දරුවන් නොමැති නිසා හෝ දරුවන් ලැබීම පමා වීම නිසා සිත් තැවුලෙන්ද?

ජූලි 3, 2023

 

විවාහක යුවළක් දකින හීන අතරේ සුන්දරම හීනයක් තමයි දෙන්න තුන්දෙනා වෙලා දරු පැටියෙකුට අම්මෙක් තාත්තෙක් වෙන්න දකින හීනය. ඒත් කාලයක් ගිහිල්ලත් දරු හීනය හැබෑ වෙන පාටක් පේන්නම නැත්තම් ඊළඟට ඉතින් හැමෝම යන්නෙ වෛද්‍ය උපදෙස් පතාගෙන. මේ විදිහට දරුඵල ප්‍රමාද වෙන්න, එහෙමත් නැත්නම් අහිමි වෙන්න විවිධ ශාරීරික, සෞඛ්‍යමය හේතු තියෙන්න පුළුවන්. ඉතින් අද මේ කියන්න යන්නෙ මේ නළ දරු තාක්ෂණය තුළින් වැඩිම සාර්ථකත්වයක් ලබා දෙන ආයතනයක් ගැනයි. කොල්ලුපිටිය බගතලේ පාරේ ස්ථාපිත කර තිබෙන මේ ආයතනය දරුවෙක් වෙනුවෙන් සිහින මවන යුවලයන්ගේ සිහින සැබෑ කරන්න නිරන්තරයෙන් කැප වෙයි. ඉතිං කොල්ලුපිටියේ පිහිටි ජනනම් සාඵල්‍යතා මධ්‍යස්ථානය සොයා අපි පැමිණියේ මේ ගැන තවත් තොරතුරු විමසා දැන ගන්නයි. ඉතිං ජනනම් ආයතනයේ සායනික අධ්‍යක්‍ෂක වෛද්‍ය එම්. එන්. එම්. ෂෆ්රාස් මහතා මේ විදිහට අපත් සමඟ කතා බහකට එකතු වුණා.

 

මොකක්ද මේ නළ දරු තාක්ෂණය කියන්නේ?

නළදරු තාක්ෂණය කියල කියන්නෙ ශරීරයෙන් පිටතදී ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංසේචනය කරලා සාර්ථකව හදාගන්න කළලයක් ගර්භාෂයේ තැන්පත් කරලා සාමාන්‍ය දරුවෙක් හදන එක.

 

මේ තාක්ෂණයේ පිහිට පතන්න පුළුවන් කාටද?

සාමාන්‍යයෙන් දරුඵල ප්‍රමාද වෙන හැමෝටම මේ නළදරු තාක්ෂණය භාවිතා කරන්නෙ නැහැ. එහෙම කරන්න ඕනෙත් නැහැ. මෙවැනි ගැටළු තියෙන අයට තමයි මේ ප්‍රතිකාර ක්‍රමය හොඳටම ගැලපෙන්නෙ. පැලෝපීය නාල ආශ්‍රිතව පවතින ගැටළු, ඩිම්භනීහරණය සම්බන්ධ ගැටළු, එන්ඩ්‍රොමෙට්රියෝසිස් ( Endometriosis), දුර්වල ඩිම්බ ඇති අවස්ථා, ගැබ්ගෙලෙහි ඇති ගැටළු හා ශරීරයේ ප්‍රතිදේහ ගැටළු, ශුක්‍රාණු මට්ටම (සංඛ්‍යාව) අඩුවීම, හේතුන් පැහැදිලි කළ නොහැකි අවස්ථා (Unexplained) සඳහන් කරන්න පුළුවන්.

 

නළ දරුවන් සාමාන්‍ය දරුවන්මද?

දරු පිළිසිඳ ගැනීමේ ක්‍රමවේදය ටිකක් වෙනස් වුණාට නැවත කළලය ගර්භාෂයේ තැන්පත් කළාට පස්සේ එතන ඉඳලා දිගටම ඒ කළලය වැඩෙන්නේ සාමන්‍ය වෙනත් කළලයක් විදිහටම තමයි. දරු උපත, දරුවාගේ වර්ධනය ඔක්කොම වෙනත් දරුවෝ වගේම සාමාන්‍ය විදිහට තමයි සිද්ධ වෙන්නෙ.

