නිදහස පිරුණු නිවෙසක්

සුවහසක් තරුණී පාඨකයන්ගේ ඉල්ලීම් ඉටු කරනා කතිර මැහුම් ඉස්කෝලේ
ඔක්තෝබර් 14, 2024

 

බිත්ති සැරසිල්ලකට ගැළපෙන කදිම නිර්මාණයක් වන මෙය සොඳුරු නිවෙසක අසිරිය මවනා ගෙත්තමකි. හිරුට හිනැහෙන සූරියකාන්ත මලින් පිරි ගෙවත්තද කදිමයි. මේ කතිර රටාවට ජීවය දෙන්න ඔබටත් පුළුවන්. පාසල් යන දියණියන්ටත් මෙය පහසුවෙන් නිර්මාණය කරගත හැකියි. ඔබේ ළඟම මිතුරියකගේ ගෙට ගෙවැදීමේ උත්සවයකට තිළිණ කරන්නත් කදිමයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

අඟලට කොටු 11ක් හෝ 14ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි

නොම්බර 24 හෝ නොම්බර 26

ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණවල කැරැලි නූල්

රාමුව

කතුර

 

නිර්මාණය කිරීම

 

මෙම නිර්මාණය ඔබට කැමැති ප්‍රමාණයකට ගෙත්තම් කිරීමේ නිදහස ඇත. අඟලට කොටු 10 ක් හෝ 11ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය කොටු ගණන් කරමින් ගත හැකිය. කෙසේ වෙතත් තමන් කරන නිර්මාණය අනුව අවශ්‍ය ලෙස වටේට ඉඩ තබා රෙදි කොටස කපාගත යුතුය.

 

උදාහරණ ලෙස වටේට අඟල් 2ක් හෝ 3ක් ඉඩ තබා රෙදි කොටස කපා ගන්න. කොටු 10න් 10ට නූල් ඇදගැනීමෙන් මැසීම පහසු වේ. නැත්නම් නිර්මාණයේ හරි මැද සිට මැසීම අරඹන්න.

රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ.

අඟලට කොටු 14 නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11ක් හෝ 10ක් නම් නූල් පොටවල් 6ම භාවිත කරන්න.

උපදෙස් -

ප්‍රවීණ මැහුම් ශිල්පිනී

පූර්ණා කුලරත්න