නූල් රටාවෙන් මැවෙන සිඟිති බටිති මල් සැරසිලි

පෙබරවාරි 12, 2024

 

මලින් පිරුණු මල් මිටියාවතක් නෙත ගැටෙන කල සිතට දැනෙන්නේ හරිම අපූර්වතම හැඟීමක්. පුංචි බටිති යුවළකගේ දසුනකුත් මෙයට එකතු වූ විට සැබෑම සොඳුරු බවක් කියාපායි. මල් මිටියාවතක ඈතින් රැඳි නිවෙසක දසුන්හි චමත්කාරය තීව්‍ර කරයි. ඔබේ ආලින්දයේ මෙවැනි සැරසිල්ලක් දක්නට ඇත්තම් එය කාර්යබහුල මනසට සුවය ගෙනෙන දසුනක් වනු නො අනුමානය.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10ක්, 11ක්, 12ක්,14ක් හෝ 16ක්

ඇති සුදු පැහැති අයිඩා රෙදි කොටසක්

නොම්මර 18,24 සිට නොම්මර 26 දක්වා

ටැපැස්ට්‍රි ඉදිකටු

අවශ්‍ය වර්ණ කපු කැරැලි නූල්

රාමුවක්

කතුරක්

 

නිර්මාණය කිරීම

ඔබ තෝරා ගන්නා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව මසන නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. මේ නිර්මාණය අඟලට කොටු 12ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් එහි ප්‍රමාණය සෙන්ටිමීටර් 20x20කි. මේ සඳහා නොම්මර 18 ටැපැස්ට්‍රි ඉදිකටුව යොදා ගත හැකියි. එසේම මෙය කොටු ගණන්කර මැසිය හැකියි. නැතිනම් නිර්මාණයේ මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14 නම් නූල් පොටවල් 4ක් සෑහේ. මෙහිදී අඟලට කොටු 12ක් ගන්නේ නම් නුල් පොටවල් 6ම භාවිත කරන්න.

මෙයද භාග මැස්ම වගේමයි. කොටුවක කොණක (වම්පස) එක සිදුරකින් නූල උඩට ගෙන දකුණුපස පැත්තට හරහට මැස්මක් ගැසීමයි. මෙය එක පැත්තකටම මැසිය යුතුයි.