 

කොහොමද IVF එකක් කරන්නෙ?

සාමාන්‍යයෙන් නම් මසකට එක බැගින් තමයි ඩිම්බ කෝෂවලින් ඩිම්බ නිකුත් වෙන්නේ. නමුත් මේ ක්‍රමවේදයේදී මුලින්ම කරන්නෙ මේ වැඩේට සුදුසු මට්ටමේ ඩිම්බ එකකට වඩා නිෂ්පාදනය කරන්න අවශ්‍ය හෝර්මෝන කාන්තාවගේ ශරීරයට එන්නත් කිරීම. ඊළඟට ඒ අදාළ ඩිම්බ මෝරන්නත් අවශ්‍ය හෝර්මෝන එන්නත් කරනවා. ඊට පස්සේ නියමිත වෙලාවේදී මේරූ ඩිම්බ එළියට ගන්න ඕන. මේ වේලාව කලින්වත් පරක්කුවෙලාවත් වෙන්න බැහැ. හරිම වෙලාවට ඩිම්බ එළියට නොගත්තොතින් ඒවා සාමාන්‍ය විදිහට වර්ධනය වෙන්නෙ නැහැ. ඩිම්බ එළියට ගන්න ක්‍රියාවලිය සිදු කරන්නෙ අදාළ කාන්තාව නිර්වින්දනය කරලා.

ඒ වගේම පිරිමි කෙනාගෙන් ලබාගත්ත ශුක්‍රාණු සාම්පලයක් අරගෙන ඒ ශුක්‍ර තරලයෙන් නිරෝගී ශුක්‍රානු වෙන් කරගන්නවා. මේ වෙන්කරගත්ත ශුක්‍රානු ඩිම්බ එක්ක මිශ්‍ර කර (IVF) හෝ ඩිම්බයක් තුළට ශුක්‍රාණු ඇතුල් කිරීමෙන් (ICSI) සංසේචනය වෙන්න ඉඩ හරිනවා. (එහෙම කරන්නෙ ශුක්‍රාණුවල ප්‍රමාණය හෝ ගුණත්වය අඩු අවස්ථා වලදියි) මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නෙ පරීක්ෂණාගාරයක් ඇතුළෙදී විශේෂයෙන් සකස් කළ IVF මාධ්‍යයන් (IVF Media) අඩංගු දීසි තුළයි. නළ දරු තාක්‍ෂණ යැයි පොදු වහරේ හැඳින්වුවද මෙය සිදුකරන්නේ නළයක් තුළ නොවේ.

මේ ක්‍රියාවලියට පස්සේ, ඒ කියන්නෙ ඩිම්බ පිටතට ගත් දිනයේ සිට දවස් තුනක් හෝ පහකට පසුව මේ සංසේචනය වූ ඩිම්බය, ඒ කියන්නෙ කළලය නැවත ගර්භාෂයේ තැන්පත් කෙරෙනවා.

 

අවදානම් තත්ත්ව මොනවා ද?

මෙහිදී එක කළලයකට වඩා ගර්භාෂයේ තැන්පත් කරපු අවස්ථාවක ඒ සියලුම කළල සාර්ථක වෙලා නිවුන් දරු උපත් සිදුවෙන්න පුළුවන්. ඒවගේම ඩිම්බකෝෂ වැඩියෙන් උත්තේජනය වීම (Ovarian Hyper-stimulation), ගර්භාෂයෙන් පිටත කලළ තැන්පත් වීම (Ectopic Pregnancy), ගබ්සාවීම් (Miscarriages) වැනිදෑ ඇති විය හැකියි.

 

මේ ක්‍රමය කොච්චර සාර්ථකද?

