බිත්තිය සරසන සුරතල් මැකෝ

ඔක්තෝබර් 21, 2024

සුවහසක් තරුණී පාඨකයන්ගේ ඉල්ලීම් ඉටු කරනා කතිර මැහුම් ඉස්කෝලේ

ඔබේ විවේකය සුන්දරව අර්ථවත් ලෙස ගත කරන්න කතිර මැහුම් කලාව උපයෝගී කරගන්න පුුළුවන්. ඒ වගේම පාසල් යන දියණියන්ටත් අගනා කතිර රටාවක් ගෙත්තම් කළ හැකියි. ක්‍රමානූකූලව, නිවැරැදිව ඉගෙන ගෙන හොඳ ආදායමක් ලබන්නත් පුළුවන්. මේ හරි ලස්සන, යසට කතා කරන මැකෝ කෙනෙකි. පුංචි දුවට, පුතාට අාස හිතෙන ලෙස තිළිණ කරන්න කදිමයි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි කොටසක්

නොම්බර 18 සිට 24 , 26 දක්වා ට්‍රැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණවලින් කපු කැරැලි නූල්

කතුරක්

නිර්මාණය කිරීම

කතිර රටා එම්බ්‍රොයිඩරි කලාවට කොටු ගණන් කළ හැකි ඕනෑම රෙදි වර්ගයක් භාවිත කළ හැකියි. එහෙත් අපි වැඩි වශයෙන්ම භාවිත කරන්නේ අයිඩා රෙදිය. මේවා අඟලට 8,10,11,14,16,18 හා 20 ආදී වශයෙන් ඇති අතර අප භාවිතයට ගන්නේ අඟලට කොටු 10ක් ඇති අයිඩා රෙදිය. ඒ අනුව මෙම නිර්මාණය ඔබට පහසු ප්‍රමාණයට ගන්න. අයිඩා රෙදි වර්ණ සුදු, කළු, ඇත් දළ පැහැ, දම්, ළා නිල්, ඕෆ් වයිට් ආදී ලෙස ඇත. මේ නිර්මාණය සඳහා සුදු හෝ ඕෆ් වයිට් තෝරා ගත හැකියි. මෙම රෙදි කොටස වියමනක් ලෙස ඇති අතර ඔබට කොටු ගණන් කළ හැකියි. එසේ නම් ඔබ මේ අගනා කතිර රටාව මේ ලෙස ගෙත්තම් කරගන්න.