වර්ෂ 2025 ක්වූ January 20 වැනිදා Monday
හරිම නූල තෝර ගනිමු
ඇඳුම් සදහා නුල් භාවිත කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. වෙළෙඳපළේ නොයෙක් වර්ගයන්ගෙ නූල් බහුලව ඇත. එයින් හොඳම වර්ගයක නූල් තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුයි.
සමහර නූල් වර්ග සේදීමේදී වර්ණය යෑමක් සිදුවිය හැක. එවිට එම වර්ණය ඇඳුම්වලට වැදීමෙන් අපගේ ඇඳුම භාවිත කිරීමට අපහසුවක් විය හැක. එම නිසා හරි නමක් යටතේ ඇති නූල් වර්ග තෝරා ගැනීමට ඔබ අවදානයක් දිය යුතුමය.
අප ඇඳුම් සඳහා භාවිත කරනුයෙ TKT 120 සටහන් වී ඇති නූල් වර්ගයයි.TKT යනු නූලේ ඇති ඝනත්වයයි. එය අප ගේ ඇඳුම් සඳහා වෙනස් කර භාවිත කරනු ලබනවා. බහුල වශයෙන් භාවිත වන්නෙ 120 නූලයි. එම නූල්වලද වර්ග බෙදී ඇත. එනම් කොට්න්, පොලියස්ටර් නයිලෝන් වැනි කොටස්වලට බෙදී ඇත. ඔබට ගැළපෙන නූල් වර්ගය තෝරා ගත යුතුයි.
නූල් ගැන සරලව අප සිතුවාද ඒ තුළ බොහෝ කරුණු අන්තර්ගත වී ඇත. එයින් මඳක් හෝ ඔබ දැනුවත්නම් ඔබට නූල් තේරීම පහසුය. එසේ නොමැතිව ඔබ මිලදීගත් නූල් වලින් මබට යම් ගැටලු මතුවිය හැකියි.
සෑම විටම උත්සහ ගත යුතු මූලිකම කරුණුනම් හොඳම වර්ගයක් තෝරා ගැනීමයි. එවිට බොහෝ ගැටලු මඟහැරෙනු ඇත. මිල අඩුම දේ මිලදී ගන්නවාට වඩා හොඳම දේ තෝරාගැනීම නුවණට හුරුය. මිල අඩුම දේ තුළ ඔබට මුදලත් භාණ්ඩයත් දෙකම නැතිවිය හැකියි. එම නිසා අවදානය හා දැනුවත්කම ඉතාමත් වටී. මේ වන විට වෙළෙඳපළේ නූල් මිල අධිකය. එම නිසා අවශ්‍ය දේ නිසියාකාරව තෝරා ගත යුතුයි.
එමෙන්ම ඔබ නූල් තෝරා ගැනීමේදී රෙදිවල වර්ණයට ගැළපෙන අයුරින් තෝරා ගතයුතුයි. එම නූල් වර්ග ඔබට මිටර් 1000, 2500, 5000 වැනි මීටර්වලින් මිලදී ගැනීමේ හැකියාව ඇත. එය ඔබේ ඇඳුම් සඳහා අවශ්‍ය ප්‍රමාණය අනුව මිලදී ගන්න.
උපදෙස් -
මැහුම් නිර්මාණ ශිල්පිනී
දිලූෂි දසනායක