සාර්ථකත්වයට මූලිකවම බලපාන කරුණක් වන්නේ කාන්තාවගේ වයසයි. සාමාන්‍යයෙන් නළ දරු තාක්ෂණය භාවිතා කරන අවුරුදු 35ට වඩා වයස අඩු කාන්තාවන්ට 65% ක සාර්ථක වීමේ ප්‍රතිශතයකුත් අවුරුදු 40ට වැඩි කාන්තාවන්ට සාර්ථක වීමේ ප්‍රතිශතය මීට වඩා අඩු අගයක් ගන්නවා.

 

දරන්න වෙන පිරිවැය කොහොම ද?

නළ දරු ක්‍රමවේදය කියන්නෙ ටිකක් ඉහළ පිරිවැයක් දරන්න වෙන ක්‍රමවේදයක්. කලිනුත් කිව්ව විදිහට මේක හුඟක් වෙලාවට භාවිතා කරන්නෙ අනෙකූත් ක්‍රමවේදයන් උත්සාහ කිරීමෙන් පසුවයි.

මෙහිදී රසායනාගාර කටයුතු හා පරීක්‍ෂණ සඳහා වැයවන මුදල සැමට සමාන වුණත්, ඩිම්බ උත්තේජනය සඳහා භාවිතා කරන ඖෂධ ප්‍රමාණය හා භාවිතා කරන දින ගණන එකිනෙකාගේ තත්ත්වයන් අනුව වෙනස් වනවා. ඒ අනුව පිරිවැය ද වෙනස් වනවා.

 

ගැටලුව කාගෙද?

ගැටළුව දෙදෙනාගෙම හෝ එක් අයෙකුගේ විය හැකියි. ඉතින් මුලින්ම වෛද්‍යවරයෙක් හමුවෙලා අවශ්‍ය පරීක්ෂණ සිදුකරලා ගැටලුව කොතැනදැයි කියන එක හොයල බලන්න ඕන.

 

එහෙම වෙන්න ප්‍රධානම හේතු මොනවා ද?

මේ සඳහා හේතු කිහිපයක් බලපාන්න පුළුවන්

1. හෝමෝන ආශ්‍රිත ගැටළු

හයිපොතැලමසය, පිටියුටර් ග්‍රන්ථිය සහ ඩිම්බකෝෂ / වෘෂණ කෝෂ ආශ්‍රිත ගැටළු නිසා ඩිම්බනීහරණ / ශුක්‍රාණු නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය හෝමෝන නිෂ්පාදනයට බාධා ඇති වෙන්න පුළුවන්. උදාහරණ ලෙස :

l PCOS ශරීරයේ හෝමෝනමය අසමතුලිතතාවයක් නිසා ඩිම්බ නිකුත්වීමට බාධා ඇතිවීම තමයි මේකෙදී මූලිකවම සිද්ධ වෙන්නෙ. (අපි මේ රෝග තත්ත්වය ගැන කලින් ලිපියකදී දීර්ඝ ලෙස කතා කළා.)

l ආර්තවහරණය නිසි වයසට කලින් සිදුවීම. ඒ කියන්නෙ අවුරුදු 40ට කලින් මාසික ඔසප් වීම වසරකට වඩා කාලයක් නැවතී තිබීම.

2. කාන්තා හා පුරුෂ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ව්‍යුහමය ගැටළු

උදාහරණ ලෙස : පැලෝපීය නාලය අවහිර වීමෙන් සිදුවන ගැටළු

l ගර්භාෂයේ අසාමාන්‍ය තත්ත්වයන්

l පුරුෂයාගේ ශුක්‍රාණු ගමන් ගන්නා මාර්ගයේ අවහිරතා

l මීට අමතරව ජානමය ගැටළු හා ඩිම්බකෝෂ / වෘෂණ කෝෂවල කලින් සිදුකළ සැත්කම් බලපාන්න පුළුවන්.

 

මෙහෙම වෙන්න බලපාන සාධක මොනවා ද?

මේ සමහර තත්ත්වයන් උපතින්ම ඇතිවෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම පසුකාලීනව අපේ ජීවන රටාව නිසාත් ඇතිවෙන්න පුළුවන්.

