සිත සතු බලය සවියක් මිස අවියක් කරනොගන්න

ජුනි 12, 2019

 ඔබ ඔබ ගැන දන්නේ මොනවාද? යමෙකු මේ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඔබ ඊට දෙන පිළිතුර කුමක් ද? සැබෑ උත්තරය ‘තමා’ හරිහැටි නොදන්නා බවයි.

ප්‍රකට භෞතික විදුධරයෙක් මෙසේ

පවසා ඇත.

“විශාල නගරයක් වුවත් විනාශ කරන්නට හැකි තරම් පරමාණු ශක්තියක් එක් මිනිසකුගේ සිරුරේ අඩංගුය.”

මතුපිටින් බලනවිට මේ වචනවල එතරම් වටිනාකමක් නැති බව පෙනුණත් එහි යටි අරුත තේරුම් ගැනීමට තරමක අපහසුතාවයක් තිබුණත් එයින් සිතේ බලශක්තිය හුවා දක්වනු ඇත.

අසීමිත බලපරාක්‍රමයක් මිනිස් සිත තුළ පවතී. “අඟල් තුනක දිවෙන් අඩි හයක මිනිසකු මරා දැමිය හැකිය” යන කතාවක් තිබේ.

තමාට මුහුණ පෑමට සිදුවන ඕනෑම ප්‍රශ්නයක්, අභියෝගයක් හෝ බාධාවක් ජය ගැනීමේ ශක්තිය සිත තුළ අන්තර්ගත වී ඇත. මෙම මානසික බලය පසක්කර ගන්නා විට තමා දුර්වලය යන හීනමානය හිරු දුටු පිනි මෙන් වාෂ්ප වී යනු ඇත.

බොහෝ දෙනා සිතන්නට හුරුපුරුදු වී ඇත්තේ පරාජිත, අඳුරු මානසිකත්වයකිනි. මේ දුර්මුඛ හැඟීම ඔබ විෂාදියෙන් (ඵබපඥඵඵ) පෙළෙන රෝගියකු බවට පත්කරන්නට ඉඩ ඇති බව මනෝ විද්‍යාඥයකු වූ සිග්මන් ප්‍රොයිඩ් මෙන්ම කාල්යුංග් සහ ඇඩ්ලර් යන්නන්ගේ ද විශ්වාසයකි.

මෙබඳු කනස්සලු සහිත අඳුරු ආකල්පයන්හි ඔබ තවදුරටත් එල්බගෙන නොසිටිය යුතුයි.

නිරන්තරයෙන්ම තමා පරාජිතයෙක් යැයි සිතන වාරයක් පාසාම තමා නියත වශයෙන්ම පරාජයට පත්වනු ඇත. කිසිම විටෙක මෙම ඍණ ආකල්පය ඔබේ සිත තුළ රෝපණය කරනොගන්න.

ජිවිතය ජය ගත හැක්කේ තමාට තමා තදින් විශ්වාස කරන තරමටය. ජයග්‍රහණය කිරීමට නම් පරාජිත සිතුවිලි මුළුමනින්ම සිතෙන් බැහැර කරන්න. සුබවාදී, ධනාත්මක සිතුවිලිවලින් සිත පෝෂණය කරගැනීමට සෑම මොහොතකම යත්න දරන්න.

එහි අවසන් ප්‍රතිඵල වන්නේ ඔබ ජයටැඹ වෙත ළඟා වීමය.

ඔබ අනෙකාට වඩා දුර්වලය, පහත්ය යන අඳුරු සිතිවිලිවලින් ඔබ වහාම අත්මිදිය යුතුය.

ඔබේ මනස මැනවින් සංවිධානය කරගත් විට එහි අසීමිත බලයක් ඇති බැව් ඔබටම වැටහෙනු ඇත.

එවිට නොසැලී ඉදිරියටම යාම කොතරම් පහසු දෙයක් දැයි ඔබටම වැටහේවි. එවිට විස්මය දනවන හැඟීමක් අත්දැකීමක් වනු නියතයි.

ක්‍රියාශීලීව වැඩකිරීමේ හැකියාව තව තවත් ඔබ සිත තුළ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන්නේය.

