වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අලුත උපන් බිලිඳුගේ මේ වෙනස්කම් ගැන සැලකිල්ලෙන් ඉන්න
බබා ලෝකයට අලුත් වගේම හා හා පුරා කියලා මවු පදවිය ලබන අම්මාටත් දරුවාගේ ලෝකය අලුත්. ඒ නිසා හැම දේ ගැනම කුතුහලයක් ඇති වුණොත් පුදුමයක් නෙවෙයි. බිලිඳුගේ හැමදේම වෙනසක් කියලා අම්මලා කලබල වෙන්න හොඳ නැහැ. ඒත් මේ ව ගේ වෙනස්කම් ගැන නම් සැලකිලිමත් වෙන්නම ඕන.
පෙකණියේ වෙනස්කම්
පුංචි බබාගේ පෙකණිය ලේසියෙන්ම විසබීජ වර්ධනය වෙන්න පුළුවන් තැනක්. දරුවා පිරිසුදුව තබා ගැනීමෙන් විසබීජ වර්ධනය වීම වළක්වන්න පුළුවන්. දරුවා නීරෝගි නම් දිනපතා නාවන්න. ඒ වගේම දරුවා නෑවූ පසු පෙකණිය හොඳින් තෙත මාත්තු කිරීමත් වැදගත්. පිරිසුදු කපු රෙද්දකින් හොඳීන් තෙත මාත්තු කරන්න. ස්පොන්ජියකින් දරුවා පිස දැමීමෙන් ද පෙකණිය වියළිව තබාගත හැකියි. පෙකණිය ආසන්න පෙදෙස පිස නොදමන්න.
පෙකණිය වියළිව තබා ගන්නා තරමට එහි විසබීජ රැඳෙන්නේ නැහැ. දරුවාගේ පෙකණිය නිතර සේදීමට වඩා වැදගත් වන්නේ නිතරම වියළිව තබා ගැනීමයි. සමහර අම්මලා ආලේපනත් ගල්වනවා. ඒත් එවැනි දේවල් අවශ්‍ය වන්නේ නැහැ. දරුවා ඉපදී සතියකින්ප දෙකකින් පෙකණිය හැළී යනවා.
විසබීජ රැදී ආසාදනයක් ඇති වුණොත් ඒ ආසාදනය සිරුර පුරාම පැතිරිය හැකියි. ආසාදන දුර දිග ගියොත් පසුකාලීනව අක්මාවේ ගැටලු ඇති වීමට එය හේතු වන්න පුළුවන්. පෙකණිය රතුවී ඉදිමී ආසාදනයක් ඇති වුණොත් අත් බෙහෙත් නොකර වෛද්‍ය උපදෙස් පතන්න ඔ්න.
පෙකණිය ගෙඩියක් ආකාරයෙන් ඉදිරියට නෙරා ආවොත් හර්නියා කියා බිය නොවන්න. උදර කුහර යේ බිත්තිය වැඩුණු පසු මේ තත්ත්වය මග හැරී යයි.
2020/06/24 තරුණි පුවත්පත බලන්න.