කාන්තාවක් අවුරුදු 35කට වැඩිවෙනවා කියන්නෙ බොහෝවිට පිළිසිඳ ගැනීමේ ගැටළු ඇතිවෙන්න තියෙන හැකියාව වැඩියි

අධික බර හෝ අවශ්‍ය ප්‍රමාණයට ශරීරයේ බර නොමැතිවීම. දුම්කොළ හෝ මත්ද්‍රව්‍ය භාවිතය. අධික මත්පැන් භාවිතය.

අධික මානසික හෝ ශාරීරික පීඩාකාරී තත්ත්වයන්.

විවිධ කිරණ වලට නිරාවරණය වීම.

වෙනත් රෝග සඳහා ලබාගන්න බෙහෙත් වර්ග.

ඊයම් සහ කෘමිනාෂක වැනි පරිසරයේ ඇති අහිතකර රසායනයන්ට නිරාවරණය වීම.

මෙවැනි බොහෝ කාරණා (Multi factorial) එක්ව බලපාන්න පුළුවන්

 

Fertility Preservation කියන්නෙ මොකක්ද?

දැන් තරුණ ළමයි විවාහ වෙන්නේ උපාධිය අරන් හොඳ ජොබ් එකක් කරලා ගෙවල් දොරවල් හදාගෙනයි. ඉතිං විවාහ වෙද්දි අවුරුදු 30 පහුවෙනවා. ඉතිං අවුරුදු 30 පහුවුණාම ඩිම්බයක තියෙන ශක්‍යතාවය ක්‍රමයෙන් අඩුවෙනවා. වයස අවුරුදු 35න් පසුව මේ ක්‍රියාවලිය තවත් වේගවත් වනවා.

ඒකට පිළියමක් විදිහට දැන් තරුණියන්ට පුළුවන් තමන්ගේ ඩිම්බ අරගෙන අපේ Cryo preservation කරලා තමන්ට අවශ්‍යය කාලයක් ගබඩා කරලා තියාගන්න. අවුරුදු 10 - 20ක් වුණත් තියාගන්න පුළුවන්. ඉන්පසු අවශ්‍ය වෙලාවට එම ඩිම්බ භාවිතා කරලා කළලයක් හදාගන්න පුළුවන්. එහිදී වැදගත්ම කරුණ වන්නේ Cryo preservation තුළින් ඩිම්බය වයසට නොයාමය. ඉතින් පසුකාලීනව කළලය හැදුවත් ඒ කළලය සඳහා භාවිතා වයසින් අඩු ඩිම්බයක්. එමගින් ඇති වාසිය තමයි දරුවකු පිළිසිඳගැනීමේ සාර්ථකත්වය ගොඩාක් වැඩිවීමත්, ජානමය ගැටළු ඇතිවීමට තියෙන සම්භාවිතාව ගොඩාක් අඩුවීම. ඒ නිසා තමන්ගේ අනෙක් වැඩ කටයුතු කරගෙන තමන්ට අවශ්‍ය වෙලාවට නිරෝගී දරුවකු බිහිකරගන්න පුළුවන් ඒකට අවුරුද්දකට වැයවෙන්නේ පොඩි මුදලක්.

මෙම IVF මගින් බිහිවන දරුවන්ට ප්‍රවේණිගත ගැටළු ඇතිවෙන්න පුළුවන්ද? එහෙම නම් ඒක වලක්වගන්න හැකි ක්‍රම ඔබ ආයතනය සතුව පවතිනවාද?

ඔව්. සංසේචන ක්‍රියාවලිය ස්වභාවිකව සිදුවුවවත් IVF මගින් සිදුකළත් කළලයේ ප්‍රවේණිගත ගැටළු ඇතිවන්න පුළුවන්. නමුත් මේක හඳුනාගන්න අපේ ආයතනයේ පරීක්ෂණ ක්‍රම පවතිනවා.

විද්‍යාගාරය තුළ වර්ධනය වන කළලයේ බයෝප්සි පරීක්ෂාවක් (PGD) සිදු කිරීමෙන් එම කලල වල ජානමය ගැටළු ඇත්දැයි අපට තහවුරු කරගන්න පුළුවන්. ඒ නිසා ජානමය ගැටළු සහිත දරුවන් බිහිවීම අපට වලක්වගන්න පුළුවන්

 

ඒ ක්‍රමයට ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලත් කලින් හඳුනාගන්න පුළුවන්ද?

