වර්ෂ 2025 ක්වූ January 20 වැනිදා Monday
හදිසි රෝහල්ගත කිරීමකදී ප්‍රතිකාර ඒකකය අත්හදා බැලුවද?
හදිසි ප්‍රතිකාර සඳහා යොමු වන ඔබට එහි පළමු පැය හඳුන්වන්නේ Golden Hour ලෙසිනි. ඔබ ප්‍රමාද වෙන සෑම විනාඩියක් ගානේම ඔබේ ජීවිතයේ ඇත්තේ අනතුරේය.
එසේනම් හදිසි ප්‍රතිකාර සේවයෙහි පිහිට ඔබ ලැබිය යුත්තේ කෙසේද?
ලංකාවේ 1990 සුවසැරිය සේවය ගැන නොදන්නා කෙනෙක් නැත. හදිසි රෝග තත්ත්වයක් ඇති වූ විට ඔබට මෙම ගිලන් රථ සේවයෙහි පිහිට පැතිය හැකියි. සෑම රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන්ම මෙම ගිලන් රථ සේවයේ පිහිට පතන්නට බොහෝ දෙනා පුරුදුව සිටියි. එසේ නොවී හදිසි රෝගී තත්ත්ව සඳහා ගිලන් රථ සේවයේ පිහිට පතන්නේ නම් එහි සේවය ඉතා ඉක්මනින්ම ලැබේවි.
එසේ පැමිණීමෙන් පසු ඔබ යොමු විය යුත්තේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයටයි. බාහිර රෝගී අංශය වෙත යොමු වන්නට අවශ්‍ය නැත. හදිසි රෝගී තත්ත්වයේ අවදානම නොදැන වෛද්‍යවරයකු චැනල් කිරීමට යෑම සුදුසු නැත. එසේ ඔබ නාස්ති කරනුයේ ජීවිතයේ වටිනාම කාලයයි.
හදිසි ප්‍රතිකාර ඒකකය වෙත යොමු වූ පසු අදාළ වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තවදුරටත් ඔබව රෝහල්ගත කරනවාද නැතිනම් නිවෙස කරා යවනවාද, පසුව තවදුරටත් සායන කරා යොමු කරනවාද යන්න තීරණය කරයි.
විශේෂයෙන්ම හදිසි අවස්ථා, ආපදා තත්ත්ව, වසංගත තත්ත්වවලදී හදිසි ප්‍රතිකාර ඒකක යුහුසුළුව කටයුතු කරයි. එහි සිටින විශේෂඥ වෛද්‍යවරුන් ඒ සඳහා උපරිමයෙන්ම කැපවෙයි.
හෘදයාබාධ, ආඝාත තත්ත්ව, හදිසි හෘද රෝග, හදිසි ආසාදන තත්ත්ව නිසා ඇතිවන සංකූලතා, ස්වසන ආබාධ යන අවස්ථාවන්වලදී ඔබට හදිසි ප්‍රතිකාර ඒකකයන්හි පිහිට පැතීමට පුළුවනි.
දියුණු රටවල හදිසි ප්‍රතිකාර ඒකකයට ඇති පුදුමාකාර පිළිගැනීමකි. ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ සෞඛ්‍ය අවශ්‍යතා කාණ්ඩය කිහිපයකට බෙදා දක්වයි. රෝහල් පද්ධතිය සැකසී ඇත්තේම හදිසි රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමටයි. නිදන්ගත රෝග සායන, දිගු කාලීන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට සායන ආදිය තිබේ. රෝග විනිශ්චය සඳහා වන සායන වර්ග ද තිබේ.
හදිසි ප්‍රතිකාර වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය රෝගීන්ගේ හදිසි ප්‍රතිකාර අවශ්‍යතා පිළිබඳ මැනවින් හඳුනාගෙන තිබේ. මූලික රෝහල්, ශික්ෂණ රෝහල්, මහ රෝහල්වල දැනටමත් හදිසි ප්‍රතිකාර ඒකක ඇති අතර ඒවා පුළුල්ව ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වේ. මේ සමඟ අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ ක්‍රමවේදය ගමේ රෝහලටත් ආදේශ වනු ඇත. "අපරාදේ අර රෝහලට ගියා නම් ලෙඩාව බේරගන්න තිබුණා. මේ වෛද්‍යවරයාට පෙන්නන්න තිබ්බා." මෙවැනි මත ඉදිරියේදී ගොඩ නොනැඟෙනු ඇත.
ඔබ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත පැමිණෙන පළමු පැය (Golden Hour )අතරිනුත් පළමුව විනාඩි 10 ( Platinum 10 Minutes) රෝගියා හදිසි අනතුරු තත්ත්වයෙන් මුදවයි. මෙය රෝගියා ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් වුවත්, දිස්ත්‍රික් රෝහලකට ඇතුළත් වුවත් ඒ අන්දමින්ම ඉටුවිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය දැනුම, ඉඩ සම්පත් මේ ආදී සියල්ල එහි තිබිය යුතුයි. ඔවුන් ඔබව ජීවිත අවදානමින් මුදා ගනී.
රුධිරය ලබාදීම්, හදිසි ශල්‍යකර්ම සිදු කිරීම් මේ ආදී සියලු දෑ වන්නේ ඉන්පසුවයි.
උපදෙස් :
හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉනුක විජේගුණවර්ධන,
හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය
කමින්ද විජේනායක