මඳසරුභාවයට අත්දුටු රහස් කෙමක්

අගෝස්තු 26, 2024

 

කිරි සිහිනයේ සතුට විඳ ගැනීම සෑම විවාහක යුවතියකගේම ප්‍රාර්ථනාවකි. එය එලෙසින්ම සැබෑ කර ගැනීමට දේශීය කෙම් ක්‍රම, ජ්‍යොතිෂ පිළිවෙත් හා ආයුර්වේද ඖෂධ බෙහෙවින්ම උපකාරී වෙයි. වර්තමාන සමාජයේ අර්ධ වඳභාවයෙන් හා පුර්ව වඳභාවයෙන් පෙළෙන බොහෝ පිරිසක් අපට නිරතුරුවම හමුවෙයි. බොහෝ තරුණ යුවළ මඳසරු භාවය සඳහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර කර, වියදම් දරා ප්‍රතිඵල නොමැතිව කායිකව හා මානසික දුක් විඳිති.

 

එසේම බටහිර වෛද්‍ය තාක්ෂණ ක්‍රම මඟින් ශුක්‍ර ධාතු තැන්පත් කිරීමට ද වියදම් කරන බොහෝ පිරිසක් සිටිති. තවත් සමහර තරුණියන්ගේ ගර්භාෂයේ පවතින අර්බුද නැතිනම් ෆයිබ්‍රොයිඩ් සඳහා ශල්‍යකර්ම සිදු කිරීමට ද යොමු වෙති. තවත් සමහරුන් අවසානයේ නළ දරු තාක්ෂණයට ද විශාල වියදමක් දරති. මෙවැනි ප්‍රතිකාර සඳහා යොමුවීම තුළින් ඇතිවන අතුරු ප්‍රතිඵල හා අතුරු ආබාධ බොහෝය. ඇතැම් විට මෙවැනි ප්‍රතිකාර තුළින් සම්පූර්ණයෙන්ම දරු ඵල අහිමි වූ තරුණ තරුණියන් ද අපට හමු වී තිබේ.

 

නමුත් අපගේ දේශීය ආයුර්වේද ප්‍රතිකාර බටහිර වෛද්‍ය ප්‍රතිකාරයන්ට වඩා ප්‍රතිඵලදායක වෙයි. එසේම දේශීය කෙම් ක්‍රම හා ජ්‍යොතිෂ ප්‍රතිකාර තුළින් ද සාර්ථක ප්‍රතිඵල ලැබී තිබේ.

 

එහි රහස නම් මෙම ක්‍රම තුළින් ස්ත්‍රියකගේ ගර්භාෂය ශක්තිමත් කරන අතරම පුරුෂයාගේ ශුක්‍ර ධාතු ශක්තිමත් කිරීමට ඖෂධ ප්‍රතිකාර සපයන අතර කෙම් ක්‍රම, යන්ත්‍ර මන්ත්‍ර, පුද පූජා, වත්පිළිවෙත් සිදු කිරීම තුළින් කායික මානසික ශක්තිය ද වැඩි කරයි.

 

 

පළමුව විවාහක යුවළකගේ හඳහන පරීක්ෂා කිරීම මඟින් එම යුවළගේ දෝෂ හඳුනාගත හැකි වේ. නවීන විද්‍යාෙව් කොතරම් දියුණු තාක්ෂණ උපකරණ පැවතියත් මෙම උතුම් ශාස්ත්‍රයට එම ක්‍රම සම කළ නොහැකිය. වඳභාවයේ කුමන අවස්ථාවේ සිටියත්, දරුවන් නොලැබෙන බව පැවසුවත් ගර්භාෂය ඉවත් නොකළ ඕනෑම තරුණ කාන්තාවකට දරු පිළිසිඳ ගැනීමට බොහෝ ක්‍රම මේ උතුම් ශාස්ත්‍රයේ තිබේ.

 

මෙවර අප ඉදිරිපත් කරන්නේ ගර්භධාරණයේදී එසේ නොමැති නම් ගර්භාෂයට දරුවෙකු පිළිසිඳ ගැනීමට කරන සරල කෙම් ක්‍රමයකි. එය සිදු කරන්නේ මෙලෙසිනි. ඇසතු ගසේ වැඩෙමින් පවතින පිළිලයක් පුර පස නැකතින් ලබාගන්න. එය පිරිසුදු කර කුඩා කැබැලිවලට කපා මිටියක් ලෙස සාදා ගන්න. සුධාරක සමයේ එය ඇයගේ දකුණු අතේ තබා ගැනීම අත්දුටු කෙම් ක්‍රමයකි. මෙවැනි කෙම් ක්‍රම දේශීය වෛද්‍ය විද්‍යාෙව් හා ජ්‍යොතිෂයේ බොහෝ පවතී. මේවා දේශීය ආයුර්වේද වෛද්‍ය විද්වතුන් හොඳින් විග්‍රහ කළ පරීක්ෂණ කළ වෛද්‍ය ක්‍රමයන්ය. එමෙන්ම මෙවැනි අයට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ලබාදෙන වටිනා ඔෟෂධයක් ද ඉදිරිපත් කරමු.

 

ඔසප් සමයේ ප්‍රථම ස්නානයේ සිට මුල් දෙසතිය තුළ කුඹුරු වැලේ පස් පංගුව කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා මිරිකා ගත් සෝරත යුෂ, එළකිරි කෝප්පයකට මිශ්‍ර කර පිරිසුදු කිතුල් හකුරු සමඟ දිනපතා උදයට හිස්බඩ බීම ගර්භාධාරණයකට විශේෂ ගුණදායක වෙයි. මෙවැනි ඖෂධ රාශියක් දේශීය වෛද්‍ය ග්‍රන්ථයන්හි සඳහන්ව තිබේ.

 

දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාෙව් සඳහන් පරිදි ගර්භය හට නොගැනීමට ප්‍රධාන හේතුව ශරීරයේ උෂ්ණත්වය වැඩිකමයි. එය ගර්භාෂයට ද බලපායි. ශරීර විඥානයට අනුව ශරීරය නිවීම සඳහා අවශ්‍ය ඔසු ගුණ විඥානයේ එන චන්ද්‍ර ගණයට අයත් ඖෂධ භාවිත කරයි. ප්‍රධානම සිද්ධාන්තය වන්නේ රෝගියාට විරේක ඖෂධයක් ලබා දී බඩේ සහ බඩවැල්වල ද සියලු අපද්‍රව්‍ය පිට කිරීමයි. මෙයට විනරාජ කසාය පතක් සාදා අභිසම්භිධාන මන්ත්‍රය 108 වරක් මතුරා උදෑසන හිස් බඩ බීමට දීමයි. මෙයින් භෞතිකව හෝ නොපෙනෙන බලවේග තුළින් ප්‍රකෘතිය වෙනස් වී උෂ්ණ අධික වී තිබූ ශරීරය සමනයට පත් කිරීමයි.

 

ඉදිරි කලාපයේදී ගැබ් ගැනීම හා එසේ නොවීමට ප්‍රතිකාර ගැන අප සාකච්ඡා කරමු.