ඔව්. බයොප්සි සාම්පලය පරීක්ෂා කිරීමෙන් කලින් හඳුනාගන්න පුළුවන්

 

ඊළඟට අපි ගියේ ජනනම් ඉන්දු ලංකා ෆර්ටිලිටි මධ්‍යස්ථානයේ ප්‍රධාන කළමනාකරු හා ශ්‍රී ලංකා නියෝජිත ඇන්තනී ඩී. ප්‍රනාන්දු මහතා හමුවීමටයි.

 

ජනනම් ආයතනය අනෙක් ආයතනවලින් වෙනස් වන්නේ ඇයි?

ජනනම් කියන්නෙ ඉන්දියාවේ මදසරු ප්‍රතිකාර සඳහා ඉහළින් නමක් රැන්දූ ආයතනයක්. කොළඹ කොල්ලුපිටිය පිහිටි මෙම ජනනම් ඉන්දු ලංකා ෆර්ටිලිටි මධ්‍යස්ථානයේදී, ඉන්දියාවේ දී ලබාගන්නා ප්‍රතිකාර සේවාවන් හා සමාන ප්‍රතිකාර සේවාවක් එම ගුණාත්මකභාවයෙන් ලබාගත හැකි වීම මෙහි මූලික විශේෂත්වයි.

මෙම ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි, මදසරුභාවය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්, කළලවේදී විශේෂඥයින්, පෝෂණවේදීන්, මනෝඋපදේශිකාවන් මෙන්ම විශේෂ පුහුණුවලත් හෙද කාර්ය මණ්ඩයකින් සමන්විතව ඉහළ සාඵල්‍යතා ප්‍රතිඵල ලබාදීම සඳහා ඇපකැප වී සිටී.

අනෙකුත් සාඵල්‍යතා මධ්‍යස්ථාන එක්ක සැසඳීමෙදී ජනනම් ආයතනයේ නළ දරු උපත් සඳහා සාඵල්‍යතාවය 65% - 72% ක් වන ලංකාවේ ඉහළම අගය සනිටුහන් කරනවා.

ලංකාවේ ප්‍රථම බයෝ ක්ලැඩ් තාක්ෂණයෙන් (Bio Clad) නිමැවුණු බිත්ති සහ වහලයන්ගෙන් යුක්තව ඉදිකළ ඉතා ඉහල ජීවාණුහරිත රසායනාගරයත් ජනනම් ආයතනය සතුයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි, මදසරුභාවය පිළිබඳ විශේෂ පුහුණුවලත් වෛද්‍යවරයෙකු සතියේ දින හතේම දවසපුරා අප ආයතනයේ ඉන්නවා. පළමු වෛද්‍ය හමුව හා මුල් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්‍ෂාවන් සඳහා අපි කිසිම මුදලක් අය කරන්නේ නැහැ.

ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් පැමිණන යුවලක් මේ ආයතනයට එන පළමු දවසේදී, වෛද්‍යවරයා පැයකට අධික කාලයක් ඡායාරූප හා වීඩියෝපට මගින් එම යුවලගේ වත්මන් තත්ත්වය පිළිබඳ මනා ලෙස පැහැදිලි කරනු ලබනවා. එදින සියලු දේවල් කතා කළ පසු අවශ්‍ය කරන රසායනාගාර පරීක්ෂණ කරන්න යොමු කරනවා. ඒ සියලුම රසායනාගාර පරීක්ෂණ ජනනම් ආයතනය තුළින් කරගත හැකියි. ඒවායේ වාර්තා ආවට පස්සෙයි කළ යුත්තේ කුමක් ද කියලා තීරණය කරන්නේ.

මෙම පළමු හමුවෙන් පසු හඳුනාගන්නා අයට අවශ්‍යතාවය අනුව ආහාර පාලනය පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි පෝෂණවේදිනියකගේ, මනෝ උපදේශකවරියකගේ උපදෙස් ලබාදීම මෙහිදී සිදුකරනු ලබනවා.

