වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ඉස්සෙල්ලම පොත ලිව්වේ මගේ දුවට

ළඟදි දවසක හමුවුණා මැජික් පොතක්. එය නමින් " Magic In Every Page". මේ පොත ලියන්නේ සචී සේනානායකයි. ඇය ලේඛිකාවක්, කිවිඳියක් හා සිත්තරාවියක්.
1. සචී සේනානායක කියන්නේ කවුද?
මුලින්ම මම එහෙමත් නැත්නම් සචී සේනානායක කියන්නේ කවුද කිව්වොත් මම ඉපදුණේ කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ලස්සන ගමක. ලස්සනම ලස්සන කඳු වළල්ලකින් වටවුණු කුරුණෑගල නගරය මගේ ජීවිතයට බොහොම සමීපයි. මම මේ වෙනකොට මවක්. මගේ ස්වාමියා බැංකු නිලධාරියෙක්. ඔහුට බිරියක් ලෙසද වගකීම් දරනවා. ඒ වගේම වසර 13ක් තේ අපනයන ක්ෂේත්‍රයේ රැකියාවක් කළා. මේ වෙනකොට නම් කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ ආචාර්ය උපාධියේ අවසන් වසරේ ඉගෙනුම ලබනවා.
මගේ ලේඛන ගමනට උත්තේජනයක් ඇති වෙන්න ඇති කරන්න ඇතුගල නගරය පිටිවහලක් වුණා. මම පාසල් ගියේ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලට. පාසලත් ලොකු අත්වැලක් වුණා ලේඛන ගමනේ ඉදිරියට යන්න. මම පාඨකයා අතරට ගිය කවි පොත්වලට ඇතුගල් පුරවරයේ සුන්දරත්වය ද පාදක කර ගත්තා.
2. ලේඛන කලාවේ ආරම්භය සහ වර්තමානය
මම ලේඛන කලාවට පිවිසෙන්නේ අවු.07දී. මගේ පාසල් කාලයේදී "මෝඩ මුවා", " කරුණාවන්ත මදුරුවා" යන කෘති දෙක ලියනවා. මෙම කෘති දෙක ලියන්නේ ලේඛන කලාවට තිබෙන කැමැත්ත සහ සාහිත්‍යයට තිබුණ නැඹුරු බව නිසා. නමුත් මෙම කෘති පළකිරීමක් සිදුවන්නේ නැහැ. උසස් අධ්‍යාපනය හා රැකියාවේ කාර්ය බහුලත්වය හේතුවෙන් ලේඛන කලාව මඟ හැරුණා. ඒ මඟ හැරිලා නැවතී තිබුණ ලේඛන කලාවට ආදරවන්තයා නැත්නම් සැමියා හම්බුණාම එයාගේ මඟ පෙන්වීමෙන් නැවත ලේඛන කලාව ආරම්භ කළා. දියණිය ලැබුණාට පසුවත් මවුපියන් සහ සැමියා බොහෝ කටයුතුවලින් මාව නිදහස් කරලා ලේඛන කටයුතුවලට යොමු වීමට ඉඩ ලබා දුන්නා.
2019 වසරේදී උපන්දින සප්‍රයිස් එකක් විදිහට "තෙලිතුඩින් ලියූ කවි" කෘතිය මගේ සැමියා පළමු ප්‍රින්ට් එක මගේ අතට ගෙනත් දුන්නා. ඒක විශේෂත්වයක් විදිහට එම කෘතියේ පෙරවදන ජැක්සන් ඇන්තනී මහතාගේ සටහනක් එක්ක තමයි පොත මගේ අතට ලැබෙන්නේ. එතුමාව ගෙන්නලා පොත එළිදැක්වීම කරන්න හිතුවත් එතුමාගේ හදිසි මරණය නිසා 2025 වසරේදී එතුමාගේ පුතා වන අකිල ධනුද්දරව ගෙන්වලා පොත එළිදැක්වීම කරනවා. එම කෘතිය ජනතාව අතරට 2025 වසරේදී පත්වෙනවා.
3.ඉංග්‍රීසි පොතක් ලියන්න හේතුව
මම ඉංග්‍රීසි පොතක් ලියන්න හේතුව වුණේ මගේ දියණි එය කතා 21කින් සමන්විත ළමා සුරංගනා කතා පොතක්. මෙහි තියෙන්නේ දුවට ලිව්ව කතා එකතුවක්. මෙය සුරංගනා කතා කියලා කිව්වට මේකෙන් ජීවිතේ ඇතුළාන්තය සරලව ළමා මනසට ගැළපෙන විදිහට ලියලා තියෙනවා. මගේ දියණිය වගේම අනිත් දරුවන්ටත් කියවීමට මම මේ පොත නිර්මාණය කරන්නේ.
4.මිනිස්සු අතරට ගියේ කොහොමද?
මම මුලින්ම පාඨකයා අතරට යන්නේ ළමා ඉංග්‍රීසි පොතෙන්. ඒකෙ තියෙන්නේ ළමා සුරංගනා කතා. ඒක සුරංගනා කතා කියලා ගත්තේ ළමයින් ආස නිසා. නමුත් එහි ගොඩක්ම තියෙන්නේ ජීවිතයේ ගැඹුරු යථාර්ථය ගැන සරලවම.
