පුංචි පුතුට ටෙඩි බෙයාර් තිළිණයක්

මැයි 27, 2024

සියවස් ගණනාවක් ඈත අතීතයකට උරුමකම් කියන කතිර රටා එම්බ්‍රොයිඩරි කලාව අද ලෝකයේ ජනප්‍රියම මැහුම් කලාවයි. ඒත් එක්කම අපේ රටේ කාන්තාවන් වැඩි පිරිසක් මේ සඳහා උනන්දුවන බව පෙනී යනවා. දිනෙන් දින තරුණී දුරකතනයට ගලා එන ඇමතුම් අතර කතිර රටා මෝස්තර ඉල්ලීම් බොහෝයි. ඒ අතර ටෙඩි බෙයාර් නිර්මාණයක් වෙනුවෙන් තිබූ ඉල්ලීම අද අපි මෙලෙස ඉටු කරන්නෙමු.

මෙවැනි නිර්මාණයක් පුංචි පුතාට උපන් දිනයකට තිළිණ කරන්නත් කදිමයි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය -

අඟලට කොටු 10ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි කොටසක්

නොම්මර 18, 24 සිට නොම්මර 26 දක්වා ටැපැස්ට්‍රි ඉදිකටු

අවශ්‍ය වර්ණ කපු කැරැලි නූල්

කතුරක්

 

නිර්මාණය කිරීම

 

කතිර රටා එම්බ්‍රොයිඩරි කලාවට කොටු ගණන් කළ හැකි ඕනෑම රෙදි වර්ගයක් භාවිත කළ හැකියි. එහෙත් අපි වැඩි වශයෙන්ම භාවිත කරන්නේ අයිඩා රෙදිය. මේවා අඟලට 8, 10, 11, 14, 16, 18 හා 20 ආදී වශයෙන් කොටු ප්‍රමාණ අනුව ඇත. එහෙත් අපි කතිර රටා සඳහා වැඩි වශයෙන් භාවිතයට ගන්නේ අඟලට කොටු 10ක් ඇති අයිඩා රෙදිය. මේ කතිර රටාව ප්‍රමාණයෙන් අඟල් 13 x 18.2 එකකි. අද මේ ගෙන එන නිර්මාණයත් එවැන්නකි. මෙම අයිඩා රෙදිවල විවිධ වර්ණ ඇත. එනම් සුදු, කළු, ඇත් දළ පැහැ, දම්, ළා නිල්, ඕෆ් වයිට් ආදී ලෙසය. මේ නිර්මාණය සඳහා සුදු හෝ ඕෆ් වයිට් තෝරා ගත හැකියි. මෙම රෙදි කොටස වියමනක් ලෙස ඇති අතර ඔබට කොටු ගණන් කළ හැකියි.

නිර්මාණය - යමුනා දර්ශනී