නිසඟ හැකියාවන් ජාත්‍යන්තරයට ගෙනයන්නට වෙර දරන දිරිය දියණිය

අප්‍රේල් 10, 2019

රශ්මි නිමේෂා ගුණවර්ධන දැරිවිය කවුද යන්න හැඳින්වීමට අටුවාටීකා අවශ්‍ය නොවේ. මන්ද මේ දිනවල අපේ රටේ රූපවාහිනී නාලිකා, මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවිවල ද ඇය ගැන නොසෑහෙන්න තොරතුරු ලබාදී ඇති බැවිනි.

කෙටියෙන් කිවහොත් පාදයක ඇඟිලි තුඩු ආධාරයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවලට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උත්තර ලියා විශිෂ්ට සාමාර්ථ 8 ක් ඇතුළුව සාමාන්‍ය සාමාර්ථයක් ලබා උසස් අන්දමින් විභාගය සමත් වූ ශ්‍රී ලාංකේය එකම දිරිය දියණිය ඇය වීමයි.

ලොවට උපන්නේ පුත ඔබ

යම් කිසිවක් පිණිසය සුබ

එසිදු කරන්නට ඉඩ ලැබ

ගත හැකි අකුරින් සිත තබ

අකුරු මහිමය තුළින් හෙළයේ මහා පඬිරුවන ඔවාදුන් මිණි වදන් නෙත ගැටුන දා පටන් මේ දියණිය ‘මම ලොව ජයගනිමි’ යැයි තරයේ සිතට ගත් අදෘෂ්‍යමාන බලවේගයක් ඇති දක්ෂ දරුවෙකි.

රශ්මි නිමේෂා කරලියට එන්නේ 2012 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ජයගත් පසුවයි. ඊට වසර හතකට පසුව නැවතත් ඇය කතාබහට ලක්වන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ දී ලැබූ විශිෂ්ට ප්‍රතිඵලත් සමඟය.

2002 වසරේ දෙසැම්බර් 23 වැනිදා ධම්මිකා පොඩිමැණිකේ ගුරු මෑණියන්ගේ කුස තුළින් සරත් ගුණවර්ධණ ගුරු පියාණන්ට දාව උපන් රශ්මි නිමේෂා උපතින්ම දෙ අත් සහ එක් පාදයක් අහිමිව මෙලොව එළිය දුටු දියණියකි. ඇය ඉගෙනුම ලබන්නේ ඇහැලියගොඩ ජාතික පාසලේය. ඇයගේ වැඩිමහල් සොයුරිය දිල්මි රමීෂා මෙම විදුහලේ ඉගෙනුම ලබන අතර මාපියන් ගුරු වෘත්තියේ නියැළෙන්නේ ද මෙම පාසලේය.

“රශ්මි දුවේ කියන්න ඔබට ඔබ ගැන දැනෙන හැඟීම කොහොමද කියලා.”

 

2019/04/10 තරුණි බලන්න