මනරම් රටාවට කළු හංසයෙක්

මාර්තු 20, 2023

'හංසයෙක්' කිව්ව ගමන් මතකයට නැඟෙන්නේ සුදෝ සුදු රුවක්.... නිල් දිය පොකුණක පිහිනා යමින් දක්වන අපූර්ව වූ රංගනයක්.... ඒත් මේ ඉන්නේ දකින්නට ඉතාමත් දුර්ලභ වූ කළු හංසයෙක්... රතු පැහැති හොට හා කළු පැහැති පියාපත් නිසා අලංකාරයක් ගෙන දෙනවා. බිත්ති සැරසිල්ලකට නම් හරිම අපූරුයි නේද? එහෙමනම් මේ කළු හංසයාට කතිර රටාවෙන් මෙලෙස ජීවය දෙන්න.

 

සුදු පාට අයිඩා රෙදි

ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණවල කපු කැරැලි නූල්

රාමුව, කතුර

මෙය අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසා ගන්නේ නම් දළ වශයෙන් සෙන්ටිමීටර් 31.75 ය 21.95 ප්‍රමාණයේ නිර්මාණයකි. අඟලට කොටු 10ක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ.

අඟලට කොටු ප්‍රමාණය මත තෝරාගත් රෙදි වර්ගය අනුව නූල් පොටවල් ගණන තෝරා ගන්න. මෙය ඔබට කොටු ගණන්කර මසාගත හැකියි. නැතිනම් නිර්මාණයේ මැද සිට මැසීම අරඹන්න. කොටු දහයෙන් දහයට නූල් ඇද ගැනීමෙන් මැසීම පහසු කරයි. රේඛා අදාළ වර්ණ කැරැලි නූල් පොට දෙකක් භාවිතකර ආපසු මැස්මෙන් මසා ගන්න. භාග කතිර මැස්මෙන් මැසිය යුතු කොටස් භාග කතිර මැස්මෙන් මසන්න.

කාල කතිර මැස්මෙන් මැසිය යුතු කොටස් ද ඇත.