එසේම වෛද්‍ය නිර්දේශය අනුව IUI, IVF ප්‍රතිකාර සඳහා යන වියදම විනිවිදභාවයෙන් යුතුව සැඟවුණු ගාස්තු නොමැතිව පැහැදිලි කරනු ලබනවා. මේ නිසා ප්‍රතිකාර සඳහා යොමුවීමට අදහස් කරන අයට පූර්ව සූදානමින් යුතුව එයට යොමුවෙන්න පුළුවන්. මෙය Financial Counselling යනුවෙන් හැඳින්වෙන අතර, එය සිදුකරනුයේ අපගේ කළලවේදී විශේෂඥවරයා හා ප්‍රධාන ගණකාධිකාරිණිය විසිනි.

ජනනම් ආයතනයේ අනෙක් විශේෂත්වය වන්නේ, ඩිම්බ දායිකාවකගෙන් ලබාගන්නා ඩිම්බ එක් කාන්තාවක් සඳහා පමණක් ලබා දීමයි. මෙමඟින් ඉතා හොඳ ඩිම්බ පමණක් ලබාගත හැකි අතර, සාර්ථක කළල ලබාගැනීමට මෙහිදී හැකි වේ.

PICSI නමැති IVF ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. ලංකාවේ මෙම ක්‍රමයට IVF ප්‍රතිකාර සිදුකරන එකම ආයතනය ජනනාම් පමණයි. නළ දරු උපත් සඳහා ලංකාවේ ඉහළම සාඵල්‍යතාවය පවත්වාගැනීමට මෙය ලොකූ පිටුවහලක් වෙලා තියෙනවා.

ක්ෂේත්‍රයේ ප්‍රවීණ විශේෂඥයන් යටතේ නිරන්තර පුහුණුවීම් කටයුතුවල නිරතවන බැවින් හැකියාවෙන් මෙන්ම දැනුමෙන්ද සන්නද්ධ හෙද කාර්ය මණ්ඩලයකින් ඉහළ ප්‍රතිකාර සේවාවක් සපයනු ලබයි.

ජනනම් ආයතනයේ ඉහත සඳහන් විශේෂත්වයන් නිසා අපගේ සායනික ප්‍රතිකාර මෙන්ම හෙද සාත්තු සේවාවද ඉහළ ගුණාත්මකභාවයකින් පවත්වාගෙනයාමට කටයුතු කරමු.

ඉතිං රෝගියා සමඟ සුහදව කටයුතු කරමින් පවත්වාගෙන යන නිසාත්, අපේ ප්‍රතිකර්මවලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන නිසාත් බොහෝ දෙ‍ෙනකු අප සොයාගෙන පැමිණෙනවා. අපේ එකම අරමුණ ඔවුගේ සිහින කරා ගමන් කිරීමට පිටුවහලක් වීමයි.

 

ඔබ ආයතනයෙත් බබාලා ෆ්‍රිජ්වල දාලා තියාගෙන ඉන්නවද?

නෑ. මේක වැරදි මතයක්. ඉතා ඉහළ සම්මත තත්ත්වයන් යටතේ විද්‍යාගාර තුළ ජන්මානු සංසේචනය කරවීමෙන් යුක්තානු හරහා අපි කළල නිපදවනවා. මේවා දින පහක් විද්‍යාගාර තුළ කළලවේදීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සම්මත උෂ්ණත්වය, pH අගය, ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ් ඇතුළු නිර්ණායක ගණනකට යටත්ව වර්ධනය කරනු ලබනවා.

ඊට පස්සේ දින පහෙන් පසු, කාන්තාවගේ ගර්භාෂයේ තැන්පත් කරන තාක් සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 196 ක අධිශීත ද්‍රව නයිට්‍රජන් (liquid Nitrogen) සහිත ක්‍රයෝ ටැංකි (Cryo Tank) තුළ හඳුනාගැනීමේ අදාළ කාණ්ඩ අංක හා සටහන් අනුගමනය කිරීමෙන් තැන්පත් කරනු ලබනවා.

