වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ප්‍රසව වේදනාව ගැන අනියත බියක් ඇති කරගන්න එපා
අපේ ආදරණීය උරුමයන් රැගෙන දරුපැටියා දෝතට එන්න ළඟයි. පූර්ව ප්‍රසූතියේදී ගැබ් ගෙල ක්‍රම ක්‍රමයෙන් විවෘත වෙනවා. මේ කාලය තමයි ප්‍රසූතියේ දීර්ඝතම කාල පරිච්ඡේදය. ගැබ්ගෙල මෘදු වන්නේ එවිට එය වඩාත් පහසුවෙන් විවෘත වෙන නිසයි.
මේ ප්‍රසූතියේ පියවරවලින් වැඩිම කාලයක් ගතවෙන පියවරයි. මුලින් ගර්භාෂය අපිළිවෙළට හැකිළෙන්න ගන්නවා. ඒකට පැය ගාණක් ගතවෙනවා. සමහර විට දින ගණනක් ගත වෙන අවස්ථා තිබෙනවා. කුලුදුලේ දරුවා බිහි කරන මවකට දිගු කාලයක් ගැබ්ගෙල ඇකිළෙනවා දැනෙන්න පුළුවන්.
ඉන්පසු ගැබ්ගෙල සෙ.මි. 3 කට වඩා පළල් වෙන්න ගන්නවා. ක්‍රමවත් හැකිළීම් මඟින් ගැබ්ගෙල විවෘත වෙනවා. නව මාසයක් පුරාම දරුවාගේ ආරක්ෂාවට ගැබ්ගෙල හොඳින් වැසී තිබුණා. එය විවෘත වෙන්න ගන්නෙ ප්රසූතියේදීයි. ප්‍රසූතිය ආරම්භ වෙන්න නම් ගැබ්ගෙල මෘදු වෙන්නත් තුනී වෙන්නත් ඕන. දරුවාට හිස ඇතුළු කිරීම පහසු කිරීමට මේ සොබාදම යෙදූ උපක්‍රමයක්. සමහර අම්මලාට ගර්භාෂය හැකිළෙන බව දැනෙන්නෙ නෑ. තවත් අයට තදින්ම දැනෙනවා. තදින් දැනෙන විට වහාම රෝහල් ගත වීමට සිදු වෙනවා.
මේ කාලයේදී පෝෂ්‍යජනක ආහාරයක් ගන්න ඕන. ප්‍රසූතියේදී ශක්ති සම්පන්නව ඉන්න එතකොට පුළුවන්. ටික ටික නිතර ආහාර ගැනීම සුදුසුයි. ක්ෂණිකව ශක්තිය ලැබෙන්න සීනි, පිටි අඩංගු ආහාර ගත්තාට කමක් නෑ.
විවේකයෙන් සැහැල්ලුවෙන් සිටිය තරමට ප්‍රසූතිය පහසු වෙනවා. මඳ ආලෝකයේ මිහිරි සංගීතයකට සවන් දෙන්න.
ප්‍රසූත ලක්ෂණ පහළ වෙන කොට අම්මා සාමකාමී නිහඬ පරිසරයක සිටීම වැදගත්. ප්‍රසූතිය කියන්නේ නව මාසයේ පී‍්‍රතිමත් සුබ හෝරාවයි. ගර්භාෂය හැකිළීමෙන් ඇතිවන අපහසුතාවලින් මිදෙන්න හුස්ම ගැනීමේ ව්‍යායාම ක්‍රම යොදා ගන්න පුළුවන්. සම්බාහනයෙන් ගතට සහනයක් ලැබෙනවා. මේ ආදරණීය සැමියාගේ සහයෝගය හොඳින්ම ලබාගන්න ඕන කාලයක්. වේදනාකාරී ඕනම තැනක මඳ උණූුසුම් වතුර බෝතලයක් තියන්න. නැත්නම් මඳ උණුසුම් ජලයෙන් තවන්න. උණුසුම් ජලය ස්නානයෙන් ද සහනයක් ලැබෙනවා.
