හරියටම කල් බලා කෑ යුතුය සියඹලා

මැයි 6, 2024

 

ගෙවත්තක් පවත්වාගෙන යන කාන්තාවක් අනිවාර්යෙන්ම තමන්ගේ පැළ ගොන්න අතරට එක්කරන සුවිශේෂී දිව්‍යමය ඖෂධයක් ගැන අපි අද කතා කරමු. ඒ අපි කවුරුත් ඉතා හොඳින් හඳුනන කෝමාරිකා ගැනයි.

කෝමාරිකා ගත් විට මෙහි විටමින් A, E, C හා B අඩංගුවන අතර අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් ද අඩංගු වෙනවා. වර්ෂාව අඩු කාලවලදී වතුර ගබඩා කරලා තියාගන්න කෝමාරිකා ශාකයට විශේෂිත හැකියාවක් තියෙනවා. ඒක හින්දාම ගොඩක් උෂ්ණ ප්‍රදේශවල තමයි කෝමාරිකා හොඳින් හැදෙන්නේ. අපි හැමෝම දන්නවනේ කෝමාරිකාවල ඖෂධීය ගුණ වගේම රූපලාවණ්‍ය හා බැඳි භාවිතයන් ගොඩක් තියෙනවා කියලා.

 

පිලිස්සීමට ඖෂධයක්

 

ආයුර්වේදයට අනුව, පිලිස්සුම් තුවාල හොඳ කරන්න ඉතා පුරාණ කාලයේ ඉඳන් කෝමාරිකා භාවිතා කරලා තියෙනවා. අනෙකුත් පිලිස්සුම් තුවාල වගේම අව් රශ්මිය නිසා සමේ ඇතිවන පිලිස්සුම් තුවාල හොඳ කරන්නත් කෝමාරිකා ඉතාමත් හොඳ බෙහෙතක්. කෝමාරිකා පත්‍රයේ ඇති මාංසල කොටස වෙන්කරවාගෙන එය පිලිස්සීමට ලක් වූ ප්‍රදේශයෙහි ඉතා හොඳින් ආලේප කිරීම හෝ කහ සමඟ මිශ්‍රකොට ආලේප කිරීම තුළින් පිලිස්සීමෙන් සිදුවූ හානිය වගේම එයින් ඇතිවන කැළැල් ඉතා වේගයෙන් ඉවත්කර ගැනීමටද හැකියාවක් ලැබෙනවා.

 

දන්ත රෝග සඳහා

 

කෝමාරිකා යුෂවලින් කට සේදීම මඟින් දත් දිරායෑම හා දත් ආශ්‍රිතව ඇතිවන අනෙකුත් රෝග සුවකර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ මඟින් දත්වල එනමලයට ලබාදෙන ශක්තිය හේතු කරගෙනයි.

 

ලේවල සීනි අඩු කරනවා

 

දියවැඩියාවට ප්‍රතිකර්මයක් විදිහටත් කෝමාරිකා භාවිත කරන්න පුළුවන්. කෝමාරිකා හි ඇති සුවිශේෂී සංඝටකවලින් පුළුවන් ලේවල තියෙන සීනි ප්‍රමාණය පාලනය කරන්න. දිනකට කෝමාරිකා යුෂ තේ හැඳි 02ක් පානය කිරීම තුළින් ලේවල සීනි මට්ටම පාලනය කර ගන්න පුළුවන් වෙනවා.

 

ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් නිෂ්පාදනය කිරීමට ඇමයිනෝ ඇසිඩ් ඉතා වැදගත් වෙනවා. ශරීරයේ ක්‍රියාකාරීත්වයට ඇමයිනෝ ඇසිඩ් වර්ග 22ක් අවශ්‍යවන අතර එයින් 8ක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. කෝමාරිකාවල ඇමයිනෝ ඇසිඩ් 18ත් 20ත් අතර ප්‍රමාණයක් අඩංගුවන අතර අනිවාර්යෙන්ම අවශ්‍යවන ඇසිඩ් වර්ග 8ක් අඩංගු වෙනවා. මේ හේතුව නිසා කෝමාරිකා ස්වභාවිකව ඇමයිනෝ ඇසිඩ් නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස ශරීරයට ලබාගත හැකියි.

 

මලබද්ධයටත් හොඳයි

 

අප විසින් ලබාගන්නා අහාර දිරවීමට වැඩි කාලයක් ගතවීම රෝග රැසකට හේතු වෙනවා. ශරීරයේ නිරෝගී බව රැක ගන්න හොඳින් අහාර දිරවීම ඉතා වැදගත්. කෝමාරිකා ආහාර දිරවීම විධිමත් කරන අතර මලබද්ධය අඩු කිරීමටත් හේතු වෙනවා.

 

සමේ තෙතමනය රකියි

 

කෝමාරිකා ඕනෑම සමක අලේප කරන්න පුළුවන්. සමේ තෙතමනය රැකගන්න කෝමාරිකා තරම් උදවු වෙන වෙනත් දෙයක් නැති තරම්. උදාසීන සම ප්‍රාණවත් කරන්නත් කෝමාරිකාවලට හැකියාවක් තියෙනවා. ඒ වගේම කෝමාරිකාවල අඩංගුවන සමහර රසායන මඟින් සමේ මෙලනින් වර්ණකය පැතිරීයෑම පාලනය කරනවා. එමඟින් ශරීරයේ කළු පැහැති බව අඩු කරලා දීප්තිමත් සමක් ලබා දෙනවා.

 

ප්‍රණීත පානයක්

අමුත්තන් වෙත පිළිගැන්විය හැකි ප්‍රණීත පානයක් මෙන්ම ඹෟෂධීය ගුණයෙන් යුක්ත පානයක් මෙමඟින් සකසා ගත හැකිය. හොඳින් වැඩුණු කෝමාරිකා පිත්තක් ගෙන ඵහි යුෂ භාඡනයකට සූරා එම කෝමාරිකා ජෙලි කොටස මෙන් හත් ගුණයක් ජලය එක් කරන්න. අවශ්‍ය පමණට සීනි මිශ්‍රකර ද්‍රාවණය සෙල්සියස් අංශක 70 ක පමණ උෂ්ණත්වයකට රත්කර වීදුරු භාගයක් පමණ සකසා පානය කළ හැකිය.