳ විවිධ ඖෂධ සහ ප්‍රතිකාර තිබුණත් සුළු ආබාධයකට හැරෙන්න වෛද්‍යවරයකුගේ සහයෝගයක නැතිව ඒ ඖෂධ සකස් කරගෙන පිළියම් කිරීම ඒ තරම් පහසු නැහැ. හේතුව එක් එක් ආබාධිත තත්ත්වයන්ට සරිලන ප්‍රතිකාර විධි විවිධයි. යොදාගන්නා ඖෂධ මාත්‍රා පිළිබඳ නිසි දැනුමක් ඇත්තේ ද වෛද්‍යවරයාටයි. ඒ නිසා වැදගත් වන්නේ එවැනි රෝගියකුට ප්‍රතිකාර ලබාගැනීමේ දී වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාරවලට යොමුවීමයි.
වෛද්‍යවරයකු වෙත රෝගියකු යෑමට අපහසු අවස්ථාවක නිවෙසේදී කරගත හැකි ප්‍රතිකාර පිළිබඳ සහ එම ප්‍රතිකාර ලබාදෙන්නේ කුමන රෝගී අවස්ථාවකදී ද යන්න ගැන ඔබට දැනුමක් තිබේ නම් එය ජිවිතය පවත්වාගෙන යෑමේදී ඉතා වැදගත්. දේශීය කැඩුම් බිඳුම් වෙදකම පිළිබඳ ලියැවුණු පොත්පත් නැහැ. ගුරුකුලවලින් පැවත එන පුස්කොළ පොත්වල සඳහන්
ඖෂධ වට්ටෝරු සහ ප්‍රතිකාර විධි දහස් ගණනක් තිබුණත් එයින් සාමාන්‍ය ජනතාවට හා කැඩුම් බිඳුම් පිළිබඳ ඉගෙන ගන්නා නවක පරපුරට ශීල්පීය ඥානය ලබාගැනීමට හැකියාවක් නැහැ. මේ නිසා ඔබට නිවෙසේදී කරගන්න පහසු ප්‍රතිකාර විධි කිහිපයක් මෙහි සඳහන් කරන්නේ ඒ නිසයි. ප්‍රතිකාර කිරීමට පෙර ලබාදී ඇති උපදෙස් ද නිසි ලෙස පිළිපදින ලෙස මම වගකීමෙන් මතක් කරනවා.
අපේ ශරීරයේ ඉතා වැදගත් ඉන්ද්‍රීයයන් කිහිපයක් හා සම්බන්ධ ස්ථාන වන හිස ප්‍රදේශය, හෘදය ආශි‍්‍රත පපු ප්‍රදේශය සහ වස්ති ප්‍රදේශය ආශි‍්‍රතව යම් වැදීමක්, වැටීමක් තුළින් තැල්මක්, අපහසුතාවයක් ඇති වුණොත් ඒ ස්ථාන සාමාන්‍ය ස්ථාන සේ සලකා ප්‍රතිකාර කිරීමට යෑමෙන් වැළකී සිටිය යුතුය. ඉතා වගකීමෙන් සහ කල්පනාකාරීව මෙම ඉන්ද්‍රියයන් ආශි‍්‍රත ආබාධයන් සඳහා ප්‍රතිකාර කළයුතු නිසා වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිවක් නොකරන ලෙස මං කාරුණිකව ඉල්ලා සිටිනවා.
ඒ වගේම ප්‍රතිකාර කිරීමට පෙර එම රෝගියාගේ තත්ත්වය (රෝග ලක්ෂණ්) හොඳින් සැලකිල්ලට ගත යුතුයි. රෝගියාගේ වැදුණු, තැළුණු ස්ථාන සාමාන්‍ය ස්වරූපයට වෙනස් වී ඇත්නම් සහ රෝගියාට අධික වේදනාවක් දැනෙයි නම් එවැනි අවස්ථාවක ප්‍රතිකාර කිරීමෙන් වළකින්න. ඒ වගේම හන්දි ස්ථාන නැමීමට, දිග හැරීමට අපහසු බව රෝගියා විසින්ම පවසන්නේ නම් බලෙන් නැවීමට, දිගහැරීමට යෑමෙන් වළකින්න. සමහර විට එම හන්දිවල අස්ථි බිඳී තිබෙන්නට පුළුවන්. මේ තත්ත්වය වෛද්‍යවරයකුට මිස ඔබට දැනගන්න බැහැ. එසේ නම් අපි ප්‍රතිකාර කරන්නේ කුමන රෝගී අවස්ථාවලට ද කියා දැන් ඔබට ගැටලුවක් ඉතුරුවෙලා ඇති.
ඇත්තෙන්ම මා සඳහන් කළ ස්ථාන හැර අනෙකුත් සෑම ස්ථානයකටම ප්‍රතිකාර කරගැනීමේ හැකියාව ඔබට තියෙනවා. අපට නිතර සිදුවන අනතුරුවලදී වැඩිපුර බලපෑම් ඇතිවන්නේ අත් සහ පාදවල ඇඟිලි හා හන්දි ආශි‍්‍රත ස්ථානවලටයි. එවැනි ආබාධයක දී වෛද්‍යවරයකු වෙන රෝගියා රැගෙන යනතුරු ඔබට නිවෙසේ දී මෙම ප්‍රතිකාර කළ හැකියි. ඔබට ඉතා පහසුවෙන් සකසා ගත හැකි මේ සියල්ල ප්‍රත්‍යක්ෂ ඖෂධයන්ය.
2019/05/08 තරුණි බලන්න