බිහිවෙන්නෙ දෙදෙනාගෙම කිරිපැටියා. ඒ ආදරණීය අවස්ථාවේදී ආදරයෙන් තුරුළු වී සිටීමෙන්, උණුසුම් හාදුවක් දීමෙන් සිරුරින් ඔක්සිටොසින් හෝර්මෝනය නිපදවීම වැඩිකරගන්න පුළුවන්. ප්‍රසූතියේදී සිරුරින් ඔක්සිටොසින් හෝර්මෝනය නිපදවෙනවා. ගර්භාෂය හැකිළෙන්නත් මේ හෝර්මෝනය අවශ්‍යයි. තන පුඬු උත්තේජනයෙන් ඔක්සිටොසින් නිපදවෙනවා. සන්සුන්ව සැහැල්ලුවෙන් සිටින විටත් ඔක්සිටොසින් හෝර්මෝනය නිපදවෙනවා.
ප්‍රසූතියට යන අම්මලා මතක තියාගන්න ඕන කාරණා ගොඩක් තිබෙනවා. වෛද්‍යවරයා, රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු හැම දෙනාම උත්සාහ කරන්නේ වේදනාවක් නොදී කිරිකැටියාව ළමැදට තුරුලු කරන්නයි. ඒ හැම දෙනාටම සහයෝගය දීමෙන් දඟලලා සේලයින් පිටට යාම වගේ අනවශ්‍ය ගැටලු මතුවන්නේ නැහැ.
කලලාවාරික තරලය පිරුණු මල්ල ( වෝටර් බෑග් )කැඩීම හොඳ දෙයක් නෙවෙයි. කලලාවාරික තරලය නැති වුණොත් කුස තුළ සිටින දරුපැටියා ආසාඳනවලට ලක්වීමේ ඉඩ වැඩියි. එනිසා ඉක්මනින්ම රෝහල් ගත වීම වැදගත්. ඒ සමඟම දරුවා දඟලන වාර ගණන අඩුනම්, යෝනි මඟින් එන ස්රාවයේ වෙනස් ගන්ධයක්, ස්‍රාවයක් ඇත්නම් බලා සිටීම සුදුසු නැහැ. පැය 4 කට වරක් අම්මා තම උෂ්ණත්වය බලන්න ඕන. උණ ඇත්නම් ඒ ගැන වෛද්‍යවරයාට පැවසිය යුතුයි.
කලලාවාරික තරලය පිට වෙන්නට ගත් පසු කිසිදු ආසාදනයක් ඇති නොවන සේ හැසිරීම වැදගත්. මේ කාලයේ කායික හැසිරීම් ද සුදුසු නෑ.
ප්‍රසූතියෙන් සහනයක් ලැබීමට,
* ඇවිදීම සුදුසුයි. ඇවිදීමට කැමැත්තක් ඇත්නම් අවිදින්න.
*ශක්තිජනක පානයක් ගන්න.
*කුසගිනි නැතත් කෙටි ආහාරයක් ගන්න.
* හුස්ම ගැනීමේ ව්‍යායාම මේ කාලෙට සුදුසුයි.
ගර්භාෂය හැකිළීමෙන් ඇතිවන අපහසුතාවට
හුස්ම ගැනීමේ ව්‍යායාම මඟින් සහනයක් ලැබෙනවා.
*වෛද්‍ය උපදෙස් පරිදි පැරසිටමෝල් පෙත්තක්
ගැනීමෙන් හානියක් වෙන්නේ නැහැ.
* උණුසුම් ජලය ස්නානය කරන්න.
තවත් කොටසක් මීළගට
උපදෙස්
නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ
විජිත් විද්‍යාභූෂණ
2019/12/11 තරුණි බලන්න