ළමයින් මූලික කරගෙන ලිව්වත් භේදයක් නැතුවම වැඩිහිටි පාර්ශ්වයත් එයට කැමති වුණා. මේ විදිහට තමා මම පාඨකයා අතරට ගියේ.
5.ලංකාවේ ස්ටෝරි ටෙලින් කියන කතාව සහ ඉදිරි සැලසුම
ළමා කතාවලින් තමා මුලින්ම ලේඛන කලාව පටන් ගත්තේ. පසුව ළමා නවකතා ලිවීම ආරම්භ කළා. මේවා නිකම්ම කතා නෙවෙයි. ළමා වැඩිහිටි ඕනෙම කෙනෙකුට ආදර්ශමත් සහ ජීවිතයට අවශ්‍ය උපදෙස් කතා මඟින් ලබා දෙන්න තමා මට ඕනෙ වුණේ.
6.ඉදිරියට එන නිර්මාණ තියේද? ඒ මොනවද?
මේ වසර තුළදී කාල තරණය කරන කුමාරිකාවක් ගැන කියැවෙන කෘතියක් ජනතාව අතරට එන්න තියෙනවා. ඒ වගේම ඊළඟ වසරේදී වැඩිහිටියන් සඳහා නවකතාවක්. ඒක නවකතාවක් කිව්වට තේ කලාව සහ ඒ මිනිසුන්ගේ හෘද සාක්ෂිය ගැන, තේ කර්මාන්තය පිළිබඳ පර්යේෂණ කෘතියක්. පොත් වල නම් වශයෙන් සඳහන් කළොත්,
* Once Upon A Twisted Time
* Whispers Of The Chills
* ඉන්ද්‍රඛීලයක් සේ යන කෘතින්.
7.කාන්තාවක් විදිහට පොත් ලියන එක අභියෝගයක් ද?
ඇත්තටම කාන්තාවක් වුණු මට ලේඛන කලාව අභියෝගයක් නෙවෙයි. මේක පොඩි කාලෙ ඉඳල මම ආස දෙයක්. නමුත් කාලය සොයා ගැනීම අභියෝගයක් වෙලා තියෙනවා. මගේ ජීවිතේ පවුල සහ දියණිය කියන්නේ අංක 01 ඒ මවක් වශයෙන්. මවුපියන් සහ සැමියා ලබාදෙන සහයෝගයත් එක්ක ලේඛන කලාව මට අභියෝගයක් නෙවෙයි.
8. කවි ලියන්න යොමු වුණේ කොහොමද?
කවි ලියන්න යොමු වුණේ මගේ පාසලෙන්. පාසලේ සාහිත්‍ය උත්සව ගද්‍ය, පද්‍ය තරග බොහෝ ප්‍රමාණයක් පවත්වනවා. ඒ කාලෙ ඉඳලම ලිව්ව කවිවල එකතුවක් තමා "තෙලිතුඩින් ලියූ කවි" කියන පොත. කාලෙන් කාලෙට කවිවල තේමාවන් වෙනස් වුවත් එය නතර නොකර දිගටම ලිව්වා. මේ විදිහට තමා කවි ලිවීමට යොමු වීම සිදුවුණේ.
9. ඔබ චිත්‍ර කලාවක් විදිහට කරගෙන යනවද?
පුංචි කාලෙ ඉඳලම චිත්‍ර අඳින්න ආසයි. ඒක ගොඩක්ම මගේ විනෝදාංශයක් විතරයි. පාසල් කාලයේදී වර්ණ චිත්‍ර ඇඳීම සිදු කරා. ඒත් පසුකාලීනව ගොඩක්ම මම පෙන්සිල් ආට් අඳින එක තමයි කරේ. නමුත් කාර්යබහුලත්වය නිසාම චිත්‍ර අඳින එක නැවතිලා තියෙන්නේ. ඒත් මම මගේ දියණියට චිත්‍ර අඳින්න පුරුදු කරනවා. ඒ වගේම "තෙලිතුඩින් ලියූ කවි" කෘතියේ පිටකවරයට යෙදුවෙත් මගේම අතින් නිර්මාණය වුණ සිතුවමක්. ඒ චිත්‍රය දාන්න හේතුවත් මගේ නිර්මාණයක් නිසාමයි.
අවසාන වරට "තෙලිතුඩින් ලියූ කවි" යන කෘතියේ "ඉතින් දැන් සමුදෙන්න" පද්‍යයෙන් සමුදුන්නට ඇයට කවදාවත් සමුදෙන්න අපිට බෑ. තවත් දවසක හමුවන බලාපොරොත්තුවෙන් අදට තාවකාලිකව සමුදීමක් ඇයට සිදු කරනවා.
"සසර මඟින්
අහම්බෙන්
හෝ යළිත්
වරක්වත්
එපා නුඹ හමුවෙන්න
ඉතින් දැන් නවතින්න
නෙතේ පැටලී වෙළී
නුඹ නිසා දැවි දැවී
භවයෙන් භවයට නුඹේ
සිත සොයා තැවි තැවී
පෙරත් ආ සසර මග
තව තවත් දිගු වෙන්න
එපා යළි හමුවෙන්න...
ඉතින් දැන් සමුදෙන්න..."