හැඩට වැඩට යන්න කදිම බෑගයක් මසමු

ජූලි 15, 2024

විලාසිතා කරන්න කැමැති කාන්තාවන් අතර බෑග් විලාසිතාවලට හිමිවන්නේ ඉහළ තැනක්. විලාසිතා කළත් නොකළත් එහෙ මෙහෙ යන වෙලාවට, ඔෆිස් යන වෙලාවට මෙවැනි අත් බෑගයක් නැතුවම බැහැ. මේ ඔබට ගැළපෙන බෑගයකි. මේ දිනවල පවතින විලාසිතාව ඔබේ කරගන්න උත්සහ දරන ඔබට අපෙන් ලබාදෙන අත්වැලකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

හෑන්ඩ් ලූම් රෙදි හෝ වෙනත්


ඝනකම් රෙදි

ඊවා ෂීට්

නොම්මර - 05 සිපරයක්

වෙළෙඳපොළෙන් මිලදී ගත් හැඬල්

නිර්මාණය කිරීම

පළමුව අප ඔබට ලබා දී ඇති පතරොම් කපා ගන්න. රෙදි, ලයිනින්, ඊවා ෂීට්වලින් රූප සටහන්වල දක්වා ඇති පරිදි සකස්කර ගන්න. පළමුව ඉදිරිපස, පිටුපස බෑගයේ කොටස් දෙක පිළිවෙළින් රෙදි, ඊවා ෂීට් තබා මසා ගන්න. අනෙක් කොටස් ද එලෙස එකතුකර ගන්න. කුඩා රෙදි කොටස් හතරක් කපා හැඬලයේ ලූපයන් ලෙස රූප සටහනේ ඇති පරිදි සකස්කර ගන්න. එවිට කුඩා රෙදි කොටස් හතර හැඬලයේ ලූපයක් ලෙස රූපයේ පරිදි සකස්කර ගන්න. එම කුඩා රෙදි කොටස් හැඬලයට සම්බන්ධකර බෑගයේ කටට තබා මසා ගන්න. සිපර් බෝඩරයේ දිගට නොම්මර 05 සිපරය අල්ලා ගන්න. පළමුව ලයිනින්, දෙවනුව ෂිපර් එක අවසානයේ ෂිප් බෝඩරය ලෙස එකට තබා මසන්න. දැන් බෑගයේ ඉදිරිපස පළුව ගෙන එයට සිපර් බෝඩරය සම්බන්ධ කරන්න. පිටුපස පළුවේ කටට ද එලෙස සිප් බෝඩරය තබා මසන්න. බෑගයේ දෙපස මසන්න. අඩිය කොටස ගෙන බෑගයේ අඩියට තබා මසන්න. ඔබට අවශ්‍ය නම් අලංකාරය සඳහා මසන්න. අලංකාරයක් බෑගයක් ඔබට ලැබෙනු ඇත.

 

රූ රටා - අංජන හිරුෂාන්

 

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී
ඉරේෂා අබේකෝන්