වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
එරම් ලිලී මලක හැඩ
එරම් ලිලී මලක හැඩ අයිසිං මල් කලාව තුළින් ගෙන එන්නයි අපේ මේ සූදානම. ස්වාභාවික පරිසරයේදී රෝස, දම්, කහ ආදී වර්ණවලින් හැඩ වුවත් අප දකින්නේ ස්වේත වර්ණයෙන් හැඩවූ චපභථ ලිලී මල්ය.
අයිසිං මල් කලාවේදී ඔබට අවශ්‍ය ලෙස වර්ණය වෙනස් කරමින් කේක් හැඩකරගත හැකියි.
අවශ්‍ය ද්‍රව්‍ය
තයිලෝ පේස්ට් හෝ පාච්මන්ට් අයිසිං
ඩස්ටිං පවුඩර්
අයිසිං ටූල්
නිර්මාණය කිරීම
මෙම මල නිර්මාණය කර ගැනීමේදී පළමුව මලේ මැද කොටස හෙවත් කෙමිය සකසාගත යුතුයි. ඒ සඳහා කහ වර්ණය දැමූ අයිසිං කොටසක් ගෙන සොසේජ් එකක ආකාරයට රෝල් කරගන්න. දැන් ඒක මැදින් ගේජ් 20 කම්බි කොටසක් දමන්න. පළමු ඡායාරූපයෙන් එය ඔබට පැහැදිලි වේවි. දැන් දෙවැනි ඡායාරූපයේ දැක්වෙන ආකාරයට අයිසිං කොටස වටා ජෙලටින් ආලේපකර ඒ මත කහ වර්ණය දැමූ රුලං තවරන්න. පසුව තෙවැනි ඡායාරූපයේ පෙන්වා දී ඇති පරිදි කෙමිය යට කොටස සාදා එය කම්බියට සවිකොට වේළා ගන්න.
දැන් මල සාදා ගනිමු. ඒ සඳහා අවශ්‍ය වර්ණ යෙදු අයිසිං තුනීකර ලොකු රෝස පෙත්තක් කපා ගන්න. එය සිව්වැනි ඡායාරූපය මඟින් ඔබට පැහැදිලි වේවි. මෙම මල් පෙත්ත පළල් වීමට රෝලිං පින් එකෙන් පෙත්ත වටා තුනීකර ගන්න. පස්වැනි ඡායාරූපයේ එය දැක්වේ. දැන් හයවැනි ඡායාරූපයේ දැක්වෙන ආකාරයට පෙත්ත මත ඩස්ටිං පවුඩර් තවරන්න. මල් පෙත්තේ යට කොටසට කහ වර්ණය ආලේප කරන්න. හත්වැනි ඡායාරූපයෙන් එය දැක්වේ. දැන් මල් පෙත්ත වේනර් එකක් මත තබා වේනර් කරන්න. අටවැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ මල් පෙත්ත සහ වේනරයයි.
ඉන්පසු පෙත්ත වටේට ටූලය යවා ටූල් කරන්න. නවවැනි ඡායාරූපයෙන් එය දිස්වේ. දැන් සාදාගත් මලෙහි කෙමිය ගෙන ඒ වටා රවුම් වනසේ පෙත්ත අලවා ගන්න. දහය සහ එකොළහ යන ඡායාරූප මඟින් එය ඔබට පැහැදිලි වේවි. දොළොස්වැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ මල පිටුපස පෙනෙන ආකාරයයි. දැන් මල හොඳින් වේළාගෙන අවශ්‍ය පරිදි සරසා ගන්න.
උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී
ප්‍රදීකා විජේසූරිය
2020/09/23 තරුණි බලන්න.