වර්ෂ 2024 ක්වූ October 07 වැනිදා Monday
මේ පැක් එක දැම්මොත් නිය දිලීර ඉවරයි
කාන්තාවන් විදිහට අපි හැමෝම ලස්සනට ඉන්න ආසයිනේ. ඉතින් නිතර නිතර පාට පාටින් Nail polish ගාන්නේ එක අතකින් පුරුද්දක් විදිහට. කවුරු වුණත් ලස්සනට දෑත් නියපොතු තියාගන්න ඕනේ. හැබැයි ඒ ගැන මනා අවබෝධයකින් තමයි අපි ඒක කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි හැමදාම භාජන හෝදලා, රෙදි හෝදලා කාන්තාවන්ගේ දෑත් හම රැලි වැටිලා තියෙනවා අපි දැකල තියෙනවා. ඉතින් කොච්චර Nail polish ගෑවත් එහාට දුර්වර්ණ වෙලා තියෙන අත් දෙකක් නම් ඒක ලස්සන නැහැ. ඒ වගේද නියපොතු කැත වෙලා, පතුරු ගිහින් උඩට ඉලිප්පිලා තියෙනකොට දැනෙන්නේ විශාල අවලස්සනක්. Nail polish ගාන්න, ඒවායේ කෘත්‍රිම නියපොතු අලවන්න. Gel nail භාවිතය නිසාත් මේ නියපොතු ශක්තිමත් බවින් මිදෙන්න පුළුවන්. අපි විවිධ නවීන රූපලාවණ්‍ය ක්‍රම ලස්සන වෙන්න යොදා ගත්තත් අපේ ස්වාභාවික සම, නියපොතු ආරක්ෂා වෙන්න තමයි ඒ දේවල් කරන්න ඕනේ. ඉතින් අපි බලමු දෑත් ලස්සනට තියාගන්න ගමන්ම නියපොතුවල ඇතිවන ගැටලුවලට ගෙදර දීම කරගන්න පුළුවන් සත්කාර මොනවද කියලා.
Tip 1 -
අවශ්‍ය ද්‍රව්‍ය
බේකිං සෝඩා (ආප්ප සෝඩා) තේ හැඳි දෙකක්
විනාකිරි තේ හැඳි එකක් හෝ දෙහි යුෂ
අල පෙති දෙකක්
මේ මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න. මිශ්‍රණය දෑත්වල ආලේප කරන්න. කලින් නිය ආලේපන ගාලා ඉන්නවා නම් ඒක අයින් කරගන්න ඕනේ. මේ මිශ්‍රණය අපේ අතේ සමට විතරක් නෙමේ නියපොතුවලටත් හොඳ සත්කාරයක් වෙනවා. පසුව මේ මිශ්‍රණය අලපෙතිවලින් හොඳින් අපේ දෑත්වල තවරා ගන්න. ටිකක් තදින් අතුල්ලා ගන්න. මොකද දෑත්වල තියෙන මැරුණු සම ඉවත් වෙනවා වගේම සමට දීප්තිමත් පෙනුමක් ගෙනත් දෙනවා. මේ ක්‍රමය දින හතක් අටක් කරලා බලන්න. ලස්සන දෑත් නියපෙළක් ලබාගන්න පුළුවන්. මේක විනාඩි පහක් පමණ තිබෙන්නට හැර ඉවත්කර ගන්න.
Tip 2 -
නියපොතු සහ දෑත්වලට දිනපතා භාවිතයට ගත හැකි බාම් එකක්
අවශ්‍ය ද්‍රව්‍ය
කෝමාරිකා මදය
ග්ලිසරින් තේ හැඳි 01ක්
පිරිසුදු පොල්තෙල් හෝ ආමන්ඩ් oil ස්වල්පයක්
කෝමාරිකා මදය වතුර මිශ්‍ර නොවන ලෙස ඉවත් කරගන්න. එයට ග්ලිසරින් තේ හැන්දක් පමණක් එකතු කරගන්න. අපි පාවිච්චි කරන ක්‍රීම්වල face washවල වගේ ගොඩක් රූපලාවණය නිෂ්පාදනවල මේ ග්ලිසරින් අඩංගු වෙලා තියෙනවා. මේ ග්ලිසරින්වලින් කෙරෙන්නේ අපේ සමට තෙතමනය ආරක්ෂා කරන එක. මේ බාම් එකටත් අපි ග්ලිසරින් එකතු කරගන්නේ ඒ නිසාමයි. පිරිසුදු පොල්තෙල් හරි ආමන්ඩ් oil හරි තේ හැඳි දෙකක් පමණ එකතු කරගන්න. ආමන්ඩ් oil පාවිච්චි කළොත් හොඳ සුවඳක් ඒකට එකතු වෙනවා. මේ ද්‍රව්‍ය ඔක්කොම හොඳින් blend කරගන්න. ක්‍රීම් එකක් වෙන තෙක් හොඳින් blend කරගෙන වතුර මිශ්‍ර නොවන ආකාරයේ container එකකට මේ බාම් එක දමාගෙන අපිට මාස දෙකක් පමණ භාවිතයට ගන්න පුළුවන්. දිනපතා උදේ, සවස වැඩ අවසන් කළාට පසුව මෙය ආලේප කර ගැනීම මඟින් නියපොතු, දෑත් වියළීමකින් තොරව තබාගන්න පුළුවන්.
