හෝලි වළල්ලක්

දෙසැම්බර් 13, 2021

නිවෙසේ දොර හැඩකරන්නට කඩදාසිවලින් සැකසූ හෝලි වළල්ලකි. මේ සඳහා කොළ වර්ණ දෙකක කඩදාසි, කොළ පාට වූල් හෝ කෝඩ් නූල්, රතු පාට කොළ, ගම්, කම්බි හෝ බට, රතු රිබන් එකක් අවශ්‍ය වේ. බටවලින් හෝ කම්බි භාවිතකර රවුමක් සකසා ගන්න. ඒ රවුම කොළ පාට නූල්වලින් කවර කරගන්න. කොළ පාට කඩදාසි වර්ණ දෙකෙන් ම හෝලි කොළ කපා රවුම වටා අලවන්න. රිබන් එත ලූපයක් සෑදෙන සේ තබා ගැටගසා අලවා ගන්න. කොළ අතරින් පතර රතු රවුම් චෙරි ගෙඩි ලෙස අලවන්න. පියවර මඟින් අත්වා ඇති රූප දෙස බැලීමෙන් මෙය නිර්මාණය කරන ආකාරය පැහැදිලි වේවි.