වෙළෙඳපොළ ජයගන්න කෝ්ණ ෂේප් ගෙන එන්න

අප්‍රේල් 22, 2024

 

සිනිඳු බුහුටි බිම මත ඇවිද යන මිනිසුන් බහුතරයක් ලිස්සා වැටෙන නමුත් රළු ගොරෝසු බිම මත මිනිසුන් වේගයෙන් බො‍ෙහා් දුර දිව යන බව අප දැක තිබේ. ජීවිතයේ ඔබේ මාර්ගය දුෂ්කරතා හා බාධක මඟින් ගොරෝසු වී ඇති නම් සතුටු වන්න. ඔබට එහි වේගයෙන් දිවිය හැකියි.

 

මිනිසුන් ඔබට විරෝධය පාමින්, ඔබට නිග්‍රහ කරමින්, ඔබව නොසලකා හරිමින් ඔබව රිදවීමට උත්සහ ගනිමින් සිටියි නම් ඔවුන් දෙස කෘතඥතා පූර්වකව බලන්න. ඔබව ලිස්සා යා නොදී ඔවුන් ඔබේ මඟ රළු කරමින් සිටින්නෝය. ලෝකයේ දිනූ සාර්ථක මිනිසුන් බහුතරයක් රළු ජීවින මාර්ගවල ගමන්ගත් අයය.

ඔබේ මාර්ගය රළු කරන මිනිසුන්ට සිතෙන් ස්තූතියි කියන්න. එහෙත් ඔවුන් දෙස හැරී බලන්නට හෝ ඔවුන් එසේ කරන්නේ මන්දැයි විමසන්නට උත්සහ නොකරන්න. එසේ කළොත් ඔබ ලිස්සා වැටෙන්නට ඉඩ ඇත්තේ ඔබේ සවිමත් බව බිඳී පය පැකිලීමෙන් මිස පොළොවේ වරදින් නොවෙයි. කිසිදා ඔබේ මාර්ගය ගැන පැමිණිලි නොකරන්න. වැදගත් වන්නේ එහි සිහියෙන් ගමන් කිරීම පමණි.

ඒ වගේමයි තමන්ට කියලා තියෙන මොකක්ම හරි දෙයක් ගැන හිතලා මොකක්ම හරි දෙයක් දැකලා සතුටු වෙන්න, සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න. පුංචිම දේකින් හදාගන්න. සතුටින් ඉන්න කිසිම කෙනකුට අනිත් කෙනාගෙ ජීවිතේ උඩ යට, මුල - මැද අදාළම නැහැ. අනිත් කෙනාගෙ සතුටට බාධා කරන්නෙ නැහැ. කොටින්ම කියනවා නම් ගෙවෙන මොහොත ඇති වන බොහෝ තත්ත්වයන්වලට සතුටින් සාමකාමීව මැදහත්ව මුහුණ දෙන්න.

ඔයාගෙ ගැන ඔයාට වඩා කවුද දන්නෙ? වැරදුන තැන් හරිගිය තැන්? වරද්දගන්න තැන්? කවුද දන්නෙ? එකඟව උත්තර හොයාගන්න, සමාව දීමට, නම්‍යශීලිවීමට, කෙටි කලකට හකුළා ගැනීම වැනිදේට හුරුවෙන්න. සතුට නිරතුරු ඔබට පැමිණේවි.

තමන් සතුටින් ඉන්නවා නම් ඒ වගේ මිනිස්සු වටේ ආකර්ෂණ ශක්තිය වැඩී. දියුණුව වැඩී. ලෙඩ දුක් අඩුයි. මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි ජීවිතේ හිතන පතන හැමදේම ලැබෙනවා. අනුන් සතුටු කරන්න කලින් තමන් සතුටින් ඉන්න. ඊට පස්සේ ඔයාගෙ වටේ ඉන්න හැමෝමත් සතුටින් ඉඳිවි.