ඉගෙනීම් කටයුතුවලදී මුලින්ම සිතිය යුත්තේ තමා ඉතාම හොඳ ඉගෙනීමක් ලබා මනස පොහොසත් කරගැනීමටත් එමඟින් සමාජයට වැඩදායි චරිතයක් බවට පත්වීමටයි. අද අප වැඩිදෙනෙක් මෙම තරගකාරී ජීවන රටාවෙහි ගෙවන්නේ අතිවිශාල පීඩනයකට යටත්වය.

මුදල් පසුපස හඹායන්නාගේ මෙම පීඩනය ඉතාම දැඩිව පවතී. එවැනි අයකුට සැහැල්ලුවෙන් ජීවිතයට මුහුණ දිය නොහැක.

පරිකල්පනය නමැති ශක්තිය හා වටිනා දායාදය මිනිසා සොබාදහමෙන් දායාදකර ඇත්තේ අතිශයින්ම විස්මිත වූ මිනිස් සිත පෙරටු කොටගෙනය.

සිත දියුණු කළ කෙනකුට මෙලොව නොකළ හැකි දෙයක් නැත. තවද එය මිනිස් ප්‍රජාවගේ විනාශයට නොව ප්‍රගමනයට හේතුවක් වේ.

සිත ගැන සිතිය යුත්තේ සිතෙන්මය. වඩාත් සිතිය යුත්තේ තමාගේ සිත ගැනය. තමා තමාගේ සිත ගැන හරිහැටි අධ්‍යයනයක යෙදීමෙන් සිත වටහා ගැනීමට හැකිවනු ඇත. ඔබේ සිත, ඔබව හරි හැටි පාලනය කරගැනීමට ඇති සුවිශේෂී මෙවලමකි.

ඒ ගැන මනාව ගැඹුරින් වටහා ගතයුතුය. තවද සිත මනා පාලනයකින් තොරව ක්‍රියාවට නංවන්නේ නම් මහා විනාශකාරී දේ සිදුවීමට පුළුවන.

ඕනෑම කෙනකුට ජයග්‍රහණයේ ක්ෂේමභූමිය වෙත ළඟාවිය හැක්කේ නිවැරැදිව භාවිත කරන සිතේ බලයෙන්ම පමණකි.

මෙලොව සිටින සෑම අයකුටම බාධක, හිරිහැර, කම්කටොලු උදාවිය හැක. එය ඉතාම ස්වාභාවිකය.

හරිහැටි නිවැරැදිව හඳුනාගත් සිතකට කළ නොහැකි දෙයක් නැත. අවශ්‍ය වනුයේ සිතෙන් ධනාත්මකව වැඩ ගැනීමයි.

සිත හා සිතෙන් වැඩගැනීම පිළිබඳ ලෝපතළ ශ්‍රේෂ්ඨ චරිතයක් වූ මැක්සිම් ගෝර්කි ශූරීන් පවසා ඇත්තේ “ මට මගේ ජීවිතයේ හමුවූයේ නිතර දුක් කරදර, පීඩා හා වදවේදනාවන්ය. එවන් අවස්ථාවලදී මම සිතේ ධෛර්යය ඇතිකර ගනිමි. ජීවිතය නමැති “ගවමඩුව“ පවිත්‍ර කිරීමට මා සිත්හි යෝධ ශක්තියක් හා උද්යෝගයක් ද ඇතිකර ගනිමි.”

බලන්න, ඔහු සිතට දෙන ධනාත්මක උද්දීපනය කොතරම් ද කියා. මෙය අපටත් හොඳ ආදර්ශයක් නොවේද?

යහපත් දේ සිතන විට තමාගේ ජීවිතය යහපත් වනවා පමණක් නොව අනෙකාගේ ජීවිතයට ද කරදරයක් නොවීමත් වැදගත්.ඔබ ඔබ ගැන දන්නේ මොනවාද? යමෙකු මේ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඔබ ඊට දෙන පිළිතුර කුමක් ද? සැබෑ උත්තරය ‘තමා’ හරිහැටි නොදන්නා බවයි. 

යහපත් දේ සිතන විට තමාගේ ජීවිතය යහපත් වනවා පමණක් නොව අනෙකාගේ ජීවිතයට ද කරදරයක් නොවීමත් වැදගත්.