Tip 3 -
මේ සත්කාරයට කලින් අපි නියපොතුවල තියෙන nail polish අයින් කරගන්න ඕනේ. ඒ වගේම නියපොතු පිරිසුදු කරලා කැඩුණු නියපොතු කපලා තමයි මේ සත්කාරය පටන් ගන්න ඕනේ.
මේකට අපිට ඕනෙ වෙනවා ග්‍රීන් ටී පැකට් එකක්.
ග්‍රීන් ටී පැකට් එකකට උණු වතුර ටිකක් දාලා හොඳින් පෙඟෙන්න තියන්න. මෙහිදී අපි ගන්න භාජනය අත්දෙකම ඇතුළට දාන්න පුළුවන් ප්‍රමාණයට ගන්න. මඳ රස්නෙ තියෙද්දිම අත් දෙකක් ඔබාගෙන නියපොතු හොඳින් පෙඟෙන්න තියන්න. ග්‍රීන් ටී කියන්නේ නියපොතු ශක්තිමත් කරන්න පුළුවන් හොඳම දෙයක්. මේ වෙලාවෙදි අපි නියපොතුවල cuticle හොඳින් පෙඟෙන නිසා ඒවා අපිට අයින් කරගන්න පහසු වෙනවා. විනාඩි පහක් පමණ මෙහෙම පෙඟෙන්න ඇරලා නියපොතු, ඇඟිලි දෑත් හොඳින් මසාජ් කරන්න. අත් දෙක cotton රෙද්දක් ආධාරයෙන් තෙත අයින් කර ගන්න. මේ ග්‍රීන් ටී එක අපිට ආයිත් අවශ්‍ය වෙන නිසා ඒක පැත්තකින් තබාගන්න.
පැක් එකට අවශ්‍ය ද්‍රව්‍ය -
කඩල පිටි තේ හැඳි 01ක්
සුදු හඳුන් කුඩු තේ හැඳි 1 1/2ක්
කෝමාරිකා මදය
මේ ද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍රකර ගන්න.Tick past එකක් සාදා ගත්තට පසුව අත් දෙකක් හොඳින් ආලේපකර ගන්න හැබැයි නියපොතුවල ආලේපකර ගන්න එපා. විනාඩි 15ක් පමණ අත්වල තිබෙන්නට හැර අපි අරන් තියා ගත්ත ග්‍රීන් ටී වතුර ටිකෙන් ටික එකතුකර ගනිමින් scrub කරගන්න. මේ මඟින් අත්වල මැරුණු සම ඉවත් වෙලා අඳුරු ස්වභාවය සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා. මෙලෙස පිරිසුදු කරගත් දෑත්වලට ලස්සන නියපොතු ටිකක් එකතුකර ගනිමු. නියපොතුවලට බහුලව ඇතිවෙන ගැටලුවක් තමයි නියපොතු කහපාට වීම. ඒ වගේම නියපොතු දිරාපත් වීම, පොතු ගැලවීම,
මෙම ආසාදන තත්ත්වය මූලික අවස්ථාවේම සුවකර ගත යුතුයි. නියපොතු කැඩෙන හේතුව නියපොතු මත හෝ නියපොතු තුළ දිලීර වර්ගයක් අධික ලෙස වර්ධනය වීමයි. උණුසුම් හෝ තෙත් ස්වභාවයක් නිතරම පැවතීම, දිලීර ආසාදනය සහිත කෙනෙක් සමඟ ස්පර්ශ වීම වැනි හේතු මේ සඳහා බලපායි. දිලීර ආසාදනයක් සහිත නියපොතුවල ස්වභාවය අපිට බැලූ බැල්මට තීරණය කර ගන්න පුළුවන්. නියපොතුවල හැඩය, ස්වභාවය වෙනස් වීම, නියපොත්ත ඉහළට එසවී තිබීම, නියපොතු පහසුවෙන් කැඩී යන සිදුවීම් දකින්න පුළුවන්. ඉතින් අපිට පහසුවෙන් මේ තත්ත්වය නිෙවසේදීම මඟහරවා ගන්න පුළුවන් නම් ඒක කොයි තරම් දෙයක්ද?
උපදෙස් රූපලාවණ්‍ය ශිල්පිනී
දිසෝජා හේරත්