මේ ගෙන එන වියළි මල් පාඩම් මාලාවත් ඔබ සතුටින් ජීවත් කරන කලාවකි. මල් හා බැඳි ජීවිත කලාත්මකයි. කලාකාමී සිතුවිලි, නිර්මාණ සමඟින් දවස ගෙවන ඔබට ඒවාට අමිල මිලක් ලබාගන්නා අයුරුයි මේ කියාදෙන්නේ. ඔබ මේ වන විටත් වියළි මල් ආශ්‍රිත නිර්මාණ ගොන්නක හිමිකාරිණියක්. සැබෑම අවුරුදු සිරිය ඔබ වටා එකතුකර ගත හැකි සාර්ථක ව්‍යවසායිකාවකි.

අද නිර්මාණය තහඩුවක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් කළ නිර්මාණයකි. මේ සඳහා නිවෙසේ අවටින් ඕනෑතරම් සම්පත් සොයාගත හැකියි. නිර්මාණ සිදු කිරීමේදී ඒ සඳහා කිසිඳු මුදලක් වැය නොවන අමුද්‍රව්‍ය සොයාගන්න තරම් ඔබ දක්ෂ විය යුතුයි. එවිට නිර්මාණවලින් වැඩි මූල්‍ය වටිනාකමක් ලැබිය හැකියි. මේ දැක්වෙන නිර්මාණය කෝණ ෂේප් එකකි.

නිවෙසේ බිත්තියක කොනකට, කාර්යාලයේ හැඩට කදිමයි. අද මෙවන් නිර්මාණ සඳහා ඉහළ වෙළෙඳපොළක් පවතී. නිර්මාණ සිදුකිරීමේදී ඉදිරියේ දී මෙවැනි කෝණ ෂේප් 6ක් පමණ දැන ගත හැකියි. මේි නිර්මාණය පුරාවට අපූරු වර්ණ සංකලනයක් දිස් වේ. ඒ සියල්ල ඩ්‍රයි (වියළි) විය යුතුයි.

බඩ ඉරිඟු පොතු, බඩ ඉරිඟු මල්, මාන වර්ග, ෆයිනස් ගෙඩි, බජිරි වර්ග නිර්මාණයට අමුද්‍රව්‍ය ලෙස තෝරාගෙන අැත.

ඔබේ නිර්මාණය ලී රඳවනයක් ඇතුළට දමා ගන්නේ නම් රඳවා ගැනීම පහසුයි. ක්‍රමානුකූලයි. නිර්මාණය සිදුකිරීම පළමුව අවශ්‍ය උස සහ පළල තීරණය කරගන්න. දැන් උසේ පිළිවෙළට පෙර සකස්කර ගත් වියළි මල්, අතු, ඉති සහ කොළ, ගෙඩි වර්ග රඳවා ගන්න. එකින් එක මල් අමුණා ගන්න. තද දුඹුරු, ළා දුඹුරු වගේම තද කහ, ළා කහ ආදී වශයෙන් වර්ණ සංකලනය ගළපා ගන්න. ඒ අතරින් පතර නිර්මාණයට හානියක් නොවන සේ කෘත්‍රිම මල් කිහිපයක් එකතුකර ගන්න.

ඔබට සම්පූර්ණ නිර්මාණය කල්තබා ගැනීමට වෙළෙඳපොළෙහි ඇති ස්ප්‍රේ ගෙන භාවිත කළ හැකියි. එහිදී ක්ලියර් වානිෂ් වඩාත් සුදුසුයි.

මේ වන විටත් ඔබ වියළි මල් කලාව ඉගෙන ගනිමින් නිර්මාණකරණයේ යෙදී ඇති. එවැනි ඔබ ශක්තිමත් ව්‍යවසායකයකු කිරීමට අපි සුදානම්. ඔබේ නිර්මාණ සඳහා නියම වටිනාකමක්, වෙළෙඳපොළක් ලබා දීමට අප කටයුතු කරනවා. ඒ සඳහා 0112 429591 දුරකතන අංකයෙන් අප අමතන්න.

 

 

ඡායාරූප - ශාන් රූපස්සර

 

 

උපදෙස්:-

ධනංජය ෆ්ලෝරා අධිපති ප්‍රවීණ මල් සැකසුම් ශිල්පී

සමන් ජයලත්