ආදරයේ හැඩ කියන්න බනී ගෙනා හදවත් මල්

පෙබරවාරි 6, 2023

මේ ආදරවන්තයන් ගේ ආදරණීය මාසයයි. කුඩා පින්තූර රාමුවකට හෝ සුබ පැතුමකට යොදාගත හැකි ආදරණීය නිර්මාණයකි. ඔබේ ආදරණීයයාට තිළිණ කරන්න කදිමයි.

 

සුදු පාට අයිඩා රෙදි

ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණවල කපු

කැරැලි නූල්

රාමුව, කතුර

 

 

 

මෙය අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසා ගන්නේ නම් දළ වශයෙන් සෙන්ටිමීටර් 10.7x15.06 ප්‍රමාණයේ නිර්මාණයකි. අඟලට කොටු 10ක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ.

අඟලට කොටු ප්‍රමාණය මත තෝරාගත් රෙදි වර්ගය අනුව නූල් පොටවල් ගණන තෝරා ගන්න. මෙය ඔබට කොටු ගණන්කර මසාගත හැකියි. රේඛා කළු වර්ණ කැරැලි නූල් පොට දෙකක් භාවිතකර ආපසු මැස්මෙන් මසා ගන්න. ඩොට් මඟින් දැක්වෙන ඒවා සුදු පාට නූල් භාවිත කර ප්‍රංශ ගැට මැස්මෙන් මසා ගන්න.

උපදෙස් හා සටහන - පාලිකා දිල්රුක්ෂි