පුංචි දෝණිගේ හැඩට

ජනවාරි 13, 2025

අලුත් සැලසුමක් එක්ක අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩ කරන්න ඔයා පටන් ගන්න ඇති. ජීවිතේ මේ මේ දේවල් වෙනස් වෙන්න ඕනේ කියලා හිතිච්ච සමහර දේවල් ටිකක් වෙනස් කරලා බලන්නත් ඔයා තීරණය කරලා ඇති. ඉතින් ඔයාගේ සැලසුම් ලස්සනට සාර්ථක වෙන්න මෙන්න තරුණී අපෙනුත් පුංචි අත්වැලක්.

අදම පුංචි ස්වයං රැකියාවක් විදියට මෙය පටන්ගන්න පුළුවන්.

මේ පුංචි දියණිය හැඩ කළ හැකි අගනා ගවුම් මෝස්තරයකි. මෙවැනි ගවුම් කිහිපයක එකතුවකින් පුංචි ඇඳුම් කඩයක් අරඹන්න.

මේ ඇරඹුම ඔබේ හෙට දවසට ආයෝජනයක්.

 

ඉදිරිපස පළුව:-

මූලික ඉදිරි පළුව පිටපත් කරගන්න. කර AB ලෙසත් උරහිස B ලෙසත් අත්කට CD ලෙසත් ගන්න. B සිට පහළට අවශ්‍ය ඉණ උස ගෙන තිරස් අතර රේඛාවක් ඇඳගන්න. එහි EF යොදන්න. A සිට පහළට අඟල් 1 1/2ක් ගෙන A1 යොදන්න. B සිට C දෙසට අඟල් 1/2ක් ගෙන B යොදන්න. A1, 1B යොදා රූපයේ පෙනෙන පරිදි හතරැස් කර ඇඳගන්න.

 

පිටුපස පළුව:-

 

පිටපළුව ද ඉදිරිපළුව ආකාරයටම ඇඳ ගන්න. A සිට පහළට අඟල් 1ක් ගෙන A1 යොදන්න. B සිට C දෙසට අඟල් 1/2ක් ගෙන B1 යොදන්න. මෙහිදී රූපයේ පෙනෙන ආකාරයට හතරැස් කර ඇඳගන්න. පතරොමට මැහුම් වාසි තබා කපා එය රෙද්දෙන් කපා ගන්න. මෙයට රෙදි වර්ග දෙකක් හෝ එකක් ගත හැකියි. ලයිනින් ද යොදාගත යුතුය.

 

සාය:-

ඉණ ÷ 2× 3 රැළි සමඟ එය ප්ලෙයාර්ඩ් සායක් ලෙස ගන්න. A සිට තිරස් අතට ඉණ ÷ 2×3 ලෙස ගෙන එහි පිළිතුර A සිට ගෙන CB යොදන්න. ගවුමේ ඉණ ඇඳගන්න. රූපයේ පෙන්වා දී ඇත. CB ඉණ රේඛාවේ සිට සාය උස ගෙන වාටිය ඇඳ ගන්න. ඉන් පසුව ලයිනින් කපා ගන්න.

 

අත:-

 

මූලික අත පිටපත් කරගෙන A සිට අත අවශ්‍ය උස ගෙන B යොදන්න. C හා F සිට අඟලක් හෝ අඟල් 1 1/2ක් ගෙන DE යොදා තිරස් අතට රේඛාවක් අඳින්න. මෙය කැප් අතක් වේ. මුදුනට රැලි කර අවශ්‍ය නම් අත කොටස කපා මැද රේඛාවේ B ලක්ෂ්‍යය ළං කර මුදුනින් අඟල් 1/2ක් ඈත් කර අත මුදුන හැඩකර ඇඳගන්න.

අවශ්‍ය පරිදි රිබන්, මල් මසා අලංකාර කරගන්න. පිටුපසට ගැට ගැසීමට පටියක් මසාගන්න.

 

 

උපදෙස් -
ප්‍රවීණ මැහුම් උපදේශිකා ෂර්මිලා රණවීර

 

[email protected]