වර්ෂ 2025 ක්වූ January 13 වැනිදා Monday
දුවන නූල නතර කරන මැහුම් සූත්තරේ
එම්බ්‍රොයිඩරි කලාවේ තවත් සාමාජිකයකු ලෙස අපට පන්ච් එම්බ්‍රොයිඩරි (Punch embroidery) කලාව හඳුන්වා දිය හැකියි. මෙම පන්ච් එම්්බ්රොයිඩරි කලාවේදී මූලිකවම අපි Punch needle එකක් භාවිත කරන අතර මෙය සිදුකළ හැක්කේ එම නීඩිල් එක භාවිත කිරීමෙන් පමණි. මෙහි විශේෂත්වය නම් සියලුම නිර්මාණ එම්බ්‍රොයිඩරි කිරීමට ඇත්තේ එකම මැහුම් රටා ක්රමයකි. එමෙන්ම තවත් විශේෂත්වයක් නම් මෙම මැහුම් රටාව මැසීම සඳහා පන්ච් එම්බ්‍රොයිඩර් ඉඳිකටුව පමණක් භාවිත කළ යුතු වේ.
එසේම මෙය ඉතා ආකර්ෂණීය මැස්මක් වන අතර බැලූ බැල්මට ඉතා ලෙහෙසියෙන් මැසිය හැකි මැස්මක් ලෙස ද පෙනේ. නමුත් මූලික කරුණු නොදැන මෙය මැසීම ඉතා අපහසුවේ. අපි පාඩමේදී සාකච්ඡා කරන කරුණු අනිවාර්යයෙන්ම ඒ ආකාරයටම පිළිපැදිය යුතු අතර එසේ නොමැති වුවහොත් මෙය මසාගැනීම ඉතා අපහසු වේ.
එමෙන්ම මෙහිදී ඉතා සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ මැසීම සඳහා රෙදි තෝරා ගැනීමේදී අදාළ රෙදි පමණක් තෝරා ගත යුතුවීමයි. එමෙන්ම නිවැරදි ඉඳිකටුවට අදාළ නූල තෝරා ගැනීම ද ඉතා වැදගත් වේ. නූල් වර්ග තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ ඉඳිකටුවේ සිදුරට ලිහිල් ලෙස දැමිය හැකි නූල් වර්ග තෝරා ගැනීමටයි. අපි ඉදිරියේදී මැස්ම ගැන සාකච්ඡා කරන විට මේ ගැන වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරනු ඇත.
එමෙන්ම මෙම පන්ච් එම්බ්‍රොයිඩරි කලාව මඟින් අපට
බෑග්
කුෂන් කවර
ඇඳුම් අලංකරණය
බිත්ති සැරසිලි නිර්මාණය
යනාදී වශයෙන් තවත් නොයෙකුත් දේ නිර්මාණය කරගත හැකියි.
තවද මෙම පන්ච් එම්බ්රොයිඩරිවලින් කරන ලද නිර්මාණ අතට ඉතාමත් මෘදු (Soft) ලෙස අපට අල්වා බැලිය හැකියි.
මෙම නිර්මාණයේදී විශාල උපකරණ ප්‍රමාණයක් අවශ්‍ය නොවේ. ඒ සඳහා පහසුවෙන් සොයා ගත හැකි උපකරණ කිහිපයක් පමණක් අවශ්‍ය වේ. ඒවා පහත පරිදි වේ.
පන්ච් එම්බ්‍රොයිඩරි ඉඳිකටුවක්
මැසීම සඳහා නූල්
සුදුසු රෙදි වර්ගයක්
එම්බ්‍රොයිඩරි රාමුවක්
කාබන් කොළයක්
ෆැබ්රික් ග්ලූ