මෙම කාණ්ඩකරණය, සටහන් ක්‍රම මගින් Liquid Nitrogen Cryo Tank තුළ ඇති ජන්මානු, කළල නියමිත ලෙස වෙන්කර හඳුනාගන්න පුළුවන්.

 

ඔබ ආයතනයටත් ඇවිත් ඕනෑම වෙලාවක 'බබෙක්' තැන්පත් කරගෙන යන්න පුළුවන්ද?

මෙහෙමයි. මෙය දීර්ඝ ලෙස කතා කළ යුතු දෙයක් ඩිම්බ දායිකාවක් හෝ ශුක්‍රාණු දායකයෙකු හෝ දායක කළල සඳහා නීත්‍යානුකූල ගිවිසුම් එකඟතා (conscent forms) ඒ ඒ පාර්ෂවයන් විසින් අත්සන් තැබිය යුතුයි.

අර කළින් කිව්වා වගේ සම්මත කාණ්ඩකරණය හා සටහන්කරණය මඟින් අදාළ ජන්මානු හා කළල කිසිසේත් මිශ්‍ර නොවී අදාළ කළල නිපදවීම හා කළල තැන්පත් කිරීම සිදුකරනවා. ඒ නිසා අපි ඉහළ වගකීමකින් එහි බැරෑරුම් බව මනාව තේරුම් ගෙන කටයුතු කරනවා. ඉතින් ආපු ගමන් ෆ්‍රිජ් එකකින් දරුවෙක් තැන්පත් කරගෙන යන්න පුළුවන් කියන මතය වැරදියි.

 

ඩිම්බ දායිකාවක් කියන්නෙ කව්ද?

සමහර විවාහක යුවලයන්ට දරුවන් නොමැති වීමේ හේතුවක් වන්නේ කාන්තාවගේ ඩිම්බ කළලයක් බවට පත් වීමට තරම් සුදුසු තත්ත්වයක නොතිබීම හෝ පරිණත ඩිම්බ නොමැති වීම, සමහර විට ආර්තවහරණය වීම.

මෙවන් අවස්ථාවකදී දායක ඩිම්බයකට සමහරවිට කාන්තාවට යොමුවන්න සිදුවනවා.

අන්න ඒ වගේ අවස්ථාවකදී අපි ඩිම්බදායිකාවකගේ ඩිම්බ ලබා ගැනීමට සිදුවනවා. ඉතින් ඩිම්බදායිකාවක් වන්න සපුරාලිය යුතු අවශ්‍යතාවන් ගොඩක් තියෙනවා.

ඒ අතර, ඇය එක් දරුවකු හෝ සිටින මවක් විය යුතුයි. වයස අවුරුදු 30ට අඩු විය යුතුයි. ඒ වගේම රසායනාගාර පරීක්ෂණ හරහා ඇය ඩිම්බදානයට සුදුසු බව තහවුරු කරගත යුතුයි.

 

ජනනම් ආයතනය පිහිටලා තියෙන්නෙ කොහෙද? සේවාව ලබාගන්න යොමුවිය යුත්තේ කෙසේද?

අප ආයතනය පිහිටලා තියෙන්නෙ කොල්ලුපිටියේ Marino Mall සාප්පු සංකීර්ණය ඉදිරිපිට පිහිටි බගතලේ පාරේ. හරියට බැලුවොත්, ගාළු පාරේ ඉඳන් මීටර් 150ක් ඩුප්ලිකේෂන් පාර දෙසට (154 බස් මාර්ගයේ).

වසරේ දින 365දීම දවස පුරා මදසරුභාවය පිළිබද විශේෂ පුහුණුවලත් වෛද්‍යවරයකු අප ආයතනයේ ඉන්නවා. ඉතින් පැය 24 පුරා විවෘත 0777443311 අංකයට ඕනෑම වෙලාවක කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.

පළමු වෛද්‍ය හමුව හා පළමු අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ සඳහා අප කිසිදු මුදලක් අය කරන්නෙ නෑ.

 

 

ඡායාරූප -සුදත් නිශාන්ත