වඩාත් වේගයෙන් බෝවෙන ඩෙල්ටා ප්ලස් පරෙස්සම් නො වුණොත් යළිත් ජීවිත අනතුරේ.

නොවැම්බර් 3, 2021

 

ම් දෙයක ඉදිරියෙන් ප්ලස් හෙවත් එකතු කිරීමේ ලකුණ එක් වීමෙන් කියා පාන්නේ එය වඩාත් ප්‍රබල බව ය. යහපත් දෙයක් සම්බන්ධයෙන් නම් එය සතුට ගෙන දෙන කාරණයක් වුව ද නව කොරෝනා වැනි වෛරසයක් සම්බන්ධයෙන් නම් සුබ කරුණක් නො වෙයි.

ඉන්දියාව විසාලාවක් කළ ලංකාවේ ද වැඩි පිරිසක් ආසාදනය කරමින් පවතින මරණයට පත් කරන ඩෙල්ටා ප්‍රභේදයෙන් දැන්ම ගැලවීමක් නැති පාට ය. එසේ තිබියදී ඩෙල්ටා ප්ලස් රටවල් විසි ගණනක මේ වන විට පැතිර තිබීම අපේ රටට සුබ ලකුණක් නො වෙයි.

ඩෙල්ටා ප්ලස් කියන්නේ ඩෙල්ටා ප්‍රභේදයේම විකෘති වීමකි. හාවඩ් සරසවියේ වසංගත විද්‍යා විශේෂඥ විලියම් හැනාගේ හඳුන්වන්නේ ඩෙල්ටා ප්ලස්, ඩෙල්ටා ප්‍රභේදයේ මුනුබුරකු හා සමාන වන බවය. බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ මෙය ඩෙල්ටාවලට වඩා සීග්‍රයෙන් බෝවිය හැකි බවය. ඇල්ෆා ප්‍රභේදය මෙන් 100% ගුණයකටත් වඩා ඩෙල්ටා ප්ලස් බෝවන සුලුය. ඩෙල්ටා ප්‍රභේදය, ඇල්ෆා ප්‍රභේදයට වඩා 60% කින් බෝ වන සුලුය. ඩෙල්ටා ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය බෝවීම සියයට දහ ගුණයකින් ඉහළය. මේ ප්‍රභේදය සම්බන්ධයෙන් ඇති තවත් අසුබ පුවතක් වන්නේ එය කෝවිඩ් - 19 රෝගීන් ගේ ජීවිතය බේරා ගැනීමට දෙනු ලබන ඖෂධවලට ප්‍රතිරෝධීතාවක් දැක්වීමයි. අලුත් වෛරසය වඩාත් හොඳින් පෙණහලු සෛල සමඟ බැඳෙයි.

එන්නත ගත් අයට වෙනත් නව කොරෝනා වෛරස මෙන් මෙය ද දැඩි අවදානමක් ඇති නො කරන බව වෛද්‍ය විශේෂඥයන් ගේ මතය වුව ද මෙය සලකන්නේ මෙතෙක් හඳුනා ගත් වඩාත් මාරාන්තික ප්‍රභේදයක් ලෙසිනි. රෝගය සුව වුවත් මෙයින් ඇතිවන දිගුකාලීන බලපෑම වැඩිය. මොළයට වැඩි හානියක් සිදු වෙයි. බ්‍රේන් ෆොග් ලෙසින් හඳුන්වන

තත්ත්වය, අමතක වීම් ප්‍රධාන වශයෙන් ඇතිවන සංකූලතා දෙකකි. බ්‍රේන් ෆොග් වැලඳුණු විට යම් දෙයකට අවධානය යොමු කිරීම, පැරැණි දේ මතක් කර ගැනීම, එක වර වැඩ කිහිපයක් කිරීම, අවට ගැන අවධානයෙන් සිටීම අසීරු වෙයි. හිසරදය, මානසික විඩාව වැනි ලකුණු ද මෙවිට ඇතිවිය හැකිය.

 

තවමත් අපේ රටින් ඩෙල්ටා ප්ලස් රෝගීන් වාර්තා වී නැතත් ගෝලීයකරණය වුණු ලොවක අපේ රට ඩෙල්ටා ප්ලස්වලින් ආරක්ෂිත යැයි කියා සැනසීමට නුපුළුවන. නොසැලකිලිමත් ලෙස සුව නීති කඩන අය වැඩි වෙමින් පවතින නිසා කුමන මොහොතක ඩෙල්ටා ප්ලස් අපව ආක්‍රමණය කරාවිදැයි කිව නො හැකිය. එනිසා ඩෙල්ටා ප්ලස් දැන් සිටම කෙබඳු වෛරස් සතුරකුදැයි කියා හඳුනා ගැනීම වැදගත්ය.

කෝවිඩ් - 19 ට ආවේණික වියළි කැස්ස, උණ, වෙහෙස, ඇඟේ පතේ වේදනාව, සමේ පලු මතු වීම, දෑත් දෙපා දුර්වර්ණ වීම, උගුර වණවීම, ඇස් රුදාව, රස - සුවඳ නො දැනී යාම, ඩයරියා, හිසරදය, පපුවේ වේදනාව, කෙටි හුස්ම, හුස්ම ගැනීමට අපහසු වීම, කටහඬ නැති වීම යන ලකුණුවලට අමතරව ඩෙල්ටා ප්ලස් ආසාදනය වූ විට උදර වේදනාව, වමනය, ඔක්කාරය, කන් ඇසීමේ ගැටලු වැනි ලක්ෂණ ගණනාවක් ඇති විය හැකිය.

නව කොරෝනා වෛරසය විකෘති වන තරමට එය පැතිරීම වේගවත් වීම වැඩි වන අතර . රෝගය දරුණු ලෙස බලපෑමට ඇති ඉඩ කඩ ද වැඩි වෙයි. එනිසා සුව පුරුදු දිගින් දිගටම පවත්වා ගෙන යාම වැදගත්ය.

 

දරුවන් ගැන සුබ ආරංචියක්

 

“ තමාට පෙර දරුවන් “ මාපියන් ගේ ජීවන තේමා පාඨය එය ය. ඇස් දෙක මෙන් මාපියන් දරුවන් රැක ගත්ත ද වසංගත සමයක ඔවුනට දිවි ගෙවීමට සිදුවී ඇත්තේ පපු කුහරය බිත්තර තැම්බිය හැකි තරම් වේදනාවෙන් උණුසුම් කරගනිමිනි.

එහෙත් දැන් වයස අවුරුදු 6 - 11 දක්වාවූ කුඩා දරුවන් සිටින මාපියන් ට සැනසුම් සුසුම් හෙළීමට හැකිවී තිබෙයි. එසේ වී ඇත්තේ ඒ වයස් කාණ්ඩයේ දරුවන්ට මොඩර්නා එන්නත මඟින් ඉතා ඉහළ ප්‍රතිශක්තියක් ලැබෙන බව සොයා ගෙන තිබීමය.

එන්නතින් ඇති වන්නේ තාවකාලික අතුරුආබාධය. ඒවා විඩාව, හිසරදය, උණ හා එන්නත් කළ තැන ඇතිවන වේදනාව වැනි එන්නතක් විද්ද පසු සාමාන්‍යෙයන් ඇති වන සුපුරුදු ලක්ෂණ වෙයි.

දැනටමත් දරුවන්ට ගැළපෙන ෆයිසර් එන්නත් මාත්‍රා නොවැම්බර් මාසයේ සිට වයස අවුරුදු 6 - 11 අතර දරුවන්ට මහා පරිමාණයෙන් ලබා දීමට පියවර ගනිමින් පවතියි. එය වයස අවුරුදු දො‍ළහෙන් ඉහළ දරුවන්ට අනුමතකර ඇති එන්නතකි.

පරෙස්සම් නො වුණොත් යළිත් ජීවිත අනතුරේ
 

දිගට ම මුහුණු ආවරණ පැලඳීමෙන් දරුවන් ගේ පෞරුෂ වර්ධනයට බාධාවක් සිදු වන්නේ නැහැ

 

වැඩිහිටියන් විලසින්ම පොඩිහිටියන් ද වසංගතයෙන් ආරක්ෂා වීමට මුහුණු ආවරණ පැලඳිය යුතුය. මෙය ඔවුනගේම සුබ සිද්ධිය වෙනුවෙන් මාපිය වැඩිහිටියන් ගතයුතු වැදගත් පියවරකි.

එහෙත් මෙලෙස මුහුණු ආවරණ පැලඳීමෙන් දරුවන් ගේ වර්ධනයට අහිතකර බලපෑමක් ඇති වෙනවද ?

දරුවන් යනු පහසුවෙන්ම පරිසරයට අනුවර්තනය විය හැකි පිරිසකි.

එනිසා ඉන් කිසිදු බලපෑමක් ඇත නො වන බව බොහෝ අධ්‍යයන මඟින් හෙළිවී තිබෙයි. තවමත් දරුවන් කෝවිඩ් - 19 ට ගොදුරු වන්නේ අඩුවෙනි. කෝවිඩ් ආසාදිත දරුවන් පනස් දහසකගෙන් දැඩිසත්කාර ඒකකයට ඇතුළු කිරීමට සිදුවී ඇත්තේ එක් අයකු පමණි. රෝගී දරුවන් මිලියනයකින් මිය ගොස් ඇත්තේ දරුවන් දෙදෙ‍නකු ය. එහෙත් ඩෙල්ටා පැතිරීම සමඟ රෝගීවන දරුවන් ගේ ගණන වැඩිවී තිබෙයි. එහෙත් මුහුණු ආවරණ පලඳින දරුවන් රෝගීවී ඇත්තේ අඩුවෙනි.